Sinhala

DIMO සිය සෞඛ්‍ය සේවා මෙහෙයුම් “DIMO Healthcare” නමින් ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, දේශීය ඖෂධ  ක්ෂේත්‍රයට යොමු වීමත් සමඟම සිය සියලුම සෞඛ්‍ය සේවා මෙහෙයුම් “DIMO Healthcare” නමින් නව මුහුණුවරකින් හඳුන්වා දෙන ලදී.

DIMO දශක 7කට වඩා වැඩි කාලයක් පුරාවට විකිරණවේදය, අක්ෂි විද්‍යාව, ස්නායු විද්‍යාව, හෘදරෝග චිකිත්සාව සහ පිළිකා රෝග යන අංශයන්ට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සපයමින්  රටේ සෞඛ්‍ය සේවා අංශයට සිය උපරිම සහයෝගය දක්වා ඇත. මෙම සේවා තවත් පුළුල් කරමින් DIMO ආයතනය,  මෑතකදී ඖෂධ ක්ෂේත්‍රයට පිවිසෙන ලදී.

සිය උපායමාර්ගික දැක්මට අනුව කටයුතු කරමින් ඖෂධ ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වෙමින් Mansel Ceylon (Private) Limited සහ Associated Laboratories (Private) Limited යන සමාගම් අත්පත් කර ගැනීමටද DIMO කටයුතු කරන ලදී. එම අත්පත් කරගැනීම තුළින් ලොව පිළිගත් ඖෂධ  නිෂ්පාදන ආයතන වන Medochemie Ltd – Cyprus, Grifols Inc – USA, Hetero Ltd – India, PT. Harsen – Indonesia, Hovid Bhd – Malaysia, Geno Pharmaceuticals Ltd – India, සහ Tabros Pharma (Pvt) Ltd – Pakistan සමඟ අත්වැල් බැඳ ගනිමින්, ශ්වසන ආබාධ, ආමාශ ආශ්‍රිත රෝග, අක්මා රෝග, ප්‍රතිජීවක, හෝමෝන ආශ්‍රිත රෝග, හෘද වාහිනී ආශ්‍රිත රෝග, විටමින් සහ අතිරේක, ස්නායු ආබාධ, චර්ම රෝග දක්වා වූ ගැටළු රාශියකට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන 250කට අධික ප්‍රමාණයක් DIMO Healthcare සපයනු ලබයි. මීට අමතරව DIMO Healthcare ඖෂධ අංශය, රට පුරා ඖෂධ බෙදාහැරීම සඳහා දීප ව්‍යාප්ත ජාලයකින් ද සමන්විත වේ.

DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “DIMO Healthcare යන නව මුහුණුවර තුළින්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමේ අපගේ අරමුණ ඉටු කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ සමාගම් දැක්ම තුළින් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විවිධ අංශ ඔස්සේ අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපට හැකියාව ලැබෙනවා.

“ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නවීන තාක්‍ෂණය දේශීය සෞඛ්‍ය සේවා අංශයට ලබාදීමට DIMO Healthcare නිරතුරුවම කැපවී සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් අප නිතරම ලොව පිළිගත් හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට කටයුතු කරනවා.” DIMO හි විධායක අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය සේවා අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

Siemens Healthineers, Carl Zeiss, Draeger යන ලොව ප්‍රකට නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන තුළින්  විකිරණවේදය, අක්ෂි විද්‍යාව, දැඩි සත්කාර අංශය, හෘදරෝග චිකිත්සාව, පිළිකා රෝග, යන අංශයන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමේ ප්‍රමුඛයා බවට DIMO පත්ව ඇත. Boston Scientific, St. Jude, Sony සහ  Codonics යන ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයින් සමඟ එක් වෙමින් DIMO Healthcare මෙරට සෞඛ්‍ය අංශයට වෛද්‍ය උපාංග සපයනු ලබයි.

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි PET ස්කෑනර්, MRI ස්කෑනර් සහ operating microscopes සපයන විශාලතම සැපයුම්කරු ලෙස DIMO Healthcare හඳුන්වා දිය හැකිය. DIMO Healthcare සපයනු ලබන MRI, CT, සහ PET-CT ස්කෑනර් මගින් වසරකට රෝගීන් 525,643 දෙනෙකුට සේවා සපයන අතර, operating microscopes මගින් වසරකට සැත්කම් 213,000ක් සහ රෝග විනිශ්චය පරීක්ෂණ මිලියන 1.5කට වඩා සිදු කරයි. ශ්‍රී ලංකාවට ප්‍රථම Tomotherapy ඒකකය හඳුන්වා දීමේ ගෞරවයද DIMO Healthcare සතු වේ. මෙම වෛද්‍ය උපකරණවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම උදෙසා DIMO Healthcare අසමසම අලෙවියෙන් පසු සේවාවකින් ද සමන්විත වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *