මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70 කට අධිරුධිර පීඩනය හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.
එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 34 යි දශම 8 ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවයි.
අධිරුධිර පීඩනයේ මුල් අවස්ථාවන්හීදි කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර ඇතැම් අවස්ථාවන්හීදි ආඝාතය ඇතිවීමේ තත්වයක් දැකිය හැකි බවයි ඇය ප්‍රකාශ කලේ.
හෘද හා වකුගඩු රෝගීන්ටද මෙය දැඩිව බලපාන බවත් මෙරට සිදුවන මරණ අතරින් සියයට 70 ක් අධි රුධිර පීඩනය හේතුවෙන් සිදුවන බවත් ඇය අවධාරණය කලා.
Recent Comments