Sinhala

ටෝටල් එනර්ජිස්  (TotalEnergies ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  ටෝටල් එනර්ජිස්  (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව  MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති  ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies ) සමඟ හවුල්කාරිත්වයෙන් සිදුකළ මෙගාවොට් 1050ක අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙහි මෙහෙයුම් මිශ්‍රණය (MW 300) වෙනුවෙන් මෙන්ම දැනට ඉදිවෙමින් පවතින (MW 500) හා සංවර්ධනය වෙමින් පවතින ව්‍යාපෘති (MW 250) සඳහා සිය දායකත්වය සපයා ඇති අතර ටෝටල් එනර්ජිස් සමාගම (TotalEnergies ) විසින්  එහි 50% ක කොටසක් අත්පත් කර ගැනීම සඳහා අදානී ග්‍රීන් එනර්ජිස් සමාගමට අනුබද්ධිත ආයතනයක ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

මෙම ආයෝජනයන් සිදු කර ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම සහ ටෝටල් එනර්ජි සමාගම අතර ප්‍රකාශයට පත් කරන ලද  හවුල්කාරීත්වය පිළිබඳ  ගිවිසුමෙන් අනතුරුවය. තවද, ඉන්දියාවේ සූර්‍ය සහ සුළං බල ව්‍යාපෘති අංශ ද්විත්වයෙහිම දැනටමත් ක්‍රියාත්මක වන(MW 300), ඉඳිවෙමින් පවතින (500 MW) සහ සංවර්ධන වෙමින් පවතින  (250 MW) ව්‍යාපෘති රැසකින් සමන්විත MW 1,050 ක බලශක්ති පද්ධතියක්  මෙම හවුල් ව්‍යාපෘතිය  සතුව ඇත.

මෙම සබැඳියාව සමඟ ටෝටල් එනර්ජිස්  විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමඟ පවතින සිය උපායමාර්ගික සැලසුම් සවිමත් කරගෙන ඇති අතර 2030 වසර වන විට  45 GW ධාරිතාවයක්  සක්‍රීය කිරීමේ අදානි ග්‍රීන් සමාගමේ අනාගත ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් ද ඔවුන් සිය  සහාය ලබාදීමට අපේක්ෂා කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *