Sinhala

වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුට හිමි සම්මානය මෙවරත් Halpé Tea හිමිකර ගනී

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්විණි. එහිදී Halpé Tea හි සාඩම්බර මව් සමාගම වන U.H.E. Exports  සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ අතර, තේ සහ තේ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින්  Halpé Tea විසින් මෙම සම්මාන දිනා ගන්නා ලදී.

U.H.E. Exports Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මෙම ජයග්‍රහණයන් පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම කීර්තිමත් සම්මානයන්  අප ආයතනය වෙනුවෙන් හිමිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙනවා.   අප කණ්ඩායමේ නොසැලෙන කැපවීම සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ සහයෝගය පිළිබඳව මෙම සම්මානය කදිම සාක්ෂියක්.  අපගේ ගනුදෙනුකරුවන් වෙත තේ නිෂ්පාදන පිළිබඳව සුවිශේෂී අත්දැකීමක් තිළිණ කර දීම සඳහා තවදුරටත් කැපවීමෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා .”

මෙම සුවිශේෂී සන්ධ්‍යාවේදී තේ සහ තේ නිෂ්පාදන අංශයේ (මධ්‍යම කාණ්ඩයේ) රන් සම්මානය දිනාගැනීමට  Halpé Tea සමත් වූ අතර මෙම ජයග්‍රහණ තුළින් ඔවුන්ගේ තේ නිෂ්පාදන සතු සුවිශේෂී ගුණය මෙන්ම නව්‍ය නිෂ්පාදනයන් වෙනුවෙන් ඔවුන් දක්වන නිර්මාණශීලී දායකත්වය මැනවින් පසක් වේ. එමෙන්ම ගෞරවණීය දිවංගත දේශබන්ධු පැට්‍රික් අමරසිංහ අභියෝගතා කුසලානයෙන් ද පිදුම් ලැබීමට Halpé Tea සමත් විය. NCE හි නිර්මාතෘ දිවංගත දේශබන්ධු පැට්‍රික් අමරසිංහගේ නමින් නම් කර ඇති මෙම කුසලානය මඟින් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායන් පිළිබඳ ඔහුගේ උනන්දුව සහ රටේ අපනයන සංවර්ධනය සඳහා වූ කැපවීම සංකේතවත් කරන අතර වාණිජ මණ්ඩලය විසින් මෙම කුසලානය වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරු සම්මානය ලබන අපනයනකරු වෙත පිරිනමයි.  තවද ,අදාළ අංශයේ හොඳම සමස්ත කාර්ය සාධනය සාක්ෂාත් කර ගන්නා ආයතනයට පිරිනමනු ලබන වසරේ විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපනයනකරුට හිමි සම්මානය ද මෙවර U.H.E. Exports Pvt Ltd  වෙත හිමිවීම සුවිශේෂී කරුණක් වූ අතර ගෝලීය වෙළඳපොල අත්පත් කරගැනීමට  ඔවුන් සතු දක්ෂතාවය සහ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ඔවුන්ගේ කැපවීම මෙම ජයග්‍රහණ ඔස්සේ පිළිබිඹු කරයි.

මෙවර අපනයන සම්මාන උළෙලේ  විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය ඇගයීමේදී ජාතික අපනයන ක්ෂේත්‍ර කෙරෙහි ආයතන දක්වන  දායකත්වය, නව්‍යකරණය සහ ගුණාත්මකභාවය යන කරුණු කෙරෙහි වැඩි අවදානයක් දක්වන ලදී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරමින් විශිෂ්ට කාර්ය සාධනයක් ප්‍රදර්ශනය කරන සමාගම් ඇගයීම සහ ඔවුන් වෙත අවධානය දැක්වීම මෙම සම්මාන උලෙළේ මූලික අරමුණ වේ.  මූල්‍ය කාර්ය සාධනය, අපනයන කාර්ය සාධනය, වෙළෙඳපල සහ නිෂ්පාදන සංවර්ධනය, අගය එකතු කිරීම,  කළමනාකරණ උත්සාහයන්හි ඵලදායී බව, තත්ත්ව කළමනාකරණය හා පරිසර ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කිරීම, සන්නාමකරණය, නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් සහ මානව සම්පත් යන අංශයන් ආදී  ඇගයීම් නිර්නායකයන් යටතේ සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙම සෑම සම්මාන ඇගයීමක් තුළින්ම  Halpé Tea නිෂ්පාදනයන් හිමි  පිළිගැනීම සහ ඔවුන්ගේ ශිල්පීය කුසලතාවය විදහා දැක්වේ. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයන්හි මෙන්ම ඔවුන්ගේ සාර්ථකත්වයේ සුවිශේෂී කොටස්කරුවන් වන සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට, පාර්ශ්වකරුවන්ට සහ සියලු  ප්‍රජාවට  Halpé Tea ආයතනයේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර  විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් තවදුරටත්  කැපවෙමින්  සාර්ථක දිගු ගමනක් යෑමට Halpé Tea ආයතනය අපේක්‍ෂා කරයි.

Halpé Tea සහ එහි සම්මානලාභී නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා  https://www.halpetea.com/ වෙත පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *