Sinhala

Emerald සිය UTILITECH™ එකතුව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald විසින් සිය පෙරළිකාර “UTILITECH™” එකතුව එළිදක්වන ලදී. මෙම එළිදැක්වීම තුළින් ක්‍රියාශීලි පුද්ගලයන් සඳහා සුවපහසු අත්දැකීමක් ලබාදීම උදෙසා Emerald හි කැපවීම පිළිබිඹු කරයි. මෙම එකතුව high-stretch රෙදි යොදාගනිමින් ඉලාස්ටික් බඳ පටියකින් සමන්විතව හැඩය සහ ක්‍රියාකාරිත්වය යන දෙකම බලාපොරොත්තු වන පුද්ගලයින් උදෙසා නිර්මාණය කර ඇත.

සියලු වර්ගවල කාලගුණික තත්ත්වයන්ට සහ  කාර්යාලීය කටයුතු සඳහා වඩාත් සුදුසු මෙම එකතුව water-repellent රෙදි යොදා ගනිමින් නිර්මාණය කර ඇත. UTILITECH™ එකතුව රැලිවලින් තොර වීමට ප්‍රමුඛත්වය ලබා දෙන අතර සෑම කොටසක්ම නැවුම්ව පවතින බව සහතික කරමින් දවස පුරා අලුත් පෙනුමක් ලබා දෙයි. තවද මෙම එකතුව සැහැල්ලු බව සහ පහසුවෙන් වියළීමේ හැකියාව සහිතව 4-Way Stretch Material යොදා ගනිමින් නිර්මාණය කර ඇත.

Emerald, UTILITECH™ පෙළගැස්ම එකිනෙකට වෙනස් ආකාර තුනකින් ඉදිරිපත් කරයි. ‘Tech-chinos’ යනු බහුකාර්ය කලිසම් විලාසිතාවක් වන අතර ඒවා කාර්යාල ඇඳුම් සඳහා කදිම විකල්පයක් වේ. ‘Active Jeans’ උපරිම සුවපහසුව සහතික කරන අතර හැඩකාර සිහින් පෙනුමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත. විවිධ කාලගුණික තත්ත්වයන් යටතේ ක්‍රියාශීලීව සිටින පුද්ගලයින් සඳහා ‘Wind Walker’ නිර්මාණය කර ඇත. කාර්යබහුල වැඩ දිනයකට, විවේකි නිවාඩුවක් සඳහා හෝ  ව්‍යායාම කිරීමේදී මෙය කදිම විසඳුමකි.

“UTILITECH™ එකතුව සමඟින්, පුද්ගලයන් විලාසිතා වෙත ප්‍රවේශ වන ආකාරයේ විප්ලවීය වෙනසක් කිරීමට අපි අපේක්ෂා කරනවා. අපගේ තරුණ ක්‍රියාශීලි පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින්, අති නවීන මෝස්තර, උසස් ද්‍රව්‍ය සමඟින් ඉලාස්ටික් බඳ පටියක් සහිතව  high-stretch රෙදි යොදා ගනිමින්  ඔවුන්ට අසමසම සුවපහසුවකින් යුත් විලාසිතා අත්දැකීමක් ලබා දීමට අප කටයුතු කරනවා” Emerald හි ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී අහමඩ් ඉක්‍රම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

UTILITECH™ එකතුව නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය සඳහා Emerald හි නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. ඔවුන්  නවීන, ක්‍රියාශීලී පුද්ගලයින්ගේ ඉල්ලීම් සපුරාලීම පමණක් නොව, ක්‍රියාකාරී විලාසිතා ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් ද සකස් කරයි. Stylized Bamboo එකතුවේ සාර්ථකත්වයෙන් පසුව එළිදක්වන මෙම UTILITECH™ එකතුව මඟින්, සැමවිටම නව නිර්මාණ වෙළඳපොළට ගෙන ඒමට Emerald දක්වන කැපවීම යළිත් තහවුරු කරයි. “UTILITECH™” එකතුව Emerald වෙළඳසැල්, දිවයින පුරා ප්‍රමුඛ පෙළේ සිල්ලර හවුල්කාර වෙළඳසැල් සහ www.emerald.lk වෙතින් ලබා ගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *