Sinhala

පිරිසිදු බලශක්තිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) තිරසාර හෙටක් වෙනුවෙන් මාර්ගය විවෘත කරයි

පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම  හරිත විප්ලවය අරඹයි.

හරිත හෙටක් වෙනුවෙන් තබන පෙරළිකාර පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින්  අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) වෙත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති ඩොලර් මිලියන 355 ක දැවැන්ත, 234MW පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සඳහා බලශක්ති බලපත්‍රය ලබා දීමට අනුමැතිය ප්‍රකාශ කර තිබේ.

බලශක්ති අර්බුදය, ආර්ථිකමය ගැටලු සහ පාරිසරික හානිය වැනි තීරණාත්මක ගැටලු රැසකට වඩාත් ගැළපෙන තිරසාර  විසඳුම් ලබා දෙමින් පුනර්ජනනීය බලශක්ති ආධිපත්‍යයේ නව යුගයක්  සනිටුහන් කරනු ලබන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විශාලතම ඒකල සුළං බලශක්ති ව්‍යාපෘතිය වේ. මෙම ඩොලර් මිලියන 355 ක 234MW, පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය, තිරසාර විසඳුම් ලබාදීම වෙනුවෙන්  අදානි සමාගම දක්වන පුරෝගාමීත්වය සහ නොසැලෙන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියකි.

පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සහ කාබන් විමෝචනය  අවම කිරීම:

මෙගාවොට් 234 ක සුවිශාල  ධාරිතාවයක් උත්පාදනය කරන මෙම පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය  ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් මෙරට තිරසාර බලශක්තිය පිළිබඳ  බලාපොරොත්තුවේ  පහනක් දල්වනු ඇත.

සුළං බලය සතු පිරිසිදු සහ හරිත ගුණාංග තුළින් කාබන් විමෝචනය අවම කෙරේ.එබැවින් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් සිදුකරන  ගෝලීය ප්‍රයත්නයන්   සමඟ මෙම ව්‍යාපෘතිය ද බාධාවකින් තොරව සමපාත වේ.පිරිසිදු හා  තිරසාරභාවයෙන් ඉහළ අනාගතයක් වෙත ගමන් කිරීම සඳහා අදානි සමාගමේ කැපවීම මේ ඔස්සේ ප්‍රදර්ශනය වේ.

පුනර්ජනනීය බලශක්තිය සමඟ බලශක්ති අර්බුදය විසඳීම:

බලශක්ති සුරක්ෂිතතාව සහ තිරසාරභාවය පිළිබඳ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදයෙන් මහත් පීඩාවට පත්ව ඇත.මෙම පුනරීන් ව්‍යාපෘතිය මඟින් මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉස්මතු වී ඇති බොහෝ ගැටලු සඳහා  විශ්වසනීය  සහ පුනර්ජනනීය විසඳුම් පිරිනමනු ලැබේ. සුළං  බලය උපයෝගී කර ගනිමින් සිදුකරන  මෙම ව්‍යාපෘතිය හරහා  ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රණය විවිධාංගීකරණය කිරීමට, පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමට, බලශක්ති මිල උච්ඡාවචනය වීම පාලනය කිරීමට සහ බලශක්ති  සැපයුම් හිඟය පිළිබඳ  අවදානම් තත්ත්වයන් අවම කිරීමට අපේක්ෂා කෙරේ.

ආර්ථික අස්ථාවරත්වය  මධ්‍යයේ සෘජු විදේශ ආයෝජන (FDI) ඉහළ නැංවීම:

වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයන් හමුවේ, ඩොලර් මිලියන 355 ක මෙම පුනරින් සුළං බලශක්ති ව්‍යාපෘතිය  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නිසැකවම සුබ නිමිත්තක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සෘජු විදෙස් ආයෝජන (FDI) අවස්ථාවක්  අදානි සමාගම විසින් මෙම පරිවර්තනීය ව්‍යාපෘතිය සඳහා  සිදුකර ඇති නිර්භීත ආයෝජනය තුළින් අපට හිමිවන අතර එමඟින් ලොව පුරා ආයෝජකයින් වෙතද විශ්වසනීය පණිවිඩයක් ලබාදෙයි. මෙම ආයෝජනය  මෙරට ආර්ථිකය වර්ධනය කිරීමටත්, රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීමටත්, දේශීය ව්‍යාපාර නඟාසිටුවීමටත්, සවිමත්  පශ්චාත් ආර්ථිකයක් සඳහා අඩිතාලම සැකසීමටත් වැදගත් වේ.

රැකියා සහ සමාජ ආර්ථිකය  සංවර්ධනය කිරීම තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම:

පුනරීන් සුළං බලශක්ති බල ව්‍යාපෘතිය තුළින් විශේෂයෙන්ම උතුරු පළාතේ නව රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කෙරේ.මෙය ආශ්‍රිතව සිදුකෙරෙන ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම් සහ නඩත්තු කිරීමේ කටයුතු  මඟින් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වන අතර එය රටේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබාදෙයි . උතුරු පළාත පාදක කරගනිමින් සිදුකරන මෙම උපායමාර්ගික සැලසුම් හරහා  ප්‍රාදේශීය ජනතාව අතර ප්‍රජාව පිළිබඳ හැඟීම වර්ධනය කරමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් අදානි සමාගමේ කැපවීම අවධාරණය වේ.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් මූලිකත්වය ගැනීම:

සුළඟේ අසීමිත බලය උපයෝගී කරගනිමින් සිදුකරන පුනරීන් සුළං බලශක්ති  ව්‍යාපෘතිය තුළින් මෙරට කාබන් විමෝචනය සැලකිය යුතු මට්ටමකින් අවම කර පිරිසිදු සහ හරිත අනාගතයකට මඟ විවර කරයි. දැඩි පාරිසරික පියවර අනුගමනය කිරීම  සහ ගුණාත්මක  භාවිතයන් සමඟින්, අදානි සමාගම  පාරිසරික බලපෑම අවම කරමින් බලශක්ති ක්ෂේත්‍රයේ වගකීම් සහ තිරසාර සංවර්ධනය සඳහා රන් ප්‍රමිතියක් සකස් කරනු ලබයි. බලශක්ති උත්පාදනය සඳහා  තිරසාර භාවිතයන් ඒකාබද්ධ කිරීම, ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමට සහ අපගේ පරිසර පද්ධතිවල සියුම් සමතුලිතතාවය ආරක්ෂා කිරීමට සිදුකර තිබෙන ගෝලීය ප්‍රයත්නයන් සමඟ සමාන වේ.

පුනරීන් සුළං බලශක්ති  ව්‍යාපෘතිය තවත් එක් බලාගාරයක් පමණක් නොව එය අපේක්ෂාව , දියුණුව සහ හැකියාවන් පිළිබඳ මනා සංකේතයක් ද වේ.  උතුරු පළාතේ  ඇති පසුබිමට එරෙහිව නිර්මාණය වෙමින් දීප්තිමත් සහ වඩාත් තිරසාර අනාගතයක් සඳහා ආලෝකයක් මෙම ව්‍යාපෘතිය හරහා හිමිවේ.  අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ පුරෝගාමීත්වය සමඟින් මෙරට තුළ පිරිසිදු බලශක්තිය සහිත හරිත හෙටක් පිළිබඳ අනාගත අපේක්ෂාවන්  දල්වනු ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *