Sinhala

කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ සඳහා වසරක නොමිලේ නඩත්තු සේවා ඇතුළු තවත් සේවා රැසක් DIMO Agribusinesses වෙතින්

DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගිය මහ කන්නයේදී හඳුන්වාදුන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ගොවිජනතාව අතර බෙහෙවින් ප්‍රචලිතවීමත් සමඟ ගොවි ජනතාවට තවත් ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ සඳහා වසරක කාලයක් සඳහා නොමිලේ නඩත්තු සේවා ඇතුළු තවත් පහසුකම් රැසක් පිරිනැමීමට DIMO Agribusinesses කටයුතු සම්පාදනය කර ඇත.

DIMO සමාගමේ කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses පසුගිය මහ කන්නයේදී Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අරමුණ වූයේ මෙරට ගොවිජනතාව වෙත උසස් තාක්ෂණයෙන් යුත් ට්‍රැක්ටර් රථයක් හඳුන්වාදීම තුළින් දේශීය කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමයි. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුක්ත Mahindra Tractors වෙතින් ගෙනෙන Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය පසුගිය මහා කන්නය අවසානවීමටත් පෙර වාර්තා ගත ලෙස සීඝ්‍ර වෙළෙඳපල වර්ධනයක් අත්පත් කර ගන්න ලදී . මෙම සීඝ්‍ර වෙළෙඳපල වර්ධනයත් සමඟ DIMO Agribusinesses, Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය මිලදීගන්නා ගොවි මහතුන්ට වැඩ කුලී රහිත නඩත්තු සේවා වාර 03ක් සමඟ Mahindra ට්‍රැක්ටර් රථ සඳහාම නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද M Star ජෙනුවින් ඉන්ජින් ඔයිල් මෙම නඩත්තු සේවා වාර තුන සඳහාම නොමිලේ ලබා දෙයි. එසේම නඩත්තු සේවා වාර 06ක් සඳහා උපාංග කට්ටල නොමිලේ ලබා දෙයි.  මේ අනුව බලන කල DIMO ආයතනය   Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය සඳහා වසරක් පුරාවට නොමිලේ නඩත්තු සේවා පහසුකම් පිරිනැමීමට  කටයුතු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රධානී අමිල ද සිල්වා මහතා සඳහන් කළේ “සාමාන්‍යයෙන් ඕනෑම නව කෘෂි යන්ත්‍රෝපකරණයක් වෙළෙඳපලට හඳුන්වා දුන් පසු එහි වෙළෙඳපල  කොටසේ වර්ධනයක් වාර්තා  වන්නේ කන්න කිහිපයකට පසුවයි. නමුත් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය හඳුන්වා දුන් පසුගිය මහ කන්නය තුළදීම එහි වෙළෙඳපල  කොටසේ  සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබීම සුවිශේෂි කරුණක්. Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය සතු විශේෂ තාක්ෂණික අංග, වසර හතරක වගකීම, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය, බහුකාර්ය හැකියාව, නවීන පෙනුම, පහසුවෙන් හැසිරවීමේ හැකියාව, මේ සඳහා හේතු වූ ප්‍රධාන සාධකයන් බව අපිට මෙහිදි සඳහන් කළ හැකියි” බවය.

මේ පිළිබඳ  තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ” Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ තරුණ ගොවි මහතුන් අතර වීමද සුවිශේෂී කරුණක්. මෙම ට්‍රැක්ටර් රථ නඩත්තු සේවා සඳහා සුවිශේෂී ප්‍රතිලාභ ලබාදීමට අපි අදහස් කළේ නඩත්තු පිරිවැය අවම කර මෙරට ගොවි ජනතාවට Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය මිලදී ගැනීම වඩාත් පහසු කිරීම සහ ඔවුන් කරනු ලබන ආයෝජනයට අතිරේක ප්‍රතිලාභයක් ලබාදීම අරමුණු කරගනිමිනුයි. මෙම නඩත්තු ප්‍රතිලාභ තුළින් ගොවි ජනතාවට මීළඟ යල කන්නයේදී  වඩාත් ඵලදායි ලෙස තම කෘෂිකාර්මික කටයුතු සිදු කර ගැනීමට හැකිවේ යැයි  අපි විශ්වාස  කරනවා. මීළඟ පරම්පරාවේ කෘෂිකර්මාන්තය තුළින් ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට DIMO ආයතනය කැප වී සිටිනවා.” ලෙසිනි.

Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය එයටම අනන්‍ය වූ සුවිශේෂී ගුණාංග රැසකින් සමන්විත වේ. 2979 CC ධාරිතාව සහිත එන්ජිම තුළින් එරුම් සහිත කුඹුරකදී මෙන්ම ප්‍රවාහනයේදී ද වැඩි බරක් ඇදගෙන යාමේ හැකියාව මෙය සතු වේ. අශ්ව බල (HP) 44.9 HP කැරකුම්  බලයක් සහිත නවීන Slipto තාක්‍ෂණයෙන් ද මෙය සමන්විත වේ.

මෙහි තිබෙන Synchro shuttle තාක්‍ෂණය සහිතව පැති ගියර්  ලීවර පද්ධතිය සමඟ ඉදිරිපසට වේග 12 හා පසුපසට වේග 12 ඇති බැවින් කුඹුරේදී මෙන්ම ප්‍රවාහනයේදී අවම කාලයක් තුළ අවම ඉන්ධන ප්‍රමාණයක් වැය කරමින් ඉහළ කාර්යක්ෂමතාවයකින් වැඩි වැඩ ප්‍රමාණයක් පහසුවෙන් නිම කළ හැකිය. ඉදිරිපස (9.5*20) සහ පසුපස (14.9*28) මඩ කට්ට සහිත විශාල ප්‍රමාණයේ ටයර් මඟින් පොළව හා ට්‍රැක්ටරය අතර ඇති පරතරය වැඩි කිරීම තුළින් එරෙන කුඹුරුවලත් පහසුවෙන්  හැසිරවීමේ හැකියාව මෙම නවීන ට්‍රැක්ටර් රථයට හිමිවී ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *