Sinhala

පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය  සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා  Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී.   1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි   වැඩි අවධානයක් යොමු කර ඇත. AMW සමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට මෝටර් රථ අලෙවිය සහ සේවා, ලිහිසි තෙල්, බැටරි, ටයර් සහ මූල්‍ය සේවා දක්වා සිය සමාගමේ කටයුතු ව්‍යාප්ත කර තිබෙන අතර Nissan, Yamaha, Suzuki, Renault, සහ Castrol වැනි සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම රැසක මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි.

2008 වසරේ ජූලි මාසයේ සිට AMW සමාගම එක්සත් අරාබිය පදනම් කරගත් මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික් උපකරණ, රක්ෂණ, දේපළ වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම ආදී විවිධ අංශ ඒකාබද්ධ වූ ගෝලීය වාණිජ හා කාර්මික සමූහ ව්‍යාපාරයක් වන Al-Futtaim සමාගමට අනුබද්ධිත Al-Futtaim Engineering (AFE) යටතේ ක්‍රියාත්මක වේ. නව්‍යකරණය සහ ගුණාත්මකභාවය තුළින් පාරිභෝගිකයා වෙත විශ්වසනීය සේවාවක් සැපයීම වෙනුවෙන් AMW  සැමවිටම කැපවී සිටියි.

අලෙවිකරණය, විකුණුම්, උපාය මාර්ග සහ අලෙවියෙන් පසු සේවාව පිළිබඳව වසර 26කට නොඅඩු මනා පළපුරුද්දක් සහිත Bonthuys මහතාට  BMW, Jaguar, Land Rover, Volvo සහ Lucid Electric Vehicles වැනි සුඛෝපභෝගී මෝටර් රථ සන්නාම පිළිබඳ  පුළුල් පසුබිමක්  තිබෙන අතර Honda, Ford, Mazda, Nissan, Renault, සහ Suzuki වැනි ප්‍රධාන සන්නාමයන් පිළිබඳව මෙන්ම BMW, Honda සහ Yamaha ඇතුළු යතුරුපැදි සන්නාම පිළිබඳව ද අත්දැකීම් රැසක් ඔහු සතුවේ.

ඵලදායි නායකත්වයක් සහ උපාය මාර්ගික දැක්මක් පිළිබඳ  ශක්තිමත් ඉතිහාසයක්  Bonthuys මහතා සතුව ඇති අතර ඔහු AMW වෙත නව්‍ය ජීවයක් ලබාදීමට අපේක්ෂා කරයි . AMW හි ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රතිනිර්මාණය කිරීමට මෙන්ම එහි වෙළෙඳපල තත්ත්වය ශක්තිමත් කිරීමේදී විවිධ වෙළෙඳපලවල් වෙත පිවිසීම සහ අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥ දැනුම බෙහෙවින් ඉවහල් වේ. ඒ අනුව සවිමත්බව සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම පිළිබඳ නව යුගයක් Bonthuys මහතාගේ මෙම පැමිණීම තුළින් සංකේතවත් වන අතර එය AMW සමාගමේ  සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

මෙම නව ධූරය පිළිබඳව සිය සතුට පළ කරමින්  Bonthuys මහතා මෙසේ ප්‍රකාශ කළේය . “AMW මෙම සුවිශේෂී නව අදියර වෙත රැගෙන යාමට අවස්ථාව ලැබීම සැබවින්ම විශාල වරප්‍රසාදයක්. පාරිභෝගිකයා  කේන්ද්‍රකරගත්  ප්‍රවේශයන් සහ මෙහෙයුම් විශිෂ්ටතාවය ගැන අප දක්වන අවධානය ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පරිවර්තනයක් සිදුකරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.  ගෞරවය, අඛණ්ඩතාව, සහයෝගීතාවය සහ විශිෂ්ටත්වය (RICE) වැනි අප ආයතනය සතු මූලික වටිනාකම් තුළින් අපට සාර්ථක  අනාගතයක් වෙත මඟ විවර කර ගත හැකියි .”

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයන් සමඟ මෙහෙයුම් පුනර්ජීවනය කිරීමට ඇති කැපවීම AMW හී ප්‍රයත්නයන්  මඟින් මැනවින් පිළිබිඹු කරයි. Bonthuys මහතාගේ නායකත්වය යටතේ පාරිභෝගික තෘප්තියට ප්‍රමුඛත්වය ලබාදෙමින් දිනෙන් දින වර්ධනය වන ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට AMW බලාපොරොත්තු වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *