Sinhala

Suzuki WagonR වාහන 32,000කට වැඩි ප්‍රමාණයක ආරක්ෂාව තහවුරු කිරීම  සඳහා ආරක්ෂිත නැවත කැඳවීමක් පිළිබඳව නිවේදනය කරයි.

ජපානයේ Suzuki මෝටර් රථ සංස්ථාව විසින් එරට Suzuki WagonR මාදිලියේ ඉන්ධන පද්ධතියට අදාළ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂිත නැවත කැඳවීමක් නිවේදනය කරයි.  Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහ තෘප්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ Suzuki වාහනවල එකම බෙදාහරින්නා වන, Associated Motorways (Private) Limited (AMW) මේ සඳහා ක්‍රියාකාරී පියවර ගනිමින් සිටියි.

ඉන්ධන පද්ධතිය තුළ ඇති ඉන්ධන අපිරිසිදු වීම නිසා ඇති වන අවහිරතා නිවැරදි කිරීම හා විශේෂයෙන්ම උපකරණ පොකුරු පැනලයෙහි වැරදි ඉන්ධන කියවීම්  සඳහා ගනු ලබන පියවරක් ලෙස  ආරක්ෂාව තහවුරු කිරීම මෙම ආරක්ෂිත නැවත කැඳවීම තුළින් සිදු කරයි. ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීම සම්බන්ධව අනතුරු හැඟවීමට නොහැකි වීම නිසා එන්ජිම ඇන හිටීමට හේතු විය හැකිය.  Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray යන මෝටර් රථ මෙම බලපෑමට ලක් වූ මාදිලි අතරට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ඇති Suzuki WagonR වාහන 32,500කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම සඳහා බලපෑමට ලක්ව ඇති අතර, ඉන් වාහන 3,800ක් පමණ මේ වන විටත් ආපසු කැඳවා ඒවාට පිළියම් යොදා ඇත. මෙම බලපෑමට ලක් වූ Suzuki WagonR  වාහනවල හිමිකරුවන්ට  https://suzuki.lk/wagonrrecall/index.html වෙබ් අඩවිය  වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර තම වාහනය නැවත කැඳවීමකට ඇතුළත් කර ඇත්දැයි පරීක්ෂා කළ හැකියි. නැවත කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ ඒ ඔස්සේ ඉදිරියට යන ආකාරය පිළිබඳව මෙම වෙබ් අඩවිය ඔස්සේ  වාහන හිමිකරුවන්ට උපදෙස් ලබා දෙනු ඇත.

නැවත කැඳවීම සඳහා තම වාහනය ඇතුළත් කර ඇති බව තහවුරු කිරීමෙන් පසු, නැවත කැඳවීමේ ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කර ගැනීමක් සඳහා  0117 609609 අංකය ඔස්සේ AMW සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙස වාහන හිමිකරුවන්ට දැනුම් දෙයි.  පළමුව පැමිණෙන අයට ප්‍රථම සේවා පදනම මත සම්බන්ධතා මධ්‍යස්ථානය විසින් නිශ්චිතව දක්වා ඇති AMW ස්ථානවල දී පමණක් නැවත කැඳවීම සහ කොටස් ප්‍රතිස්ථාපන කටයුතු සිදු කරනු ලබ‍යි.

අමතර කොටස් ප්‍රතිස්ථාපනය නොමිලේ ලබා දෙන බව AMW විසින් තම පාරිභෝගිකයින්ට සහතික කරන්නේ, Suzuki WagonR හිමිකරුවන්හට සහනයක් වීම ද  අරමුණු කර ගනිමිනි.  ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ තෘප්තිය AMW ප්‍රමුඛත්වයෙහිලා සලකන අතර මෙම ගැටලුව කඩිනමින් සහ කාර්යක්ෂමව විසඳීමට AMW කැප වී සිටියි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *