Sinhala

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තියේ පුරෝගාමියා මෙගාවොට් 200 පසුකරමින් වසරේ විශාලතම සමාජ මෙහෙවර දියත්කරයි

සූර්ය සත්කාරදිවයින පුරා පිහිටි ළමා හා වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගන්වයි.

හේලීස් ෆෙන්ටන්ස් සමාගමට අයත්, දිවයිනේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ පුරෝගාමී සන්නාමය වන හේලීස් සෝලා මෙරට ප්‍රථම වතාවට මෙගාවොට් 200ක සූර්ය ධාරිතාවක් ස්ථාපනය කරමින් තම ගමන් මඟෙහි අති සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකරයි. මෙය මෙරට ඉතිහාසයේ එක් ආයතනයක් මඟින්  සිදුකරන ලද විශාලතම ධාරිතා ජනන ස්ථාපනය ලෙස සැලකෙන අතර, පිරිසුදු පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන් වූ තිරසාර සංවර්ධනයක් කරා සිරිලක ගෙන යන ගමනෙහි දැවැන්ත පියවරක් ලෙස සැලකිය හැක.

මේ වන විට ආසන්න වශයෙන් මෙගාවොට් 900ක් වන ශ්‍රී ලංකාවේ ස්ථාපිත සම්පූර්ණ සූර්ය බලශක්ති ධාරිතාවයෙන් මෙගාවොට් 200ක දැවැන්ත ස්ථාපන ධාරිතාවකට හේලීස් සෝලා හිමිකම් කියයි. ඒ හරහා වාර්ශිකව කිලෝග්‍රෑම් 202,446,520ක කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැළැක්වීමට හැකියාව ලැබෙයි.

මෙම දැවැන්ත ජයග්‍රහණය සමරමින් විශේෂ සමාජ සත්කාර මෙහෙයුමක්, “සූර්ය සත්කාර” යන නමින් දියත් කරමින් දිවයින පුරා වෙසෙන ජනතාව දහස් ගණනකගේ ජීවිත වෙත පරිවර්තනීය වෙනසක් ලඟාකරදීම හේලීස් සෝලා ආයතනයෙහි බලාපොරොත්තුවයි. හේලීස් සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී, මොහාන් පන්ඩිතගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ දියත් කෙරෙන මෙම  වැඩසටහන හරහා දිවයින පුරා පිහිටා ඇති ළමා නිවාස, වැඩිහිටි නිවාස හා විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගැන්වනු ඇත.

“හේලීස් ෆෙන්ටන්ස් සමාගම දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව තුල ධනාත්මක පරිවර්තනයන් ඇති කිරීම සඳහා දායක වී තිබෙනවා”යැයි පවසන හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා තවදුරටත් පවසා සිටින්නේ “ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණුකිරීමට හා ඔවුන්ගේ සුබසාධනයට දායක වීම හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ ආචාර්ය ධර්ම පද්ධතිය තුල ඇති වැදගත් අංගයක්. හේලීස් සමූහයේ සමාජ මෙහෙවරයන්ගෙන් ලැබෙන පන්නරයෙන් ද සවිමත්ව, පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත සමාජ සත්කාර වැඩසටහනක් ලෙස “සූර්ය සත්කාර” වැඩසටහන හැඳින්විය හැකියි. මෙමඟින් ජාතික මෙහෙවරක් ඉටුකරන මෙම  සත්කාර මධ්‍යස්ථාන, සූර්ය බලශක්තියෙන් බලගැන්වීම මෙන්ම, ඒ හරහා එම ආයතන වෙත ඉතිරි වන අරමුදල් එම ආයතනයන්ගේ අනෙකුත් වැදගත් අවශ්‍යතා සඳහා යොදාගැනීමට අවස්ථාව උදාකරදීම ද සිදුවෙනවා.”

“සූර්ය සත්කාර” වැනි වැඩසටහනක් දියත්කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමා සාඩම්බරයට පත්වන බවත්, මෙවැනි වැඩසටහන් හේලීස් සෝලා ආයතනයේ සමාජ මෙහෙවර පිළිබඳ මනා නිදසුනක් සපයන බවත් පවසන හේලීස් සෝලා, විධායක අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී රොශේන් පෙරේරා, “මෙම වැඩසටහනේ අරමුණ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටින විවිධ ප්‍රජාවන් වෙත සූර්ය බලශක්තියේ ප්‍රතිලාභ රැගෙන යාමයි. මෙගාවොට් 200ක සූර්ය බලශක්ති ස්ථාපනයන් සාර්ථකව සිදු කිරීමට හැකිවීම දැවැන්ත ජයග්‍රහණක් වන අතර එම ප්‍රතිලාභ මෙරට අනාගත පරපුර වෙත දායාද කිරීමටත්, ඒ හරහා අපේ රට තුල පරිවර්තනීය වෙනසක් ඇති කිරීමටත් ඇති හැකියාවත් අපට පැහැදිලිව පෙන්නුම් කරනවා” යැයි තවදුරටත් සඳහන් කර සිටියි.

හේලීස් සෝලා ආයතනයේ සාර්ථකත්වයට උරදුන් විශේෂිතම අංගයක් වන්නේ මෙරට පුරා පැතිරී ඇති සේවා ජාලයයි. වර්තමානය වන විට දිවයිනේ සුපතල ආයතන, කර්මාන්තශාලා, ව්‍යාපාර මෙන්ම නිවාස, දහස් ගණනින් සූර්ය බලයෙන් බලගන්වා ඇති හේලීස් සෝලා, මෙරට අංක එකේ සූර්ය බලශක්ති සන්නාමය ලෙස පිළිගැනෙන්නේ ගුණාත්මකභාවයත්, විශ්වාසනීයත්වයත් එක්ව තැනුණු විශිෂ්ටත්වය හේතුවෙනි. ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් හි ලැයිස්තුගත ඉහළ පෙලේ අන්තර්ජාතික සැපයුම්කරුවන් හා එක්ව කටයුතු කරමින් උසස්ම ප්‍රමිතියකින් යුතු උපාංග සම්පාදනය කරන්නාවූ හේලීස් සෝලා ආයතනය තම පාරිභෝගිකයන් වෙත අවශ්‍ය මූල්‍යමය සහාය තම  හවුල්කාරී බැංකු හා මූල්‍ය ආයතන හරහා දීමට කටයුතු කරයි.

වහල මත සවිකරන සෝලා පද්ධති, බැටරි හා ඉන්වර්ටර්, සූර්ය බලයෙන් ක්‍රියාකරන ජල පොම්ප, ආලෝක පද්ධති හා උණුවතුර පද්ධති ඇතුලු විවිධ උපාංග හා සේවා රැසක් සපයන්නාවූ හේලීස් සෝලා, මෙරට අංක එකේ සුර්ය බල සන්නාමය ලෙස හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ හා හේලීස් සමූහයේ ප්‍රෞඪ උරුමය අනාගතයට රැගෙන යයි. මෙගාවොට් 200ක අති දැවැන්ත සන්ධිස්ථානය ඒ ගමන් මඟෙහි වැදගත් ජයග්‍රහණයක් සලකුණු කරයි.

මෙම ජයග්‍රහණය සමරමින් දියත් කෙරෙන්නාවූ “සුර්ය සත්කාර” සමාජ මෙහෙවර හා සම්බන්ධ වීමට ඇවැසි ළමා නිවාස, වැඩිහිටි නිවාස හෝ විශේෂ අවශ්‍යතා සත්කාරක මධ්‍යස්ථාන වේ නම් 0112 102 102 යන අංකය අමතා හෝ www.hayleyssolar.com වෙබ් අඩවියට පිවිස මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක. “සූර්ය සත්කාර” හරහා බලගැන්වෙන  200ක් වන මෙම සුවිශේෂී ආයතනයන් හි සෙවණ ලබන දහස් ගණනක් දෙනා ගේ අනාගතයද එක ලෙස ආලෝකමත් වනු දැකීම, දිවයින පුරා පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත්, මෙරට විශාලතම සූර්ය බල සන්නාමය වන හේලීස් සෝලා හි අභිලාශයයි.

හේලීස් සෝලා

හේලීස් ෆෙන්ටන්ස් සමාගමෙහි පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා, මෙරට ඇති පුනර්ජනනීය බලශක්ති සම්පත් භාවිතයට ඇති හැකියාවන් හා අවස්ථාවන් පුළුල් කරමින් මූලිකවම ගෘහාශ්‍රිත, වාණිජමය හා කාර්මික වෙළඳපොළ වෙත සූර්ය PV පද්ධති ස්ථාපනය සිදුකරයි. මේ වනවිට දිවයින පුරා මෙගා වොට් 200ක සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කර ඇති හේලීස් සෝලා ආයතනය, වර්තමානය වන විට ඉංජිනේරු ප්‍රසම්පාදනය හා ඉදිකිරීම් (EPC) යන ක්ෂේත්‍රයන්ගේ අවිවාදිත නියමුවා බවට පත්ව ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *