Sinhala

Groundworth Partners හෝකන්දර දී Groundworth St. Katherine Gardens එළිදක්වයි

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Groundworth Partners විසින් සිය නවතම  ව්‍යාපෘතිය වන හෝකන්දර පිහිටි Groundworth St. Katherine Gardens හි අලෙවි කටයුතු ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මඟින් පාරිභෝගිකයන් හට දැරිය හැකි මිලකට St. Katherine Gardens හි වටිනා බිම් කොටසක් මිලට ගැනීමට අවස්ථාව ලබා දෙයි. දැනට බිම් කොටස් 18ක් ඉතිරිව ඇති අතර පර්චසයක මිල රුපියල් මිලියන 1.595 කින් ආරම්භ වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth Partners හි කළමනාකාර අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. “අපගේ කණ්ඩායම ඉඩම් සංවර්ධනය කිරීමට පමණක් නොව දේපල වෙළඳාම් වල කල්පවත්නා වටිනාකමක් ඇති කිරීමට කැපවී සිටිනවා. එසේම අපි දැඩි නිර්ණායක මත පදනම්ව ඉඩම් තෝරා ගනු ලබනවා. මෙහිදී ඔබ සඳහා ප්‍රමුඛ ස්ථානයක් තෝරා ගැනීම අප සතු වගකීමක්. එබැවින් අපි අවම වශයෙන් අඩි 20 ක පළලකින් යුත් ප්‍රවේශ මාර්ගයක් ඇති සහ සියලු පහසුකම් වලට ආසන්නව පිහිටි ඉඩම්, අප ව්‍යාපෘති සඳහා භාවිතා කරනවා. එසේම නිරවුල් ඔප්පු මඟින් හිමිකාරිත්වය තහවුරු කරන අත‍ර සුමට ආයෝජන ක්‍රියාවලියක්  සහතික කරනවා. තවද කාලයත් සමඟ අගය වැඩිවන ඉඩමක් තෝරා ගැනීම අප විසින් සිදුකරනු ලබනවා. මේ සියලු කරුණු සපුරාලන දේපල වෙළෙඳාම් අවස්ථාවන් සොයා ගැනීම අභියෝගාත්මක වුවත් අප කණ්ඩායම කෙරෙහි මට විශාල විශ්වාසයක් තිබෙනවා. ඉදිරියේදීත් නව වටිනා ව්‍යාපෘති  රැසක් කොළඹ මූලික කරගෙන ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා”

අංක 85, හොරහේන පාර, හෝකන්දර නැගෙනහිර යන ස්ථානයේ  Groundworth St. Katherine Gardens පිහිටා ඇති අතර අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවෙන් සහ හෝකන්දර නගරයේ සිට මිනිත්තු 3 ක් වැනි කෙටි කාල සීමාවකදී Katherine Gardens වෙත ලඟා විය හැකිය. එමෙන්ම තලවතුගොඩ නගරයට මිනිත්තු 5කින් ද, කොට්ටාව, මාලබේ සහ මහරගම නගර වලට මිනිත්තු 10 ක් ඇතුළත ලඟා විය හැකිය. ජලය, විදුලිය, ජලාපවහනය සහ අඩි 20 ක පළලකින් යුත් ප්‍රවේශ මාර්ගයක්  වැනි අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ඇතුළුව මෙම ව්‍යාපෘතිය නිර්මාණය වී ඇත.

St. Katherine Gardens හි ඉහළම තත්වයේ යටිතල පහසුකම් වලින් සපිරි ප්‍රාදේශීය සභා රෙගුලාසිවලට අනුකූලව ගොඩනැගිය හැකි බිම් කොටස් ඇතුළත් වේ. වටිනා ආයෝජන අවස්ථාවකට අමතරව St. Katherine Gardens ආරක්ෂිත සහ වැදගත් ප්‍රජාවකින් සමන්විත වේ. නවීන කාපට් මාර්ග, නිසි ජලාපවහන පද්ධති සහ ගේට්ටු සහිත භූමි ප්‍රදේශය, නිවැසියන්ට සාමකාමී සහ ආරක්ෂිත පරිසරයක් සපයයි. 

වැඩි විස්තර සඳහා www.groundworthpartners.com/property/st-katherine-gardens-hokandara/ වෙබ් අඩවිය වෙත හෝ 0777 450 050 දුරකථන මාර්ගය ඔස්සේ අප හා සම්බන්ධ විය හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *