Sinhala

2024 වසරේදී ප්‍රමුඛතම HIKSEMI සන්නාමය සඳහා ඉහළම දායකකත්වය සැපයූවන් අගයමින්  IT Gallery  2024 වාර්ෂික හවුල්කාර සමුළුව පැවැත්වේ

IT Gallery වාර්ෂික හවුල්කාර සමුළුව ආරම්භයේ සිටම නවෝත්පාදනය සහ නව සම්බන්ධතා වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපල තුළ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත වීම කෙරෙහි බෙහෙවින් වැදගත් අවස්ථාවක් විය.  2024 වර්ෂය වෙනුවෙන් පැවැති වාර්ෂික හවුල්කාර සමුළුවේදී HIKSEMI සන්නාම හවුල්කාරීත්වය සිහිපත් කරමින් දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් ඇගයීමට IT Gallery ආයතනය කටයුතු කරන ලදී.  IT Gallery Computer (Pvt) Ltd, මීට වසර 04කට පමණ පෙර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද HIKSEMI සන්නාමයේ මෙරට ප්‍රධාන බෙදාහරින්නා ලෙස   කටයුතු කරයි.

මෙරට IT Gallery – HIKSEMI ව්‍යාපාරය වෙනුවෙන්  2023 වසරේ සිට මේ දක්වා  සුවිශේෂී දායකත්වයක් සපයන ලද හවුල්කරුවන් තිදෙනාට උපහාර දැක්වීම මෙම සමුළුවේ මූලික අරමුණ වූ අතර එය බෙදාහරින්නන්ගේ ජාලය සවිමත් කරමින් සහයෝගීතාවය තවදුරටත් දිරිගැන්වීමට  කදිම අවස්ථාවක් විය. මෙහිදී  PCIe 4.0 NVMe SSD Future Pro සහ Future Lite, Future DDR5, Gaming Solution, Surveillance SSD V300X, High-Speed Micro SD NEO LUX, Professional Camera SD Capture E Series, Portable NVMe SSD Elite series, මෙන්ම SSD USB Ultra ඇතුළු නව නිෂ්පාදන රැසක් ද  එළිදැක්වීම විශේෂත්වයකි.

HIKSEMIහි දකුණු ආසියාවේ විකුණුම් කළමණාකරු වන බ්‍රයන් මහතා ඔහුගේ අදහස් මෙසේ එකතු කළේය. “අපගේ ප්‍රමුඛතම හවුල්කරුවන් තිදෙනාගේ කැපවීම සහ ජයග්‍රහණයන් මෙම සුවිශේෂී අවස්ථාවේදී  ඇගයීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු  වෙනවා.  ශ්‍රී ලංකාවේ IT Gallery – HIKSEMI ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන්  ඔවුන් දක්වන කැපී පෙනෙන දායකත්වය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.  මෙය ඇගයීම් උත්සවයක්  පමණක් නොවන අතර ශක්තිමත් නව සබඳතා ගොඩනඟා ගැනීමට ද මෙම අවස්ථාව  බෙහෙවින් ඉවහල් වෙනවා.

IT Gallery Computers (Pvt) Ltd හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.“2011 වසරේ තොරතුරු තාක්ෂණික උපකරණ  බෙදාහැරීමේ වෙළෙඳපල වෙත ප්‍රවේශ වූ දා සිට අද දක්වා අපි Hikvision, Lenovo, Ezviz, Pantum and EAST ඇතුළු  පුළුල් පරාසයක විහිදුණු වෙළෙඳ සන්නාම රැසක් සඳහා බෙදාහැරීම් සේවාවන් සපයන ප්‍රධාන ආයතනයක් ලෙස වර්ධනය වී තිබෙනවා.අපගේ හවුල්කරුවන් අප ආයතනයේ විශිෂ්ටත්වය පිළිබඳ  සුවිසල්  විශ්වාසයක් ගොඩනගා ගෙන ඇති අතර, ඒ ඔස්සේ ඔවුන් වෙත සහය ලබාදීමට සහ අපගේ වෙළෙඳපල  පුළුල් කරගැනීම සඳහා අප දක්වන කැපවීම මැනවින් අවධාරණය වෙනවා.”

ආකර්ෂණීය  නව නිෂ්පාදන රැසක් මෙම සමුළුවේදී එළිදැක්වූ අතර හවුල්කරුවන්ගේ ජයග්‍රහණයන් සමරමින් සහ මෙරට වෙළෙඳපල තුළ අඛණ්ඩ සහයෝගීතාවය සහ වර්ධනය වෙනුවෙන් අගනා වේදිකාවක් නිර්මාණය කරමින් 2024 වසරේ IT Gallery – HIKSEMI හවුල්කාර සමුළුව අති සාර්ථක ලෙස නිමාවට පත්විය. අනාගතයේදී ද මෙවැනි සාර්ථක හවුල්කාරිත්වයන් සහ නවෝත්පාදනයන් ඉදිරියට පවත්වාගෙන යාමට IT Gallery අපේක්ෂා කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *