Sinhala

ජලජ පරිසරයේ ආරක්ෂා වෙනුවෙන්  Varun Beverages Lanka (PVT) Ltd විසින් වෑවිට වැව ආරක්ෂිතව පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ වෑවිට වැව පිරිසිදුකිරීමේ වැඩසටහනක් සාර්ථකව අවසන් කරන ලදී. පාරිසරික තිරසාරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් Varun Beverages Lanka (Pvt) Ltd සමාගමේ කැපවීම මෙහිදි ඉස්මතු විය.මෙම වැඩසටහන සඳහා පළාත් පාලන ආයතනවල සහයෝගීත්වය හිමි වූ අතර පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථක අන්දමින් අවසන් කරමින් වෑවිට වැව යථා තත්ත්වයට පත්කිරීම මෙහිදි සිදුවිය.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka (Pvt) Ltd හි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ පැවසීය.” මෙම වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. පරිසරය ආරක්ෂා කිරීම Varun Beverages Lanka (Pvt) Ltd අපගේ මූලිකම කාර්යයක් වන අතර ප්ලාස්ටික් දූෂණය නිසා සිදු වී තිබෙන බලපෑම හා අභියෝග වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපි නිරතුරුව කැපවී සිටිනවා. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් හරහා අපගේ මිනිස් ප්‍රජාවට මෙන්ම සමස්ත ලෝකයටම ධනාත්මක බලපෑමක් ඇතිකිරීම අපගේ මූලික අරමුණයි.”

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා Varun Beverages Lanka (Pvt) Ltd හි ස්වෙච්ඡා කණ්ඩායමක් සහභාගී වූ අතර මේ සඳහා පළාත් පාලන ආයතනවල උපකාරය ද හිමිවීම සුවිශේෂි කරුණකි. වෑවිට වැවේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙම වැඩසටහන හරහා සාර්ථකව ඉවත් කරන ලද අතර එමඟින් ජලජ ජිවින්ට තවදුරටත් හානිවීම හා ජලයේ ගුණාත්මකභාවය පිරිහීම අවම වනු ඇත. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනට අමතරව වැව ඉවුර ආශ්‍රිතව කුඹුක් ගස් සිටුවා අනාගතයේ දී වැව යළිත් අපවිත්‍රවීම වැළැක්වීම වෙනුවෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මෙහිදි සිදුවිය. එමඟින් කුඹුක් ගස් පසට ස්ථාවර වීම හරහා ඛාදනය අවම වන අතර , වැව සඳහා සෙවණ සැපයීම , වන සතුන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම මෙමඟින් සිදුවිය.

Varun Beverages Lanka (Pvt) Ltd පරිසර ආරක්ෂණය වෙනුවෙන් ඇති කැපවීම මෙම වැඩසටහන හරහා මැනවින් නිරූපණය කරනු ලබයි. ඔවුන් විසින් පරිසර හානිය අවමකිරීම මෙන්ම පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පියවර ගැනීමට කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන පියවර ගනිමින් ඒ සඳහා අනෙකුත් ආයතන හා ව්‍යාපාර පෙළඹවීම Varun Beverages Lanka (PVT) Ltd හි මූලික අරමුණයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *