ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය. වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින් තව තවත් තහවුරු වෙයි. පසුගිය අභියෝගාත්මක කාල වකවානුවේ දී පවා ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවට සහනයක් සහ ශක්තියක් වෙමින් ඔවුන්ව බලගන්වන්නට කළ කැපකිරීම මෙම ගෞරව සම්මාන තුළින් වඩා වඩාත් ඇගයීමට ලක්විය.
දශක දෙකකට වැඩි කාලයක සිට පැවත එන සිය උරුමය සමඟ පාරිභෝගික ජනතාවට ඉහළ සේවාවක් ලබා දෙමින් ඉදිරියට යන Diva සන්නාමය, උසස් තත්ත්වය, සාධාරණ මිල සහ විශ්වාසනීයත්ව යන මූලික ගුණාංග මත පදනම්ව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා නිවැරදිව සපුරාලීමට ගුණාත්මක නිෂ්පාදන සපයයි. රටේ ප්‍රධානතම අලෙවිකරණ ආයතනයක් වූ ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ එක්ව සංවිධානය කළ Effie සම්මාන උළෙලේ දී සිය පාරිභෝගිකයන්ට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම වෙනුවෙන් Diva සන්නාමයේ කාර්යසාධනය ඇගයීමට ලක්විය.
ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දැක්වූ ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකරු (Diva සන්නාමය), නාමල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, “අප සන්නාමය ආරම්භ කළ දා පටන් මේ දක්වා අපත් සමඟ විශ්වාසයෙන් සිටින සියලු පාරිභෝගික ජනතාවට මේ සම්මානය ඉතාම සතුටින් පුදකරන්න කැමතියි. අපගේ සාර්ථකත්වයේ රහස ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ සහයෝගයයි. අපි ඉදිරියටත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් අනුව වඩාත් හොඳ සේවාවක් ලබාදීමට කැපවී සිටිනවා.” යනුවෙනුයි.

නිෂ්පාදනයේ විශිෂ්ටත්වයට අමතරව දිවයින පුරා විසිරී සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට Diva සන්නාමය සැමදා ඇප කැපවී සිටිනවා. Diva හි සන්නාම අරමුණෙහි කොටසක් වන ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන තුළින් කාන්තා ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාර සහ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය දැනුම සහ හැකියාවන් ප්‍රවර්ධනය කරමින් කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගැන්වීමට Diva කැපවී සිටියි. ඔවුන්ගේ පවුල්වලට මෙන්ම ඔවුන්ට ද තම ස්ව උත්සහයෙන් ඉදිරියට පැමිණීමට දිරිය දෙන ‘Diva දෑතට දිරියක්’ වැඩසටහන රටපුරා නොනවත්වා පැවැත්වීමට Diva ඉදිරිපත් වෙයි.
සිය ජයග්‍රහණය සතුටින් සමරන Diva ඉදිරියටත් උසස් තත්ත්වයෙන් යුතු ගුණාත්මක නිෂ්පාදනයන් ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමට නොපමාව කැපවෙන අතරම රටපුරා විසිරී සිටින ප්‍රජාවගේ ජීවිතවලට සාධනීය අර්ථවත් බලපෑමක් සිදුකරන වැඩසටහන් ද නොකඩවා පවත්වා ගැනීමට Diva අදිටන් කරයි.
Hemas Consumer Brands පිළිබඳව
60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.
Recent Comments