ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

Mic
By Mic
5 Min Read

වාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ ප්‍රමුඛ නාමයක් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම, සිය 30වැනි සංවත්සරය සමරමින් “Toyota LIFE Grand Reveal” උළෙලේදී 2025 ටොයෝටා නවතම වාහන පෙළ නිල වශයෙන් එළිදැක්වීය. මෙම සුවිශේෂී අවස්ථාව 2025 ජූලි 8 වන දින කොළඹ Monarch Imperial හිදී පැවැත්වුණු අතර, ව්‍යාපාරික හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයින් ඇතුළු පුද්ගලයින් 600කට වඩා වැඩි පිරිසක් මේ සඳහා එක් වූහ.

සැමදෙනා නොඉවසිල්ලෙන් බලාසිටි නවතම ටොයෝටා මාදිලි 21ක් ඇතුළත් මෝටර් රථ පෙළ හඳුන්වාදීම මෙම උත්සවයේ විශේෂතම අවස්ථාව වූ අතර මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම වාහන එළිදැක්වීමයි. පැමිණ සිටි සැමට මෙම නවීන වාහන දැකබලා ඒවායේ පහසුකම් අත්වින්දීමටද මෙහිදී අවස්ථාව හිමිවිය. ශ්‍රී ලංකාවේ ගමනාගමනයේ අනාගතය හැඩගැස්වීමට සමාගම දරන උත්සාහය මෙතුළින් මනාවට විදහා දැක්විණි. මෙරට නවතම ටොයෝටා වාහන බෙදාහැරීමේ බලයලත් එකම නියෝජිතයා ලෙස, නවීන හා තිරසාර ගමනාගමන විසඳුම් හරහා ජනතාවගේ දෛනික ජීවිතය වඩාත් පහසු කරමින් “Happiness for All” යන ටොයෝටා හි මෙහෙවර සැබෑ කිරීමට ටොයෝටා ලංකා සමාගම කැපවී සිටී.

මෙම උත්සවයට, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා, Toyota Motor Asia හි විධායක උප සභාපති Kazunari Iguchi මහතා, Toyota Tsusho Corporation හි අංශ ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී Shigeru Harada මහතා, සහ Toyota Tsusho Asia Pacific හි ආසියානු කලාපීය අංශ ප්‍රධානී Akio Ogawa මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

උත්සවයේදී සිය අදහස් දක්වමින් Akio Isomata මහතා මෙසේ පැවසීය: “පසුගිය වසර 30 පුරා, ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ටොයෝටා ලංකා සමාගම හට හැකිවී තිබෙනවා. තවද සිය දීපව්‍යාප්ත 20කට අධික ශාඛා ජාලය හරහා කුසලතා වැඩි දියුණු කිරීමට සහ ව්‍යාපාර කළමනාකරණය සඳහා Kaizen දර්ශනය සහ තවත් නවීන ක්‍රමෝපායන් ද හඳුන්වාදීමට ඔවුන් කටයුතු කළා. මෙම උත්සාහයන් තුළින් සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමටත්, කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කරමින්, ශිල්පීය හැකියාවන් සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමටත් ටොයෝටා ලංකා සමාගම සමත් වෙලා තියෙනවා.”

Toyota Motor Asia හි විධායක උප සභාපති Kazunari Iguchi මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “ටොයෝටා හි අපගේ අරමුණ වන්නේ දෛනික ජීවිතය පහසු කිරීමට නව්‍ය හා තිරසාර ගමනාගමන විසඳුම් හඳුන්වා දීමයි. තවද ඕනෑම වෙළඳපොළකට සරිලන අයුරින් ආරක්‍ෂිත සහ සුවපහසු වාහන ලබාදීමට ටොයෝටා අඛණ්ඩව කැපවී සිටිනවා.” අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද ගුණාත්මකභාවය පවත්වා ගැනීමට ටොයෝටා ලංකා සමාගම දක්වන කැපවීම ඔහු වැඩිදුරටත් අවධාරණය කළ අතර, Customer Delight Excellence Award (CDEA) කිහිප වතාවක් දිනා ගැනීමෙන් එහි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව ද ඔහු ඉස්මතු කළේය.

Toyota Tsusho Corporation හි අංශ ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී Shigeru Harada මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය: “වාහනවල පහසුකම් අඛණ්ඩව වැඩිදියුණු කරමින් මිනිසුන්ට සහ සමාජයට ප්‍රීතිමත් ගමනාගමන අත්දැකීමක් ලබාදීමට ටොයෝටා නිරන්තරයෙන් කටයුතු කරනවා. එපමණක් නොව ව්‍යාපාරික සහ පුද්ගලික යන අවශ්‍යතා දෙකටම සරිලන ආරක්‍ෂිත සහ සුවපහසු විසඳුම් ලබාදීමටත් Toyota Tsusho සහ ටොයෝටා ලංකා සමාගම වන අපි කැපවෙලා සිටිනවා.”

මීට අමතරව, ටොයෝටා ලංකා සමාගමේ සභාපති Sachio Yotsukura මහතා, ශ්‍රී ලාංකික ජනතාවට සතුටින් ගමන් බිමන් යාමට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන එකම ගමනාගමන සහකරු වීමේ සමාගමේ දැක්මද මෙහිදී අවධාරණය කරන ලදී.

ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා, රැස්වීම අමතමින් මෙසේ පැවසීය: “ටොයෝටා ලංකා අපි අපගේ දිවයින පුරා විහිදුණු 20කට අධික ශාඛා ජාලය හරහා, ගෝලීය ජපන් තාක්ෂණය සහ විශේෂඥ සේවාවන් මෙරටට ගෙන එනවා. ශ්‍රී ලංකාවේ නිවර්තන තත්ත්වයන් සහ ආර්ථික යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති, වඩාත්ම පුළුල් වාහන පෙළ මෙලෙස හඳුන්වා දීමට හැකිවීම අපිට ආඩම්බරයක්. එපමණක් නොව තාක්ෂණික වශයෙන් දියුණු, අපගේ දේශීය පරිසරයට ගැළපෙන විශ්වාසනීය, ප්‍රායෝගික සහ තිරසාර මාදිලි ලබා දීමට අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නැවත අර්ථකථනය කරන, අනාගතයට සරිලන ගමනාගමන පද්ධතියකින් යුක්ත, අපගේ මෙතෙක් විශාලතම වාහන පෙළ එළිදැක්වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙමු.”

මෙම උත්සවය විනෝද ක්‍රියාකාරකම්, සංවාද හා සම්බන්ධතා ගොඩනැගීමේ අවකාශයන් සහිතව, ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැගීමට උපකාරී විය. තවද මෙම සන්ධිස්ථානය ටොයෝටා ලංකා සමාගමේ පසුගිය දශක තුනක ජයග්‍රහණ සිහිපත් කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ගමනාගමන කර්මාන්තය ඉදිරියට ගෙන යාමේදී සමාගමේ අඛණ්ඩ නායකත්වය ද නැවත තහවුරු කරයි.

Share This Article