
නවීනතම ටොයොටා වාහනවල බලයලත් අලෙවි නියෝජිත ආයතනය සහ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නාමයක් වන ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම, Regional Product Exposium 2025 වත්තල ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට Toyota Motor Asia ආයතනය, සිංගප්පූරුවේ Toyota Tsusho Asia Pacific, ආයතනය, තායිලන්තයේ නියෝජිතයින් පිරිසක් සහ කාම්බෝජය, ලාඕසය, භූතානය, නැගෙනහිර තිමෝරය, නේපාලය යන රටවල ස්ථාපිත ටොයොටා නියෝජිත ආයතන වල නිළධාරීන් ඇතුළු 20 කට අධික පිරිසක් එක් වූහ.
ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා විහිදුණු ශාඛා 20 කට අධික ජාලයක් හරහා වාහන අලෙවිය, ගුණාත්මක අලෙවියෙන් පසු සේවා, ටොයොටා Genuine අමතර කොටස්, ටොයොටා මෝටර් ඔයිල් ඇතුළු විවිධ නිෂ්පාදන සහ සේවා රැසක් ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයින් වෙත සපයයි. ටොයොටා සමාගම, ටොයොටා Genuine නිෂ්පාදන සහ සේවා සැපයීමේ දශක ගණනාවක අත්දැකීම් උපයෝගී කරගනිමින්, මෙම වැඩසටහන ටොයොටා Genuine මෝටර් ඔයිල් සහ අමතර කොටස් අලෙවි නියෝජිත මෙහෙයුම්වල තාක්ෂණික විශේෂඥතාවය සහ හොඳම භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරමින් දැනුම බෙදාගැනීම සඳහා උපායමාර්ගික වේදිකාවක් ලෙස ස්ථානගත කරන ලදී.



සැසිවාර අතරතුර, ටොයොටා ලංකා කණ්ඩායම විසින් දේශීය වෙළඳපොල තුළ ටොයොටා Genuine මෝටර් ඔයිල්වල ක්‍රියාකාරිත්වය සහ උපායමාර්ගික සාර්ථකත්වය පිළිබද දැනුවත් කිරීම වැනි තේමාවන් රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙම වැඩසටහන, ටොයොටා සමූහ ජාලය තුළ කලාපීය සහයෝගීතාවය මෙන්ම රටවල් අතර දැනුම හුවමාරුව තවදුරටත් ශක්තිමත් කරන ලදී.
වත්තල ප්‍රධාන කාර්යාලය, Toyota Lanka Fulfilment Center සහ බස්නාහිර හා දකුණු පළාත්වල ශාඛාවන් සහ අලෙවි නියෝජිත ස්ථාන මෙන්ම ටොයොටා ලංකා හි අනුබද්ධිත ආයතනයක් වන ටොයොට්සු ලංකා (පුද්ගලික) සමාගම ඇතුළු ප්‍රධාන සේවා ස්ථාන දැකබලා ගැනීමටත් ටොයොටා ලංකා හි මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමටත් සහභාගීවූ අයට අවස්ථාව හිමිවිය.
දින 7ක් පුරා පැවැති මෙම වැඩසටහන, නියෝජිතයින්ට තාක්ෂණික දැනුම සහ ටොයොටා ලංකා හි සේවා ප්‍රමිතීන් සහ වෙළඳපොළේ සාර්ථකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දුන් අත්දැකීමක් විය. මෙය ටොයොටා නිෂ්පාදන සහ සේවා පිළිබඳ කලාපීය බෙදාහරින්නන්ගේ උපායමාර්ගික දැනුම වැඩි දියුණු කිරීම සඳහා ටොයොටා ලංකා හි කැපවීම පිළිබිඹු කරයි.

Recent Comments