Cosmetics.lk ඩිජිටල් වාණිජ කාණ්ඩයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස BestWeb.lk 2025 හිදී  සම්මානයට පාත්‍ර වේ

Mic
By Mic
4 Min Read

ශ්‍රී ලංකාවේ Premium Personal care නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛතම සන්නාමයක් වන Cosmetics.lk විසින් LK Domain Registry මඟින් සංවිධානය කළ BestWeb.lk 2025 හිදී ඩිජිටල් වාණිජකාණ්ඩයේ “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය” සම්මානය දිනාගන්නා ලදී.

BestWeb.lk යනු වෙබ් අඩවි සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර මෙහිදී වෙබ් අඩවියක පැවැත්ම, නිර්මාණශීලිත්වය, තාක්ෂණික ගුණාත්මකභාවය, පරිශීලක අත්දැකීම් සහ නවෝත්පාදනය යන අංශවල විශිෂ්ටත්වය හඳුනා ගනිමින් සම්මාන ප්‍රදානය කරනු ලැබේ. විවිධ කර්මාන්තයන් නියෝජනය කරමින් සපැමිණි තරඟකරුවන් සිය ගණනක් අතර, Cosmetics.lk එහි ශක්තිමත් ඩිජිටල් පැවැත්ම තුළින් සහ රට පුරා වර්ධනය වන පාරිභෝගික ප්‍රජාවගෙන් ලැබුණු අතිමහත් සහයෝගය තුළින් මෙම උත්සවය තුළදී කැපී පෙනුණි.

Cosmetics.lk හි නිර්මාතෘ ලසන්ත ගුණවර්ධන මහතා මේ පිළිබඳව සිය අදහස් එකතු කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “මෙම ඇගයීම අපට සැබැවින්ම ගෞරවයක්. මෙමඟින් අව්‍යාජ, උසස් තත්ත්වයේ රූපලාවණ්‍ය, සුවතා සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන සඳහා ඔවුන්ගේ ප්‍රධාන වේදිකාව ලෙස Cosmetics.lk තෝරා ගත් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ පක්ෂපාතිත්වය ඉස්මතු වේ. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම online shopping experience එක නවීන අන්දමින් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කිරීමට මෙම ජයග්‍රහණය ඔස්සේ අපිව තවදුරටත් දිරිමත් කරනවා.”

ජාත්‍යන්තර සහ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්වාසය දිනූ වෙළඳ සන්නාම රැසක් ශ්‍රී ලංකා වෙළඳපොළට පිරිනමමින් Cosmetics.lk සිය කීර්ති නාමය ගොඩනගා ගෙන ඇත. මෙම වේදිකාවේ ඇති බොහෝ නම් අතර CeraVe, The Ordinary, Cetaphil, Neutrogena, Loreal, Palmers, Aveeno, La Roche-Posay මෙන්ම Anua, SKIN1004 Centella, Medicube, COSRX, සහ K-Secret SEOUL වැනි ජනප්‍රිය කොරියානු සන්නාම රැසක් ඇතුළත් වේ. සම ආරක්ෂණ (Skin Care) සහ Hair Care නිෂ්පාදන වලට රූපලාවණ්‍ය ද්‍රව්‍යවලට අමතරව, Cosmetics.lk ආයතනය Centrum, NOW, Vital Proteins, Perfectil, Neocell සහ Relumins ඇතුළු ගෝලීය වශයෙන් විශ්වාසය දිනාගත් සන්නාමයන්ගේ ආහාර අතිරේකයන් සහ සුවතා නිෂ්පාදන පෙළක් ද පාරිභෝගිකයා වෙත පිරිනමයි. මෙම සියලුම නිෂ්පාදන කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, නවසීලන්තය සහ අනෙකුත් ප්‍රමුඛ යුරෝපීය රටවලින් සෘජුවම ආනයනය කරනු ලබයි. එමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන 100% ක් අව්‍යාජ, උසස් තත්ත්වයේ skincare, hair care හා supplements අවශ්‍යතා ලබා ගැනීමට ඇති හැකියාව සහතික කෙරේ.

Cosmetics.lk සැබවින්ම කැපී පෙනෙන්නේ පාරිභෝගික සත්කාරකරණය සහ පාරිභෝගිකයාට සුවපහසුව සැලසීම උදෙසා දක්වන කැපවීම තුළිනි. පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතුව 100%ක් අව්‍යාජ ජාත්‍යන්තර වෙළඳ නාම ලබා ගැනීමටත්, උසස් තත්ත්වයේ සම ආරක්ෂණ (Skincare), Hair care  නිෂ්පාදන සියල්ලම එකම ස්ථානයකින් ලබාගැනීමටත්, වෘත්තීය පළපුරුදු රූපලාවණ්‍ය උපදේශිකාවන්ගේ සම සහ හිසකෙස් පිළිබඳ නොමිලේ උපදේශන ලබාගැනීමටත් Cosmetics.lk විසින් අවස්ථාව සලසා දීම අගය කළ යුතු කරුණකිි. Cosmetics.lk තම ප්‍රජාවට සුවිශේෂී වට්ටම්, Loyalty සාමාජිකත්වය වෙනුවෙන් ත්‍යාග, BNPL ක්‍රම සහ සුරක්ෂිත ගෙවීම් විකල්ප සමඟින් ප්‍රතිලාභ රාශියක් ලබා දෙන අතර එමඟින් පාරිභෝගිකයාට ඉහළ ප්‍රතිලාභයක් පිරිනමයි. මාර්ගගතව (Online) භාණ්ඩ මිලදී ගැනීම හෝ දිවයින පුරා පිහිටි අලෙවිසැල් 6 න් එකකට පිවිසීම ඔස්සේ සෑම පාරිභෝගිකයෙකුටම බාධාවකින් තොරව, පුද්ගලික සහ විශ්වාසදායක අත්දැකීමක් ලබා ගත හැකිය.

ඉදිරි වසරවලදී තම වෙළඳ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කරමින්, personal care කර්මාන්තයේ ප්‍රමුඛ බලවේගයක් ලෙස තම පැවැත්ම ශක්තිමත් කිරීමට Cosmetics.lk සූදානමින් සිටියි. 2022 BestWeb.lk හිදී හොඳම ඩිජිටල් වාණිජ්‍ය වෙබ් අඩවිය සඳහා රන් සම්මානය දිනා ගැනීමේ සිට 2025 දී වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස කිරුළු පැළඳීම දක්වා, Cosmetics.lk ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙළඳ අවකාශය තුළ සිය ශක්තිය නිරන්තරයෙන් සනාථ කර ඇත. සෑම ඇගයීමක්ම ජයග්‍රහණයක් පමණක් නොව එමගින් Cosmetics.lk හි නව්‍යකරණය, පුළුල් කිරීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම සඳහා වූ අඛණ්ඩ ගමන් මඟ මැනවින් ප්‍රදර්ශනය වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.cosmetics.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

Share This Article