ශ්‍රී ලංකාවේ තාක්ෂණික ආයතන සවිබලගන්වමින් Hikvision Skill Quest සාර්ථකව දියත් කෙරේ

Mic
By Mic
4 Min Read

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සමාගමක් වන Hikvision Sri Lanka විසින් සංවිධානය කරන ලද  ‘Hikvision Skill Quest’ හි අවසාන මහා තරගය හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් (Hilton Colombo Residence) හි දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකාවේ පළාත් 09 ආවරණය කරමින් මාස ගණනාවක් පුරා පැවති වැඩසටහනේ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙරට  ආරක්ෂක තාක්‍ෂණික  කර්මාන්තයේ  දක්ෂ ස්ථාපකයන් (Installers), කාර්මික ශිල්පීන්  මෙන්ම ඒකාබද්ධ කරන්නන් (integrators) රැසක් එක්ව සිටියහ.

මෙවර මෙම තරගාවලියේ ජාතික ශූරතාව  සබරගමුව පළාත නියෝජනය කරමින් තරගයට එක් වූ අමිල අමරසිංහ විසින් දිනා ගැනීමට සමත් වූ අතර  ඔහු  සමස්ත මහා තරගාවලියේ ජයග්‍රාහකයා (Grand Winner) ලෙස ද අභිෂේක ලැබුවේය. ඔහු මෙම ජයග්‍රාහණය හිමි කරගනු ලැබුවේ කර්මාන්ත විශේෂඥයන් විසින් නිර්මාණය කර ඇගයීමට ලක් කරන ලද, උසස් ගණයේ  තාක්ෂණික අභියෝග මාලාවක් සම්පූර්ණ කිරීමෙන් පසුව ය. මෙම ජයග්‍රාහණය ඔස්සේ ඔහුගේ  විශිෂ්ටත්වය මෙන්ම දේශීය ආරක්ෂක තාක්‍ෂණික ශ්‍රම බලකාය තුළ වර්ධනය වෙමින් පවතින ඉහළ ප්‍රමිතීන් ද මැනවින් ඉස්මතු කරයි.

සමාගම විසින් වෘත්තීය පුහුණුව පිළිබඳ සුවිශාල සහයෝගයක් Hikvision Skill Quest ඔස්සේ පිරිනමන අතර මෙරට තාක්‍ෂණික ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස සවිබල ගැන්වීම සඳහා සමාගම සතු දැක්ම හා කැපවීම එමඟින් ප්‍රදර්ශනය වේ. දිවයින පුරා පවත්වනු ලබන පුහුණු සැසි, සහතික පත්‍ර වැඩමුළු, ප්‍රායෝගික නිෂ්පාදන වින්‍යාසකරණය පිළිබඳ සැසි සහ තාක්ෂණික ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් හරහා ස්ථාපකයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා සමාගම අඛණ්ඩව ආයෝජනය කරයි.

මෙම සුවිශේෂී අවස්‍ථාව සඳහා Hikvision Sri Lanka හි ජාතික කාර්යාල කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් වන Hikvision Sri Lanka හි  අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ කළමනාකරු (General Country Manager) වන යසන්ත හෙන්නායක මහතා, Hikvision South Asia හි අලෙවිකරණ ප්‍රධානී ජෙනී චෙන් මහත්මිය සහ Hikvision Sri Lanka කණ්ඩායමේ සාමාජිකයන් රැසක් සහභාගි වූහ. වර්තමානය වන විට ජාතික ආරක්ෂණ කර්මාන්ත දින දර්ශනයේ වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගත් ඉසව්වක් බවට පත්ව ඇති මෙම Hikvision Skill Quest සඳහා ඉහළ විශ්වාසයක් ඔවුන්ගේ පැමිණීම ඔස්සේ එක් විය. එපමණක් නොව, Hik-Tech සන්නාම තානාපතිවරුන් සහ ප්‍රමුඛ තාක්ෂණික බලපෑම්කරුවන් රැසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර එමඟින් සමාජ මාධ්‍ය වේදිකාව හරහා තරුණ කාර්මික ශිල්පීන්, සිසුන් සහ පුළුල් තාක්ෂණික ප්‍රජාව අතර ඇති සම්බන්ධය පුළුල් කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් Hikvision Sri Lanka හි අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ කළමනාකරු වන යසන්ත හෙන්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ ආරක්ෂණ තාක්ෂණයේ අනාගතය, එහි තාක්ෂණික වෘත්තිකයන්ගේ ශක්තිය මත රඳා පවතින බව Hikvision හි අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට වේගයෙන් විකාශනය වන AIoT තාක්ෂණික භූ දර්ශනය තුළ අඛණ්ඩ ඉගෙනීම තවදුරටත් විකල්පයක් නොවෙයි. මෙම අවස්ථාව වෙත සහභාගී වූ විනිශ්චයකරුවන් සහ අපගේ පුහුණු ප්‍රජාව ඇතුලු සියලුදෙනා විසින් පෙන්වන ලද උද්‍යෝගය සහ අඛණ්ඩව කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ඔවුන් දක්වන කැපවීම අපි බෙහෙවින් අගය කරනවා.”

ආරක්ෂක තාක්ෂණික නිෂ්පාදන සපයන්නෙකුගේ සිට AIoT තාක්ෂණය, තාක්ෂණික පුහුණුව සහ ස්ථාපකයන් සවිබල ගන්වන  ජාතික නායකයෙකු දක්වා සන්නාමයේ පරිණාමය මෙම Hikvision Skill Quest මඟින් සවිමත්  කර තිබේ.  නව්‍යකරණය සඳහා ආයෝජනය කිරීම මෙන්ම මානව සම්පත සඳහා ආයෝජනය කිරීම ද බෙහෙවින් වැදගත් බවට සමාගම සතු විශ්වාසයන් සඳහා මෙම තරගාවලිය කදිම සාක්ෂියකී.

මේ පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ඉහළ උනන්දුවක් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර,ඉදිරි වසරවල දී එහි පුහුණු වැඩසටහන් සහ නිපුණතා ගවේෂණ වේදිකාව තවදුරටත් පුළුල් කරමින් කර්මාන්තය ශක්තිමත් කිරීම සහ තාක්ෂණික දක්ෂතාවලින් පිරිපුන් මෙරට මීළඟ පරම්පරාව සවිබල ගැන්වීම Hikvision හි අරමුණ වේ.

Share This Article