AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

By
3 Min Read

ශ්‍රී ලංකාවේ නිසාන් වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (පුද්ගලික) සමාගම (AMW) විසින්,  Diamond Best Foods සමාගමට නිසාන් Magnite SUV රථ සමූහයක් භාර දෙන ලදී. මෙය, මෙම ආයතන දෙක අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, Diamond Best Foods සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් ශක්තිමත් කිරීමට සහ‍ය වේ.

නිල වාහන භාරදීමේ උත්සවයට මෙම ආයතන දෙකෙහි ජ්‍යේෂ්ඨ නියෝජිතයන් සහභාගී  වූ අතර, Diamond Best Foods නියෝජනය කරමින්, සමාගම් අධ්‍යක්ෂවරු වන අලි ෆහ්මි සහ අෂ්රෆ් ෆහ්මි, ප්‍රධාන විධායක නිලධාරී ෂම්මි කරුණාරත්න, අලෙවි ප්‍රධානි රිම්සන් ෆරූක්, සහ ජාතික  අලෙවි කළමනාකරු P. L. P.  ප්‍රියදර්ශන යන මහත්වරුන් සහභාගි විය.

AMW නියෝජනය කරමින් අලෙවි අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා, නිසාන් අලෙවි ප්‍රධානි ජගත් විජේසේකර, අලෙවිකරණ ප්‍රධානි උදාර ගුණසිංහ සහ ජාල ප්‍රධානි රාම් ගෝමතිනායගම් යන මහත්වරුන් ඇතුළු තවත් නිළධාරීන් රැසක් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ SUV රථ අතර වැඩිම අලෙවියක් ලබාගත් SUV  රථය ලෙස හඳුනා ගෙන ඇති නිසාන් Magnite, පුද්ගලික  පාරිභෝගිකයන් සහ සංවිධානමය පාරිභෝගිකයන් අතර ඉහළ ඉල්ලුමක් දිනා ගෙන ඇත. එහි උසස් සැලැස්ම, ඉන්ධන කාර්යක්ෂමතාව, ඉහළ ආරක්ෂාව සඳහා ලැබූ Global NCAP තරු පහේ ශ්‍රේණිගත කිරීම, සහ නවීන තාක්ෂණික විශේෂාංග හේතුවෙන් නවීන ගමනාගමන විසඳුම් සොයන ආයතන සඳහා එය ආකර්ෂණීය තේරීමක් වේ.

Diamond Best Foods සමාගමේ මෙහෙයුම් සහ ව්‍යාපාරික ගමනාගමන අවශ්‍යතා වඩාත් කාර්යක්ෂම ලෙස සපුරාලීමට Magnite වාහන පෙළ සහය වනු ඇත.  එමඟින් කළමනාකරණ හා ක්ෂේත්‍ර කණ්ඩායම් සඳහා වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර, සමාගමේ ආයතනික වාහන පෙළ නවීකරණය  කිරීමට ඇති කැපවීම තවදුරටත් තහවුරු කරයි.

මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ AMW හි අලෙවි අධ්‍යක්ෂ, ප්‍රසන්න ද සිල්වා මහතා, සඳහන් කළේ ආයතන අතර වාණිජ මෝටර් රථ සහයෝගීතාවන්   (corporate fleet partnerships)  ආයතනවල මෙහෙයුම් පහසු කිරීම හා වර්ධනය කිරීම සඳහා හේතු වන බවයි. ව්‍යාපාරික ආයතන තම මෙහෙයුම් සඳහා විශ්වාසදායක, පිරිවැය අතින් ඵලදායී  සහ තාක්ෂණිකව උසස් වාහන වැඩි වශයෙන් සොයමින් සිටින බැවින් මෙවන් සහයෝගීතාවයන්ගේ අවශ්‍යතාවය වැඩිවෙමින් පවතින බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලාංකික රියදුරන් අතර නිසාන් Magnite ලබා ඇති ශක්තිමත් වෙළඳපොළ ප්‍රතිචාරය සහ ජනප්‍රියත්වය, ව්‍යාපාරික මෙන්ම පුද්ගලික ගමනාගමන අවශ්‍යතා සඳහා ද එය යෝග්‍ය තේරීමක් බව තවදුරටත් තහවුරු කරයි.

Diamond Best Foods සමාගමේ නිලධාරීන් ද නිසාන් සන්නාමය සහ AMW සමාගමේ ශක්තිමත් අලෙවියෙන් පසු සේවා සහ සේවා ජාලය පිළිබඳ ඔවුනට ඇති විශ්වාසය සඳහන් කළේය. ඔවුන්ගේ මෙහෙයුම් අවශ්‍යතා සඳහා Magnite වාහන පෙළ තෝරා ගැනීමට එම ශක්තිමත් සේවා සහ සහාය ජාලය වැදගත් භූමිකාවක් ඉටු කළ බව ඔවුහූ තවදුරටත් සඳහන් කළහ.

මෙම සහයෝගීතාවය, AMW මගින් බෙදාහැරෙන Nissan වාහනවලට ශ්‍රී ලාංකීය සමාගම් දරන විශ්වාසය වර්ධනය වී ඇති බව තවදුරටත් පෙන්වයි. එමෙන්ම, ජාතික මට්ටමින් විකුණුම් සහ සේවා ජාලයක් මගින් සහාය ලබා දෙන නවීන ගමනාගමන විසඳුම් සැපයීම සඳහා සන්නාමයේ දායකත්වය ද මින් පෙන්වා දෙයි.

Share This Article