ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට  Varun Beverages  සමාගම සහ SLPMCS  පෙරමුණ ගනී

Mic
By Mic
4 Min Read

Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ගාලුමුවදොර පිටියේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් සාර්ථකව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) සමඟ එක්ව, Varun Beverages Lanka PVT Ltd විසින් PET බෝතල් එකතුකිරීම සඳහා වූ කසළ බඳුන්  (Drop- Off Bins) සවිකරන ලද අතර, මෙමඟින් පාරිසරික තිරසාරත්වය සඳහා සිය සමාගමේ කැපවීම මෙන්ම  විස්තීරණ  නිෂ්පාදකයාගේ වගකීම (EPR)  තවදුරටත් ශක්තිමත් කරනු ලබයි. මෙම වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම සඳහා SLPMCS හි ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් කස්තුරිසිංහ මහතා සහ Varun Beverages Lanka PVT Ltd හි නිතී අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී / සමාගම් ලේකම් එරේෂා කුඹුරුලන්ද මහත්මිය අත්සන් තබනු ලැබීය.

ගාලුමුවදොර නැරඹීමට පැමිණෙන පිරිස් තම PET ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. එකතු කරන ලද ප්ලාස්ටික් බෝතල් පිරිසිදු හා හරිත පරිසරයක් නිර්මාණය කිරීමට දායක වන පරිදි ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය Varun Beverages Lanka PVT Ltd හි පුළුල් තිරසාර ඉලක්කයන්ගේ කොටසක් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙන්ම පරිසර දූෂණය අවමකිරීම සඳහා ගනු ලබන පියවරයන්ගේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.

Varun Beverages Lanka PVT Ltd හි ශ්‍රී ලංකා ප්‍රධානී සන්දීප් කුමාර් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. ” මෙම වැදගත් මුලපිරීම සඳහා SLPMCS  සමඟ හවුල්කාරීත්වයට එළඹීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. තිරසාරත්වය සඳහා අප සමාගමේ අඛණ්ඩ කැපවීම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් සැළකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට හා ගාලුමුවදොර පිටියේ අලංකාරත්වය ආරක්ෂා කිරීමට  මෙම සහයෝගීතාවය බෙහෙවින් ඉවහල් වෙනවා. ඒ තුළින් ප්‍රතිචක්‍රිකරණ භාවිතයන් වැඩිදියුණු කොට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛයන් ලෙස අපගේ කාර්යභාරය අඛණ්ඩව පවත්වාගෙන යෑම අපගේ අරමුණයි.”

Varun Beverages Lanka PVT Ltd හි නිතී අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී / සමාගම් ලේකම් එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “සමාගමක් වශයෙන් අප සතු විස්තීරණ නිෂ්පාදක වගකීම මෙම හවුල්කාරීත්වය මඟින් මැනවින් නිරූපණය කරනවා. PET ප්ලාස්ටික් බෝතල් බැහැර කරන කසළ බඳුන් ලබාදෙමින් අපද්‍රව්‍ය එකතුකිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හරහා ගාලුමුවදොර පිටියේ නිසි ප්‍රතිචක්‍රිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අවස්ථාව ලැබෙන අතර අපගේ අරමුණ වන්නේ එමඟින් ගාලුමුවදොර පිටියට පැමිණෙන පිරිස පරිසරය ආරක්ෂා කිරීමට යොමු කිරීමයි.”

ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) හි මූල්‍ය කළමනාකාර සමීර අසන්ත මහතා මෙම අවස්ථාව පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. “මෙම මුලපිරීම සඳහා Varun Beverages Lanka PVT Ltd  සමඟ හවුල්කාරීත්වයට එළැඹීම පිළිබඳව අපි බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා. එකට එක්ව කටයුතු කිරීමෙන් සැමට වඩා පිරිසිදු හා තිරසාර ගාලුමුවදොර පිටියක් නිර්මාණය කිරීමට හැකිවෙනු ඇතැයි මම විශ්වාස කරනවා. එසේ කටයුතු කිරීම මඟින් මෙම සුවිශේෂි ස්ථානය සංරක්ෂණය වෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ පාරිසරික වගකීම ආරක්ෂණය පිළිබඳව ආදර්ශයක් ද ලබාදෙනවා.”

Varun Beverages Lanka PVT Ltd විසින් පසුගිය වසර දෙක තුළ සිය සමස්ත නිෂ්පාදන අලෙවියෙන් PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය දළ වශයෙන් 50%ක් පමණ සාර්ථකව ප්‍රතිචක්‍රිකරණය කර ඇති අතර, ඒ හරහා තිරසාරත්වය සඳහා සිය කැපවීම මැනවින් සනිටුහන් කර තිබේ. ගාලුමුවදොර ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ හරිත ව්‍යාපෘතිය සඳහා SLPMCS සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය හරහා සමාගමේ අඛණ්ඩ පාරිසරික තිරසාරත්වය හා ආරක්ෂණයේ කැපවීම යළිත් තහවුරු කරනු ලබයි.

Share This Article