ශ්‍රී ලංකාවේ Vape (ඉලෙක්ට්‍රොනික් දුම්වැටි) පිළිබඳ  වන දේශීය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ ඇයි? 

Mic
By Mic
6 Min Read

තවමත් බොහෝ දෙනෙකු වෙත සාවද්‍ය තොරතුරු ලැබෙන ‘Vape’ පිළිබඳ උණුසුම් කාලීන සංවාදයක් පසුගියදා පැවැති  ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය කමිටු (COPF) රැස්වීමේදී ඉදිරිපත් විය. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනවල නීත්‍යානුකූලභාවය සහ නියාමනය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ තිබෙන ව්‍යාකූලත්වය මෙහිදී වාර්තා වූ සමහර කරුණු මඟින් ඉස්මතු කෙරිණි.

මෙම සැසිය අතරතුරදී COPF සාමාජිකයන් විසින් vape සම්බන්ධයෙන් වන වර්තමාන  නෛතික තත්ත්වය සහ එමඟින් රජයට වැඩි බදු ආදායමක් රැස් කර ගැනීමට ඇති අවස්ථාව මග හැරීම පිළිබඳව  ප්‍රශ්න කරන ලදී. ‘Vape’ පිළිබඳ ශ්‍රී ලංකාව තුළ යම් ජනප්‍රියතාවයක් වර්ධනය වෙමින් පැවතුනද, ඒ පිළිබඳ මෙරට පවතින නෛතික රාමුව තරමක් සංකීර්ණ වන අතර තව ද රජයට ආදායම් උත්පාදනය කළ හැකි මෙම මූලාශ්‍රයන් ඔස්සේ ශ්‍රී ලංකාව නිසි ප්‍රයෝජන ලබා ගෙන නොමැති බව පැහැදිලි වේ.

ඔබ vape ළඟ තබාගෙන හසු වුවහොත් සිදුවන්නේ කුමක්ද?

නිදහස පිළිබඳ පූර්ව නිගමනය

නිෂ්පාදනයන් එහි නීත්‍යානුකූලභාවය සහ එය රජයේ අධීක්ෂණයට ලක් කළ යුතු ප්‍රමාණය ආදී සාධක ඔස්සේ  වර්ගීකරණය කළ හැකිය. ඉහත වෙන් රූප සටහනේ සමස්ත දත්ත මඟින් ‘සියලුම නිෂ්පාදන’ නියෝජනය කරයි. එම නිෂ්පාදන අතරින් ඇතැම් නිෂ්පාදන එකිනෙකට වෙනස්  කාණ්ඩ ද්විතයකට අයත් වේ, එනම් කොළ පැහැති දත්ත මඟින්  ‘නියාමනය කරන ලද නිෂ්පාදන’ සහ කහ පැහැති දත්ත මඟින්  ‘නීති විරෝධී නිෂ්පාදන’ නිරූපණය වේ. මෙම කාණ්ඩ දෙකටම අයත් නොවන නිෂ්පාදන සඳහා පැහැදිලි කාණ්ඩයක් නොමැති අතර එම අවිනිශ්චිත නිෂ්පාදන මෙම විග්‍රහ කිරීම වෙනුවෙන්  ‘නියාමනය නොකළ නිෂ්පාදන’ ලෙස  නිල් පැහැයෙන් දක්වා තිබේ.

නියාමනය නොකළ භාණ්ඩ සඳහා වන ප්‍රවේශය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකල්ප ද්විත්වයකින් පැන නැගිය  හැකිය. එනම්, පුද්ගල නිදහසේ වැදගත්කම  අගයමින් පැහැදිලි නෛතික තහනමක් නොමැති නිෂ්පාදන සියල්ලටම අවසර තිබෙන බව එක් අයෙකු විශ්වාස කරන විට, තවකෙකු නීතියෙන් පැහැදිලිවම අවසර ලබා දී නොමැති නම් කිසිවකට ඒ සඳහා අවසර නොමැත යන මතය  දරයි.

ඒ අනුව යම් නිෂ්පාදනයක් කෙරෙහි පැහැදිලි නියාමනයක් සිදු කර නොමැති විට හෝ නීති විරෝධි බව සඳහන් කර නොමැති විට අප සිදුකළ යුත්තේ කුමක්ද යන ගැටලුව මෙහිදී මතු වේ.වත්මනේදී Vape යනු නියාමනයන්ට අයත් නොවූ බාහිර නිෂ්පාදනයකී.

ජාත්‍යන්තර භාවිතය

එක් එක් රටවල vape සම්බන්ධයෙන් වන නෛතික වර්ගීකරණය විවිධාකාර වන අතර විවිධ දාර්ශනික මතවාද සහ මහජන සෞඛ්‍ය යන දෘෂ්ටි කෝණයන් ඔස්සේ බලපෑමට ලක්වූ නියාමන ප්‍රවේශයන් ඉන් පිළිඹිබු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ස්වීඩනය සතුව පුළුල් නියාමන රාමුවක් තිබෙන අතර  එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට අපේක්ෂා කරන රටවලට ද එය මනා සැලැසුමක් වනු ඇත. ස්වීඩනය තුළ vape නිෂ්පාදනය  නීත්‍යානුකූල වුවද එය දැඩි නීති රාමුවකට යටත් වේ. එහි නීති රාමුවට අනුව මෙම නිෂ්පාදනයේ උපරිම  නිකොටින්  සාන්ද්‍රණය මිලිග්‍රෑම් හෝ මිලිලීටර 20 විය යුතු අතර එය  ළමා පරිභෝජනය  සඳහා නිකුත් නොකරන  බවට හා විකෘතිතාවන් ඇති නොකරන බවට තහවුරු කළ යුතුය. එමෙන්ම නැවත එම නිෂ්පාදන පිරවීමේදී  මිලි ලීටර 10 නොඉක්මවිය යුතු අතර, එම නිෂ්පාදන බහාලුම් (cartridges) මිලි ලීටර 2 ට සීමා කර ඇත. එමෙන්ම ඇසුරුම් කිරීමේදී ලේබලයේ ඉදිරිපස මෙන්ම පසුපස ද සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සඳහන් කළ යුතු යුතු අතර එය  අන්තර්ගතය පිළිබඳ  ස්වීඩන් භාෂාවෙන් ලියවුණු ප්‍රකාශයක්  සහ තොරතුරු පත්‍රිකාවකින් ද සමන්විත විය යුතුය.

ශ්‍රී ලාංකික පසුබිම

Vape පිළිබඳ  ශ්‍රී ලංකාව තුළ  පැහැදිලි පසුබිමක් නිර්මාණය වී නොතිබීම  කෙරෙහි හේතු වී ඇත්තේ නෛතික රාමුවේ අපැහැදිලි බව නොව, vape නිෂ්පාදන පිළිබඳව පවතින අවම අවබෝධය වේ. මෙම නිෂ්පාදන සඳහා තාවකාලික මර්දනයක් සිදුකිරීමට මෙම ව්‍යාකූලත්වය හේතු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් අවස්ථාවන්හිදී  නිලධාරීන්ට රිසි සේ සහ වාර්තා කිරීම්වලින් තොරව අත්තනෝමතික  ලෙස අත්අඩංගුවට ගැනීම්,  දඩ මුදල් පැනවීම්  ආදි පදනමක් නොමැති ක්‍රියාවන්ද සිදුවේ.

නියාමනය සම්බන්ධයෙන් අපේ රටේ පවතින මෙම අඩුලුහුඬුකම් හේතුවෙන්  නීතිමය අවිනිශ්චිතතාව සහ ක්‍රියාත්මක කිරීමේදී ඇති වන නොගැලපීම් පමණක් නොව එම නියාමනය නොකළ නිෂ්පාදන මඟින් පාරිභෝගිකයන්ට බරපතල සෞඛ්‍ය අවදානම්  ඇති කිරීම වැනි සංකීර්ණ ගැටලුද ඇති වේ. ඒ වගේම බදු ඔස්සේ රජයට අය විය යුතු  රජයේ ආදායම් කෙරෙහි මේ තුළින්  බලපෑමක් එල්ල කරයි. සමාජ විද්‍යාත්මකව සහ ඓතිහාසිකව ගත් කල තහනම් කිරීමේ ක්‍රියාවලීන් හරහා අපේක්ෂිත ප්‍රතිපල ළඟා කර දී ඇති අවස්ථා සීමිත  වේ.‍එනම්, 1920 දශකයේ දී ක්‍රියාත්මක වූ ‘මහා තහනම’ යහපත් චේතනාවන් මුල් කරගනිමින් ක්‍රියාත්මක වූවද එය සංවිධානාත්මක අපරාධ බහුලවම සිදුවූ කාලවකවනුවක් ලෙස බොහෝ දෙනා හඳුන්වයි. මෙම කාල වකවානුව තුළදී මේ හරහා  අහෝසි කිරීමට අරමුණු කරගත් නිෂ්පාදනවලටත් වඩා ඉතා අඩු ගුණාත්මකභාවයකින් යුතු හානිදායක ව්‍යාජ නිෂ්පාදන (‘moonshine’) රාශියක් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සිදු වී තිබේ. තහනම් කිරීම සහ කළු වෙළෙඳපලේ නැග්ම අතර ඇති සහසම්බන්ධය මේ සම්බන්ධයෙන් වන වාර්තා තුළ සඳහන් වී ඇත. නිෂ්පාදන ලබා ගැනීම සඳහා ඇති නීතිමය මාර්ග සීමා කර ඇති විට, පාරිභෝගික ඉල්ලුම බොහෝ විට නොවෙනස්ව පවතින අතර, ඒ තුළින් නියාමනය නොකළ හා වඩාත් හානිකර විකල්ප ව්‍යාප්ත වීමට ඉඩ ප්‍රස්ථාව ඇති වේ.  නිදර්ශන ලෙස බ්‍රසීලයේ vape සඳහා පූර්ණ තහනමක් පනවා ඇති පසුබිමක වුවද, එම නෛතික තහනම් නියෝගයන්ද නොතකමින් vapes පිළිබඳ කළු වෙළෙඳපල දියුණු වන බව වාර්තා වේ.2025 වසර වන විට නීති විරෝධී Vape වෙළෙඳපල හරහා බ්‍රසීලයට රියාස් බිලියන 7.7ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක්) පමණ බදු ආදායමක් අහිමි විය හැකි බව සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා ආයතනයේ අධ්‍යයනයක් හරහා පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ සඳහා ඇති වඩාත් ප්‍රායෝගික විසඳුම ලෙස Vape වැනි දුම් රහිත නිකොටින් නිෂ්පාදන, දුම්වැටිවලට පරිබාහිර කාණ්ඩයක් ලෙස හඳුනාගනිමින් එහි අවදානම් තත්ත්වයට අනුකූලව නිෂ්පාදන නියාමනය කිරීම දැක්විය හැකිය. ඒ අනුව නීතිමය නිශ්චිතභාවය ඉදිරියට ගෙන යාම සහ පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රාථමික අඩංගු ද්‍රව්‍ය ලෙස නිකොටින් පමණක් අඩංගු vape නිෂ්පාදන සහ මුඛ නිෂ්පාදන (oral products) පමණක් ආවරණය කරන්නා වූ පැහැදිලි නියාමන රාමුවක් අවශ්‍ය වේ.

කතුවරයා පිළිබඳව

මෙම කතුවරයා වන ජිතේන්ද්‍ර ඇන්ටෝනියෝ ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන දත්ත විශ්ලේෂණ සහ තිරසාර බලශක්තිය, ESG, රාජ්‍ය ප්‍

Share This Article