
ජාත්‍යන්තර පරිසර මාසය සැමරීම වෙනුවෙන් පරිසර තිරසාරත්වය සඳහා වූ සිය කැපවීම නැවත වරක් තහවුරු කළ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), සිය ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩැන්ඩෙක්ස්’(Dandex) සහ පරිසර සංවිධානයක් වන ක්ලීන් ඕෂන් ෆෝස් (Clean Ocean Force) සමඟ එක්ව, කපුටුදූව (Crow Island) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් ද මේ සඳහා එක් වූ අතර, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් ඔවුන් සිය දායකත්වය මෙලෙස ලබා දෙන ලදී.
පරිසර හිතකාමී, පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් සිදුකළ මෙම ව්‍යාපෘතියේදී, කණ්ඩායම විසින් පොලිතීන් කිලෝග්‍රෑම් 124ක්, ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 80ක්, PET බෝතල් කිලෝග්‍රෑම් 45ක්, වීදුරු කිලෝග්‍රෑම් 68ක්, ඉවතලන පාවහන් කිලෝග්‍රෑම් 67ක්, මිශ්‍ර අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක්, යෝගට් කෝප්ප කිලෝග්‍රෑම් 41ක් සහ ස්ටයිරෝෆෝම් කිලෝග්‍රෑම් 22ක් ඇතුළුව අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500කට වඩා සාර්ථකව එකතු කරන ලදී. ප්ලාස්ටික් දූෂණයට විසඳුම් සෙවීමේ සහ අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර කිරීමේ පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව මේ තුළින් දැඩි ලෙස අවධාරණය විය. ආයතනික සමාජ වගකීම් ආයතනවලට පමණක් සීමා නොවී සාමාන්‍ය ජන ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම් සමඟ එක්විය යුතු යැයි සමාගම තුළ වූ විශ්වාසය, කපුටුදූව (Crow Island) වෙරළ පිරිසිදු කිරීමේ මෙම වැඩසටහන තුළින් තවදුරටත් තහවුරු කෙරිණි.
සහයෝගීතාවය සහ අධ්‍යාපනය එකට එක්කෙරුණු මෙම සුවිශේෂී අවස්ථාව විශ්වවිද්‍යාල සිසුන් සඳහා ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීමක් විය. සිසුන්, ස්වේච්ඡා සේවකයන් සහ සමාගමේ නියෝජිතයන් සමඟ එක්ව, පරිසරය ආරක්ෂා කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන ලදී. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) මෙවැනි වැඩසටහන් සඳහා මීළඟ පරම්පරාව සම්බන්ධ කර ගැනීම තුළින්, පරිසරය සුරැකීමට සහ පෘථිවියේ අනාගතය පිළිබඳ වගකීම භාර ගැනීමට තරුණ නායකයින් සවිබල ගන්වයි. මෙම වැඩසටහන, අපද්‍රව්‍ය අවම කිරීම, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහ ප්‍රජා පාදක පරිසර අධ්‍යාපනය ඇතුළත් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) හි පුළුල් තිරසාර වැඩසටහනේ එක් කොටසකි.
මෙවැනි තරුණ මූලික වැඩසටහන් සහ අර්ථවත් හවුල්කාරිත්වයන් මඟින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) සිය වටිනාකම් අනාගත පරපුර සමඟ බෙදා හදා ගැනීම සැබවින්ම ක්‍රියාවට නංවයි. අනාගත නායකයින්ට අවකාශය ලබාදෙමින්, ඉගෙනගැනීමේ සහ නායකත්වය ලබාදීමේ පරිසරයක් සකස් කිරීමෙන්, සැබෑ වෙනසක් සිදු වන බව සමාගම නැවත වරක් තහවුරු කරයි. ශ්‍රී ලංකාව පාරිසරික අභියෝගවලට අඛණ්ඩව මුහුණ දෙමින් සිටින මෙවැනි අවස්ථාවක ඒවාට ධනාත්මකව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න සිය ක්‍රියාවෙන්ම පෙන්වා දෙන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), අනාගත පරම්පරාවට ද එසේ කිරීමට ආදර්ශයක් වෙමින් පෙරමුණ ගෙන කටයුතු කරයි.
Hemas Consumer Brands පිළිබඳව
60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.
Recent Comments