‘Diva පවුලේ වාසනාව’ තරගය සඳහා Diva  සන්නාමය TOYOTA Lanka සමග අත්වැල් බැඳගනීයි.

Mic
By Mic
1 Min Read

Hemas Consumer Brandsහි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva සන්නාමය, “Diva පවුලේ වාසනාව”තරගය​ දියත් කිරීම උදෙසා, ගෝලීය සංචලනයේ පුරෝගාමියෙකු වන TOYOTA Lanka සමඟ සහයෝගීතාවයකට එක් වන ලදී. දශක දෙකකට වැඩි කාලයක් මුලුල්ලේ Diva සන්නාමය, රෙදි සේදුම් කාණ්ඩයේ කළ නවෝත්පාදනයන් සමරමින්, ශ්‍රී ලාංකික පවුල්වලට වැඩි අගයක් එකතු කිරීමේ අරමුණින් Diva පවුලේ වාසනාව ක්‍රියාත්මක කෙරේ. Diva සන්නාමයේ විශ්වාසනීය පාරිභෝගිකයන් වෙත “Diva පවුලේ වාසනාව” වෙතින් සුපිරි ත්‍යාගය ලෙස TOYOTA WiGO මෝටර් රථයක් පිරිනමන අතර, දිනපතා, සතිපතා හා මාසික දිනුම් ඇදීම්වලින් ජයග්‍රාහකයන් දහසකට රීලෝඩ්, ඉලෙක්ට්‍රික් අයන්, ස්මාට් ජංගම දුරකථන, ලැප්ටොප් පරිගනක, රෙදි සෝදන යන්ත්‍ර සහ එක්දින විනෝද චාරිකා පැකේජ් දක්වා විවිධ ත්‍යාග පිරිනමයි. Diva සහ TOYOTA Lanka යන සන්නාමයන් විසින් ශ්‍රී ලාංකික ජීවිත පොහොසත් කිරීම සඳහා වන පොදු දැක්ම මෙමගින් පිළිබිඹු කරයි. නවෝත්පාදනයේ පුරෝගාමියෙකු සහ ශ්‍රී ලාංකික පවුල්වලට වටිනාකමක් එක් කරන සන්නාමයක් ලෙස Diva හි දිගුකාලීන උරුමය ‘‘Diva පවුලේ වාසනාව” වැඩසටහන වෙතින්  ශක්තිමත් කරයි. TOYOTA Lanka සමඟ Divaහි හවුල්කාරිත්වය මෙම මුලපිරීමට තවදුරටත් විශ්වසනීයත්වයක් හා කීර්තියක් එකතු කරයි.

Share This Article