නවෝත්පාදනය හා විශ්වාසය සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ සේවයක් සැපයූ Delmege සිය 175 වැනි සංවත්සරය සමරයි

Mic
By Mic
7 Min Read

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සිය 175 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. 1850 දී වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද Delmege සමාගම මේ වන විට පාරිභෝගික ජනතාවගේ දෛනික ජීවිතයේ සෑම අංශයක් සඳහාම විශ්වසනීය මෙන්ම අර්ථවත් නිෂ්පාදන සහ සේවාවන් සපයන සමූහ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත.

පරම්පරා ගණනාවක් පුරා නවෝත්පාදනය,ගුණාත්මක සේවය සහ මනා ඔරොත්තු දීමේ හැකියාවක් සහිත සවිමත් සන්නාමයක් ලෙස ගොඩනැගුණු  Delmege, සිය ව්‍යාපාරය පාරිභෝගික භාණ්ඩවල සිට අභ්‍යන්තර අලංකරණය දක්වාත්, සෞඛ්‍ය සේවාවල සිට නැව්ගත කිරීම දක්වා, රක්ෂණයේ සිට ගමනාගමනය  දක්වාත් පුළුල් කර තිබේ.

දිනෙන් දින ඉහළ යන Delmege නිෂ්පාදන සහ සිය පුළුල් සේවාවන් මෙන්ම ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් ලබා ඇති සන්නාම රැසක් ද මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙමින් ව්‍යවසායකත්වය දිරි ගැන්වීමට Delmege සමූහය කටයුතු කර ඇත.

පාරිභෝගික නිෂ්පාදන – සහතික කරන ලද ගුණාත්මකභාවය

ශ්‍රී ලංකාවේ නිවාස මිලියන ගණනක එදිනෙදා ගෘහ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය නිෂ්පාදන රාශියක් ඉහළ විශ්වසනීයත්වයකින් යුතුව Delmege Consumer විසින් අඛණ්ඩව පිරිනමයි.Delmege සෝයා, ‘හිරු කහට’ තේ, ටින් කළ මාළු,  Delizia පැස්ටා, නූඩ්ල්ස් සහ පාරිභෝගික ජනතාවගේ ඉහළ ආකර්ශනයක් දිනා ගත් Motha නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන පෙළක් මීට ඇතුළත් වේ. එමෙන්ම  Kellogg’s සහ Ferrero වැනි ලොව වඩාත් ප්‍රචලිත සන්නාමයන් ද Delmege සමාගම මඟින් මෙරට වෙළෙඳපල වෙත බෙදාහරිනු ලබයි. ඉහළ ගුණාත්මකභාවයක් සහිත නිෂ්පාදන  පාරිභෝගිකයාට මිලදී ගැනීමට පහසු සහ දැරිය හැකි මිල ගණන්වලින් ලබා දීමට සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.

අභ්‍යන්තර නිර්මාණකරණය සහ ගොඩනැගිලි විසඳුම් –  ජනතාවගේ සිහින නිර්මාණය කිරීම

Brinton Carpets, Interface, Quick Step, Gerflor සහ Hunter Douglas වැනි ගෝලීය සන්නාමයන් සමඟ හවුල්කාරිත්වයන්ට පිවිසෙමින් ජීවන අවකාශයන් සහ කාර්යාල පරිසරයන් සඳහා විශිෂ්ට ගණයේ අභ්‍යන්තර නිර්මාණකරණ විසඳුම් පිරිනැමීම සඳහා ද Delmege කටයුතු කරයි.ඒ අනුව නිවාස සහ වාණිජ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ආලෝකකරණය සහ ස්විච් ගියර් සිට පයිප්ප  සහ ඇලුමිනියම් පැනල් දක්වා නිෂ්පාදන රැසක් සමඟ තිරසාර සහ විශ්වාසනීය විසඳුම් Delmege Building නිෂ්පාදන ඔස්සේ ලබා දෙයි.

 නිෂ්පාදනය – සහතික කරන ලද කාර්ය සාධනය

නිවාස,කාර්යාල සහ අපනයන සඳහා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය Delmege සමූහයේ නිෂ්පාදන අංශය වන Grip Delmege හරහා සිදු කෙරේ.මේ යටතේ පාරිභෝගික රුචිකත්වය අනුව සකසන ලද ගෘහ භාණ්ඩ ද නිපදවනු ලබන අතර අභ්‍යන්තර නිර්මාණකරණ සහ අනෙකුත් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ද විසඳුම් පිරිනමයි. මැලේසියාවේ Warisandor සහ  Hettich සමඟ ගොඩනඟා ගෙන ඇති හවුල්කාරිත්වය මඟින් Delmegeහි මෙම සේවාවන් තවදුරටත් සවිමත් කරයි.තවද, මෙම සහයෝගීතාවය ඔස්සේ  දිගුකල් පවත්නා ,අලංකාරවත් මෙන්ම  තිරසාර විසඳුම්  නිර්මාණය කරයි.

සෞඛ්‍ය සේවය සමඟ  සුවපත්භාවය පැතිරවීම

හෘද රෝග,පිළිකා තත්ත්වයන් සහ අලුත උපන් දරුවන්  සඳහා අවශ්‍ය සත්කාර දක්වා රෝග රැසක් සඳහා ගෝලීය මට්ටමේ වෛද්‍ය හා රසායනාගාර උපකරණ, ශල්‍ය උපකරණ සහ රෝග විනිශ්චය කිරීමේ පද්ධති ඇතුළු නිෂ්පාදන පෙළක් Delmege Healthcare විසින් හඳුන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ආශ්‍රිත පහසුකම් දියුණු කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් මෙම ගෝලීය හවුල්කාරිත්වයන් සහ දේශීය විශේෂඥතාව ඔස්සේ සපයයි.

බලශක්තිය – අපි දල්වන බලය

Shell Libricants පිළිබඳ මෙරට මැක්‍රෝ බෙදාහැරීම් නියෝජිතයා ලෙස Delmege Forsyth Energy කටයුතු කරයි. වසර 18ක් පුරා ගෝලීය ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන් සිටින Shell Libricants සමඟ එක්වෙමින් පාරිභෝගික, කාර්මික, වාණිජ සහ නාවික වෙළෙඳ කටයුතු වෙනුවෙන් මනා විසඳුම් Delmege විසින් ලබා දෙයි.

රක්ෂණය – අප සහතික කරන ආරක්ෂාව

පුළුල් අවධානම් කළමනාකරණ විසඳුම් ලබා දෙන Delmege Insurance Brokers , 2023 සහ 2024 වසරවල දී ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ අතරමැදියා ලෙස IRCSL විසින් ශ්‍රේණිගත කරන ලදී. රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දශක තුනකට අධික අත්දැකීමක් ඇති සමාගම, සුවිශේෂී හිමිකම් සහාය සහ AON වැනි ශක්තිමත් ගෝලීය හවුල්කාරිත්වයන්ගේ සහාය ලබා ගනිමින්  ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙන්ම  පුද්ගල අවශ්‍යතාවන්  සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද රක්ෂණ ආවරණයන් ලබාදෙයි.

නැව්ගත කිරීම – අපි යාත්‍රා කරන සාගර

බහාලුම් භාණ්ඩ ප්‍රවාහනය සහ ව්‍යාපෘති භාණ්ඩ ප්‍රවාහනයේ සිට ගබඩා කිරීම, රේගු නිෂ්කාශනය සහ අවසාන බෙදාහැරීම දක්වා පුළුල් පරාසයක විහිදෙන  සේවාවන් රැසක් Delmege Shipping විසින් පිරිනමයි.

කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට පුරා සිය මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කර ඇති Delmege විසින් දක්වන ලද වෘත්තීයභාවය සහ කාර්යක්ෂමතාව සඳහා ඉහළ කීර්තියක් හිමි කර ගෙන සිටියි. යාත්‍රා නියෝජිත ආයතන පිළිබඳ සේවා, කාර්ය මණ්ඩල වෙනස්කම්, අලුත්වැඩියාවන් සහ ප්‍රතිපාදන ඉතා නිරවද්‍යතාවයකින් යුතුව සිදුකරන මෙම සේවය ඔස්සේ ගෝලීය මෙන්ම දේශීය නැව් හවුල්කරුවන් සඳහා නම්‍යශීලී  මෙහෙයුම් ක්‍රියාවලියක් පිළිබඳ සහතික වේ.

සංචාර සහ විශ්‍රාන්තිය –  නිර්මාණය කරන මතකයන්

සංචාරකයන් වෙත ‘කණගාටුවකින් තොරව  ආශ්වාදජනක අත්දැකීමක්’ තිළිණ කිරීමේ  පොරොන්දුව සමඟ  Delair Travels වෙතින් බාධාවකින් තොර පහසු සංචාරයන් සංවිධානය  කරයි. විශේෂයෙන් සැලසුම් කරන කණ්ඩායම් චාරිකාවල සිට ආයතනයෙන් බැහැරට ගමන් කරන තෝරාගත් ආයතනික චාරිකා දක්වා පුද්ගල අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාව සහ ගෝලීය හවුල්කාරිත්වයන් සඳහා Delair Travels වඩාත් ප්‍රචලිත වේ.

වීසා මෙහෙයවීම පිළිබඳ විශේෂඥතාව සමඟ වටිනාකමක් Delair හි Visa House මඟින් ලබාදෙන අතර , ජාත්‍යන්තර සංචාරකයන් වෙත ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ආගන්තුක සත්කාර පිළිබඳ අමතක නොවන අද්විතීය අත්දැකීමක් පිරිනමයි.

විශ්වාසනීය උරුමය සහ නවෝත්පාදනයේ අනාගතය

මෙම සංවත්සර සැමරුම පිළිබඳ අදහස් දක්වමින් Delmege සමූහයේ මව් සමාගම වන Vallibel One හි කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “ Delmege වෙත වසර 175ක් සපිරෙණ මේ මොහොතේදී, විශ්වාසය, ඔරොත්තු දීමේ හැකියාව සහ සේවය මත ගොඩනැගුණු උරුමය  ඉදිරියට ගෙන යාමට ලැබීම අපට සුවිශාල ගෞරවයක්.අපගේ අතීතය පිළිබඳ පමණක් නොව අප ගොඩනංවන අනාගතය ගැන ද මෙම සුවිශේෂී සන්ධිස්ථානය ඔස්සේ පිළිබිඹු වෙනවා. නවෝත්පාදනය, තිරසාරභාවය සහ   ප්‍රජාවන් කෙරෙහි  දක්වන ගැඹුරු කැපවීමක් සමඟ ශ්‍රී ලංකාවේ වර්ධනයට සහ ප්‍රගතියට අර්ථවත් දායකයත්වයක් සැපයීමට Delmege අපි සූදනමින් සිටිනවා.”

සිය 175 වැනි සංවත්සරය අභිමානයෙන් සමරන Delmege ඔරොත්තු දීමේ හැකියාව, අනුවර්තන හැකියාව සහ සේවාවේ උරුමය සමඟ තවදුරටත් සිය සේවාවන් ගොඩනැංවීමට කැපවී සිටියි. නවෝත්පාදනය, තිරසාරභාවය සහ ප්‍රජා බලපෑම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් සිය අනාගත කටයුතු පිළිබඳ සමූහය ඉහළ විශ්වාසයක් තබා ඇති අතර අනාගත පරපුර වෙනුවෙන් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා සිය දායකයත්වය සැපයීමට අපේක්ෂා කරයි.

Share This Article