Power World Gyms අලෙවිකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් 2025 SLIM DIGIS 2.5 හිදී සම්මානයට පාත්‍ර වෙයි

Mic
By Mic
2 Min Read

ශ්‍රී ලංකාවේ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් සහිත Power World Gyms ආයතනය, සිය විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහනක් වූ “Every 7 KM, Never Too Far from Being Fit” වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

මෙම වැඩසටහනේ සංකල්පය සඳහා පදනම වූයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විශාලතම ජිම් ජාලය ලෙස Power World ස්ථාපිතව තිබීමයි. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල ශරීර සුවතා මධ්‍යස්ථාන පිහිටුවා තිබීම හේතුවෙන්, ඕනෑම අයෙකුට සෞඛ්‍ය සම්පන්නව සිටීම කොතරම් පහසු ද යන්න ඉස්මතු කිරීම කෙරෙහි මෙම වැඩසටහන අවධානය යොමු කළේය. සමාජ මාධ්‍ය හරහා වීඩියෝ, පොස්ට් සහ දැනුවත් කිරීමේ අන්තර්ගතයන් (Contents) භාවිත කරමින්, මෙම පණිවිඩය ඉතා ආකර්ශනීය ලෙස ජනතාවට සමීප කිරීමට Power World කටයුතු කළේය.

මෙම වැඩසටහන මිලියන 4කට අධික පිරිසකට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ළඟා වූ අතර එය පෙර වැඩසටහන් වලට සාපේක්ෂව 70%ක වර්ධනයකි. එසේම, සමාජ මාධ්‍යයන්හි මේ සඳහා ලැබුණු ප්‍රතිචාර, අදහස් සහ බෙදා හැරීම් ප්‍රමාණය ද 289%ක ඉහළ යමක් වාර්තා කිරීමට සමත්ව තිබුණි. මෙම අලෙවිකරණ වැඩසටහන අතරතුර නව ලියාපදිංචිවීම් 58%කින් ඉහළ ගොස් සමස්ත ආදායමේ ද ශක්තිමත් වර්ධනයක් වාර්තා විය. තවද, Power World හි සමාජ මාධ්‍යය අනුගාමිකයින් ප්‍රමාණය ද අඛණ්ඩව වර්ධනය වෙමින් ශරීර සුවතා මධ්‍යස්ථාන සහ ඒවායේ සේවාවන් පිළිබඳ උනන්දුවක් දැක්වීම හේතුවෙන්, මෙම වැඩසටහන මගින් සිදු කළ ධනාත්මක බලපෑම මනාවට පිළිඹිබු විය.

ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වයන් හඳුනා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන SLIM DIGIS සම්මාන උළෙල,  විවිධ කර්මාන්තවල නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ ඵලදායීත්වය ඇගයීමට ලක් කරයි. ව්‍යාපාර, අලෙවිකරණය සහ ඩිජිටල් උපාය මාර්ග පිළිබඳ ගෞරවනීය වෘත්තිකයින් කිහිප දෙනෙකු විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව විනිශ්චය කරනු ලබන මෙම සම්මාන, කලාපයේ ඩිජිටල් ක්ෂේත්‍රය හැඩගස්වන විශිෂ්ට කාර්යයන් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පිරිනමයි.

වසර 30 කට අධික ශාරීරික යෝග්‍යතා පිළිබඳ විශේෂඥ දැනුම භාවිත කරමින් සිදු කරන ලද අලෙවිකරණ ප්‍රයත්න, ක්ෂේත්‍රය තුළ Power World Gyms හි ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ඇති ආකාරය මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු කරයි. මෙම අලවිකරණ වැඩසටහන, හුදෙක් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඉස්මතු කළා පමණක් නොව, වසර ගණනාවක් පුරා විශ්වාසනීය සන්නාමයක් ලෙස Power World Gyms විසින් ගොඩනගා ඇති විශ්වාසය ද යළි තහවුරු කළේය.

අවසානයි.

Share This Article