නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ එහි සභාපති වික්ටර් රාමනන් මහතා සහ අධ්යක්ෂ මණ්ඩලයට අදාළ අසත්‍ය, සාවද්‍ය, අසාධාරණ සහ ද්වේෂසහගත ප්‍රකාශ පළ කරන පුවත්පත් ලිපි සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපි කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත.
මින් සමහරක් ලිපි වල මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු දෙකක් පිලිබඳව, එනම් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 560/25 සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 53896/1/25 ගැන සඳහන් වේ.
එවැනි චෝදනා අපි තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එවන් අසත්‍ය, සාවද්‍ය, අසාධාරණ සහ ද්වේෂසහගත ලෙස ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත් වාර්තා, සමාජ මාධ්‍ය වාර්තා ආදිය නිවැරදි කිරීමේ අරමුණ සහිතව මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කෙරේ.
සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙනුවෙන් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි මීගමුව ශාඛා කාර්යාලයට අනුයුක්තව සේවය කරන සේවකයින් කිහිප දෙනෙකු විසින් සිදුකරන ලද තැන්පතු භාර ගැනීම සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ විවිධ අපරාධ අංශයට කරන ලද පැමිණිලි කිහිපයක් මත පදනම්ව මෙකී පළමු නඩුව, එනම් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 560/25, 2025 ජනවාරි 10 වන දින හෝ ඊට ආසන්න දිනකදී ආරම්භ කරන ලදී.
තවද, තැන්පතු ලෙස පිළිගත් අරමුදල් සෑම අවස්ථාවකදීම සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ බැංකු ගිණුමට තැන්පත් කොට ඇති අතර, කිසිදු මුදලක් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පත් කර නොමැත. ඒ අනුව එම වංචනික ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවන් ලෙස නම් කොට තිබේ. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වලදී මතුවන කරුණු මගින් ඉහත කී කරුණ සනාථ කරයි. තවද අදාල සෑම සියලු අවස්ථාවකදීම මේ සම්බන්ධව අප සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කොට ඇත.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සේවකයින් කිහිප දෙනෙකු සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ පෙළඹව්ම මත මෙම ගනුදෙනුවලට සම්බන්ධ වී ඇති බැවින්, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
ඉහත සඳහන් පැමිණිල්ල නිසා මෙන්ම සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ නිලධාරීන් විසින් එකී යාන්ත්‍රණයම අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එවැනි තැන්පතු භාර ගැනීම සහ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි නිලධාරීන්ව අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබූ බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය සිය භාරයට ගැනීමට තීරණය කර තිබුණි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ විධිමත් ඉල්ලීමකට අනුව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක බී 560/25 දරණ නඩුව අංක 53896/1/25 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලදී.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු හරහා ද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග කළ නඩුවේදී අනාවරණය වූ ඉහත කරුණු සනාථ කරයි. තවද, අංක 53896/1/25 දරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවේදී සැකකරුවන් එකොළොස් දෙනෙකු නම් කර ඇති බව සැලකිල්ලට ගත යුතුය. ඒ අතරට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 560/25 හි නම් කර ඇති සැකකරුවන් හය දෙනා ද ඇතුළත් ය.

සමස්තයක් වශයෙන් ඉහත සඳහන් කළ කරුණු සහ පවතින මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු සැලකිල්ලට ගත්කළ පහත සඳහන් කරුණු සනාථ වේ:
අ. මීගමුවේ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි කාර්යාල පරිශ්‍රය අනිසි ලෙස භාවිතා කරමින් සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ නිලධාරීන් විසින් තැන්පත්කරුවන්ගේ තැන්පතු ලබාගෙන ඇති බවයි.
ආ. එකී තැන්පතු ලබාගෙන ඇත්තේ සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ නිලධාරීන් විසින් බවත්, තැන්පත්කරුවන්ට නිකුත් කරන ලද සියලුම පොරොන්දු නෝට්ටු හා සහතික නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී විසින් නොව සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් නිකුත් කර ඇති බවත්ය.
ඇ. සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ නිලධාරීන්ට ලැබුණු මුදල් සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ බැංකු ගිණුම්වලට තැන්පත් කර ඇති අතර, එයින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඉහත තැන්පතු සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙනුවෙන් සහ ඒ නමින් පිළිගෙන ඇති බවත්, තැන්පතු වලින් ලබාගත් මුදල් සීමාසහිත සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ගිණුම්වලට ගොස් ඇති බවත්ය.
මෙම මාධ්‍ය නිවේදනයේ අරමුණ වන්නේ ඉහත සඳහන් අවස්ථා දෙකට අදාළ නිවැරදි සත්‍ය තත්ත්වය මහජනතාවට සහ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පත්කරුවන්ට පෙන්වා දීමයි.
ඒ අනුව, එකී පුවත්පත් ලිපියේ සහ සමාජ මාධ්‍ය ලිපිවල අන්තර්ගතය අසත්‍ය සහ සාවද්‍ය වේ.
මෙය නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි.
Recent Comments