දශක දෙකක් පුරාවට දේශීය සිසුන්ගේ විදෙස්  අධ්‍යාපන සිහිනයන්  සාර්ථක කර දීමට පුරෝගාමියා වූ ABEC Premier අධ්‍යාපන උපදේශනසමාගමේ 20 වසරක මෙහෙවර සැමරේ

Mic
By Mic
5 Min Read

ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන  ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන Australian Business Education Centre (ABEC Premier) විසින් සිය 20 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ අභිලාෂයන් සාර්ථක ගෝලීය කතාවන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා සමාගම කැපවී සිටියි. කොළඹ දී සමාගම ආරම්භ කළ මුල් කාල වකවානුවේ  දී විදේශ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව වරප්‍රසාදයන් සහිත කිහිප දෙනෙකුට පමණක් සීමා විය. මෙම පරතරය පියවීමේ අවශ්‍යතාවය මැනවින් හඳුනාගත් ABEC ආයතනය සැලකිය යුතු මූල්‍යමය ශක්තියක් ඇති අයට මෙන්ම විදේශීය අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන මධ්‍යම පාන්තික සිසුන්ට ද ජාත්‍යන්තර අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ සුවිශේෂී මෙහෙවරට මුල පුරන ලදී.

මුල් අවධියේදී සිංගප්පූරුව කෙරෙහි සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත සුදුසුකම් මෙන්ම ගෝලීය ප්‍රමිතියට අනුකූල ප්‍රායෝගික පුහුණුව පිරිනමන ආගන්තුක සත්කාර වැඩසටහන් කෙරෙහි ABEC සමාගමේ  වැඩි අවධානයක් යොමු විය. මධ්‍යම පාන්තික පවුල් අතර ඉහළ ජනප්‍රියත්වයක් ලද ගමනාන්තයක් වූ ජපානය කෙරෙහි ද සමාගමේ අවධානය හිමි වූ අතර පසුකාලීනව ප්‍රමුඛ පෙළේ මැලේසියානු විශ්වවිද්‍යාල සමඟ හවුල්කාරිත්වයකට පිවිසීමට පියවර ගැනිණි.

ABEC සමාගම සිය විශේෂඥතාවය  තවදුරටත් වර්ධනය කරගනිමින් එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයන් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. එම සවිමත්  හවුල්කාරිත්වයන් ඔස්සේ දේශීය සිසුන්ට විෂයන් රැසක් යටතේ විදේශීය අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසමින් නිම් වළලු පුළුල් කරන ලදී.කොළඹ, මහනුවර , කුරුණෑගල ,ගාල්ල සහ යාපනය ආදී ප්‍රදේශවල ABEC ආයතනය ස්ථාපනය කර ඇති අතර ඒ ඔස්සේ දිවයින පුරා සිටින සිසු සිසුවියන්ට අවශ්‍ය විශේෂඥ මග පෙන්වීම සහ සහයෝගය පිරිනමනු ලබයි.

දේශීය සිසුන් 10,000කට අධික සංඛ්‍යාවක් වෙත විදෙස් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන්  ABEC ආයතනය පසුගිය වසර 20 තුළ දී සිය දායකයත්වය සපයා ඇත.  මෙම විදෙස් අධ්‍යාපනය හරහා ළඟා කර ගත් උසස් දැනුම, ගෝලීය අත්දැකීම් මෙන්ම වටිනා වෘත්තීය සබඳතාවන් සමඟ නැවත  ශ්‍රී ලංකාවට පැමිණෙමින් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට ද සිය සහය ලබාදීමට  මෙම උපාධිධාරීන් සමත් වී තිබේ. එමෙන්ම ප්‍රමුඛ පෙළේ සංවිධානවල සාර්ථක වෘත්තීන්  මෙහෙයවමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සාඩම්බරයෙන් නියෝජනය කිරීමට ද  විදේශයන්හි රැඳී සිටින සිසුන් සමත් වී ඇත.

සිසුන්ට ජපානය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල  ඉහළ තරඟකාරී ශිෂ්‍යත්ව සාර්ථකව ලබා ගැනීමට උපකාර කිරීම ABEC හි ගමන් මගේ කැපී පෙනෙන මෙහෙවරක් වේ. මෙමඟින් පවුල්වල මූල්‍යමය පිරිවැය අවම කිරීමට පමණක් නොව සුදුසුකම් සහිත සිසුන්ට ජාත්‍යන්තර  මට්ටමේ අධ්‍යාපනයට පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථා ද සලසා දී ඇත.

ABEC සමාගමේ දැක්ම සැමවිටම අධ්‍යාපනයෙන් ඔබ්බට විහිදෙයි. රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සවිමත් කිරීම සඳහා සිදුකළ  ඉල්ලීමෙන් දිරිමත් වෙමින්  2022 වසරේ අගභාගයේ  මහනුවර දී Grand Serendib හෝටල් පරිශ්‍රය ආරම්භ කරමින් ABEC සමාගම ආගන්තුක සත්කාර කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රවේශ විය.  ශ්‍රී ලාංකික සංස්කෘතිය, ආගන්තුක සත්කාර සහ සංචාරක  ව්‍යාපාරයේ හැකියාවන්  පිළිබඳ සමාගම දක්වන  විශ්වාසය මේ තුළින් මැනවින් පිළිබිඹු වේ. ABEC හි ආගන්තුක සත්කාර ව්‍යාපාරය ඔස්සේ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, දේශීය ජනතාව වෙත සහයෝගය ලබා දීම සහ ශ්‍රී ලාංකික අභිමානය ලොවට විදහා දැක්වීමට බලාපොරොත්තු වේ.දේශීය ආර්ථිකය සඳහා සෘජු හා වක්‍ර රැකියා යන දෙඅංශයම ඔස්සේ සැලකිය යුතු දායකයත්වයක් ලබාදෙමින් සැපයුම්කරුවන්, ගොවීන් සහ ආහාර නිෂ්පාදකයන් වෙත සමාගම සිය අඛණ්ඩ සහයෝගය ලබාදෙයි.

මෙම සුවිශේෂී සංවත්සර  සැමරුමේ දී ABEC සමාගමේ දෙවන ප්‍රමුඛතම ව්‍යාපාරය වන “Hotel Grand Serendib Colombo” සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියේ

නිල එළිදැක්වීම සනිටුහන් කෙරේ. ඇමරිකානු ඩොලර් මිලියන 14 (රුපියල් බිලියන 4) ඉක්මවූ මෙම ව්‍යාපෘතිය සෘජු විදෙස්  ආයෝජනයක් ලෙස දියත් කෙරේ.

 ABEC සමාගම අධ්‍යාපන මෙන්ම ආගන්තුක සත්කාර යන අංශ ද්විත්වයේම තිරසාරභාවය පවත්වා ගැනීම වෙනුවෙන්  බොහෝ කැපවීමෙන් කටයුතු කරයි.එමෙන්ම පරිසර හිතකාමී ක්‍රමවේදයන්  ප්‍රවර්ධනය කිරීම සහ වගකීම් සහගත සංචාරක ව්‍යාපාරයන්  ප්‍රවර්ධනය කිරීම තුළින්  ශ්‍රී ලංකාවේ ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමට සමාගම  අඛණ්ඩව කටයුතු කරයි. පරිසර සුරක්ෂිතතාවය කෙරෙහි පමණක් නොව අනාගත පරම්පරාවන් සඳහා දිගුකාලීන අවස්ථාවන් පිරිනැමීම ද මෙමඟින් සහතික කෙරේ.

 ABEC Premier විදේශීය අධ්‍යාපන හා වෘත්තීය සිහින සැබෑ කර ගැනීමට බලාපොරොත්තු දල්වා ගෙන සිටින දේශීය සිසුන් සඳහා විශ්වාසනීය සහකරුවෙකු  ලෙස ඉටුකර ඇති සාඩම්බරණීය කාර්භාරය වසර 20කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා සපැමිණි ගමන් මග නැවත විමසීමේ දී මැනවින් පසක් වේ. ඉදිරියට ගමන් කරමින් අවස්ථාවන් පුළුල් කිරීම මෙන්ම ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනැංවීම ඔස්සේ මෙරට මානව ප්‍රාග්ධනයට මෙන්ම ආර්ථික සංවර්ධනයට ද  අර්ථවත් දායකයත්වයක් සැපයීමට ABEC නිරන්තරයෙන් කැපවී සිටියි.

Share This Article