DPMC වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි

Mic
By Mic
5 Min Read

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පසුගියදා බත්තරමුල්ලේ පිහිටි DPMC ප්‍රදර්ශනාගාරයේ දී  මෙම නවතම KTM මෝටර් සයිකල් මාදිලි පෙළ එළිදැක්වූ අතර එමඟින් මෙරට පාරිභෝගිකයන් වෙත ගෝලීය මට්ටමේ ගමන් පහසුව සලසා දීමට සමාගම සතු කැපවීම යළිත් තහවුරු විය. මෙම පියවර මඟින් මෙරට Premium යතුරුපැදි කාණ්ඩයේ නව ප්‍රබෝධයක් ඇති කරන අතර ලොව ප්‍රමුඛතම සන්නාමයක් මෙරට වෙත යළි පිවිසීම සංකේතවත් කරයි.

ආනයන සීමාවන් පැනවීමට පෙර DPMC විසින් KTM මෝටර් සයිකල් 3,000කට ආසන්න ප්‍රමාණයක් සාර්ථකව අලෙවි කර තිබූ අතර පසුගිය වසර පහක කාලය තුළ නව ආනයන කටයුතු තාවකාලිකව අත්හිටවා  තිබුණ ද දැනට පවතින මෝටර් සයිකල් සඳහා DPMC ලබා දුන් විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සහ තාක්ෂණික සහය හේතුවෙන් පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව රැකගැනීමට එම සමාගමට හැකි විය. ගෝලීය වශයෙන් යුරෝපයේ අංක එකේ රේසිං මෝටර් සයිකල් සන්නාමය වන KTM, MotoGP සහ Dakar Rally වැනි ජාත්‍යන්තර තරඟාවලි හරහා තහවුරු කළ සිය රේසිං උරුමය සහ ඉංජිනේරු විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවට රැගෙන එන අතර මෙවර හඳුන්වා දුන් Duke 160, Duke 250 සහ Adventure 390 X යන මාදිලි ත්‍රිත්වය ඒ සඳහා කදිම උදාහරණයකි. මෙම සෑම මාදිලියක්ම ක්‍රියාකාරීත්වය, වේගය සහ නවීන තාක්ෂණය යන අංගයන්ගෙන් සමන්විතය.

KTM මෝටර් සයිකල් ආක්‍රමණශීලී පෙනුමකින් සහ WP APEX USD සස්පෙන්ෂන්, 6-speed ගියර් පද්ධතිය සහ දියර සිසිලන එන්ජින් වැනි නවීන තාක්ෂණික අංගයන්ගෙන් සමන්විත වේ. තවද තෝරාගත් මාදිලි අනුව Supermoto ABS, Ride-by-wire, Slipper clutch සහ Quickshifter+ වැනි උසස් පහසුකම් මෙන්ම නවීන TFT වර්ණ සංදර්ශක හරහා රියදුරුට උපරිම ආරක්ෂාවක් සහ උද්යෝගිමත් ධාවන අත්දැකීමක් ලබා දෙයි. KTM හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා ලෙස DPMC දැනටමත් දිවයින පුරා සිය ප්‍රදර්ශනාගාර සහ සේවා ජාලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් වෙත ද මෙම සේවාවන් ව්‍යාප්ත කරමින් පුහුණු තාක්ෂණික කණ්ඩායම් සහ අව්‍යාජ අමතර කොටස් ලබා දීමට සමාගම පූර්ණ සූදානමින් සිටියි.

KTM මෝටර් සයිකල් පිළිබඳ වැඩිදුර තොරතුරු 0114700600 ඇමතීමෙන්, www.dpmco.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ KTM Sri Lanka ෆේස්බුක් පිටුව හරහා ලබාගත හැකිය.

ඡායාරූප

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩේවිඩ් පීරිස් මහතා KTM Duke 250 මෝටර් සයිකලයක් සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු. සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ, ප්‍රධාන නිළධාරී – වාහන විකුණුම් ලක්මාල් ද සිල්වා, ඉන්දියාවේ බජාජ් ඔටෝ ලිමිටඩ්හි අංශ භාර කළමනාකරු – ජාත්‍යන්තර විකුණුම් සංජීව් කුමාර් සුකිජා සහ අංශ භාර කළමනාකරු – සේවා විජයසිංග් ෂේකාවට් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

Share This Article