විශිෂ්ට අත්දැකීමක් සඳහා හච්, කොළඹ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කරයි

Author
By Author
1 Min Read

හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,‍් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,‍් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය සහ හච් කළමණාකාරිත්වය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහභාගී වූහ.

“Be. Anywhere.” තේමාවට අනුව ඕනෑම ස්ථානයක සිට හච් සබඳතාව අත් විඳීම පිණිස පාරිභෝගිකයින් බල ගන්වමින්, හච් විසින් මෑතකදී දිවයින පුරා ව්‍යාප්ත ජාත්‍යන්තර මට්ටමේ 4G ජාලය දියත් කිරීම සාර්ථකව සම්පූර්ණ කෙරිණි. 2G සහ 3G ජාල පුළුල් කිරීම ඇතුළුව සිදු කෙරුණු එම දැවැන්ත ජාල ව්‍යාප්තිය මගින් පාරිභෝගික ගැටලුවලට විසඳුමක් වශයෙන් නව්‍යතම සන්නිවේදන සේවාවන් හඳුන්වා දෙන අතරම, පාරිභෝගිකයින් හට වඩා හොඳ ජාල අත්දැකීමක් ලබා දීමට හච් වෙත හැකියාව සැලසිණි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *