Sinhala

Carmart වෙතින් මෝටර් රථ අලෙවියන් පසු “VIDEOCHECK” ඩිජිටල් සේවාව, ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙයි .

ශ්‍රී ලංකාවේ Peugeot හි නිල නියෝජිත Carmart  පුද්ගලික සමාගම මෝටර් රථ නඩත්තු  ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් Peugeot මව් සමාගමේ “VIDEOCHECK” සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසෙයි. ඒ අනුව online තාක්ෂණය ඔස්සේ වාහනයේ වීඩියෝවක් පාරිභොගිකයා වෙත යොමුකර, online ඇස්තමේන්තුවක් ලබා දීමටත් පාරිභෝගික අනුමැතියෙන් අනතුරුව පසු කාලින සේවා සහාය ලබා දීමටත් මේ හරහා අවකාශය සැලසේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලෙවියෙන් පසු VIDEOCHECK සේවාව

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට මුලිකත්වය දෙන නව වාතාවරණය තුළ බොහෝ කාල වෙලාවක් ගතවීම වළක්වාලමින් VIDEOCHECK ක්‍රමවේදය එම බාධාවන් ජය ගනිමින් ඉදිරියට ගොස් ඇත. යුරෝපය තුළ VIDEOCHECK ක්‍රමවේදය පුළුල්ව පරීක්ෂා කිරීම මගින් වැඩි දියුණු කර ඇති අතර මෙය Carmart හී ඩිජිටල්කරණය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ දිගුකාලීන උපායමාර්ගයන්ගේ මූලික අංගයකි.

ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල පාරිභෝගික සේවා ක්‍රියාවලියට නව ඉහළ වටිනාකමක් එක් කරමින් VIDEOCHECK සේවාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල ලෙස එම රටවල උසස් මට්ටමේ පාරිභෝගික තෘප්තියක් මෙම සඳහා පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද වන විට ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ඉතාලිය, සහ පෝලන්තය පුරා PSA ජාලයන් ක්‍රියාත්මක කර ඇති අතර එහි වැඩි දුර පරීක්ෂණ ජර්මනියේ සිදු කෙරෙමින් පවතී. ඒහිදී ආසියා පැසිෆික් කලාපයේ VIDEOCHECK ක්‍රියාත්මක කළ පළමු රට ශ්‍රී ලංකාවයි.

VIDEOCHECK ක්‍රියා කරන ආකාරය

 VIDEOCHECK ක්‍රියාවලිය ඉතා සරලය. මෙමගින් ගනුදෙනුකරුවා සේවා ස්ථානයේ අන්තරායකර පරිසරයෙන් මුදවා තැබෙන නමුත් ඔහුට සිය වාහනය අසලම සිටිනවා සේ එම කටයුතු නැරඹීමට අවස්ථාව ලබා දෙයි. එහිදී සේවා සැපයීම හෝ අලුත්වැඩියා කිරීම සඳහා මෝටර් රථයක් භාර දුන් පසු, මෝටර් රථය සෝපානයක(car lift) තබා, පරීක්‍ෂා කර වීඩියෝ දර්ශන පටිගත කරනු ලැබේ.

මගීන්ගේ ආරක්ෂාව හෝ මාර්ග යෝග්‍යතාවයට මුලිකත්වය දෙමින් වැදගත් සහ හදිසි අවශ්‍යතාවයන් විශේෂයෙන් සඳහන් කිරීමට නිෂ්පාදකයා විසින් වර්ගීකරණය කරන ලද පිරික්සුම් ලැයිස්තුවක් මෙහිදී භාවිත කරයි. ඊට අමතරව ටයර් වල තත්වය, තිරිංග වල තත්වය ද මෙම පරික්ෂාව අතරතුර සිදු කෙරේ.

වීඩියෝ පටය රූගත කිරීමෙන් අනතුරුව සිදු කළ යුතු කාර්යයන් පිළිබඳව විස්තර කිරීමක් සිදු කෙරේ. ඒ සඳහා ලයිස්තු ගත කර ඇති සේවාවන්ගෙන් පාරිභෝගිකයා ඉල්ලා සිටින සේවාවන් ආදියත්, යෝජිත අළුත්වැඩියා පිළිබඳව සහ වෙනත් කරුණුද ඇතුළත් වේ.මෙම වාර්තාව විද්‍යුත් තැපෑලෙන් හා කෙටි පණිවුඩයක් මගින් පාරිභෝගිකයාට යවනු ලබන අතර, පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයකින් වීඩියෝ සමඟ සම්පූර්ණ  ග්‍රැෆික් සහිත වාර්තාව විවෘත කර අන්තර්ජාලය හරහා අදාළ අනුමැතිය ලබා දිය හැකිය. මෙය සම්ප්‍රදායික ඊමේල් වාර්තා කිරීම් ක්‍රමයට වඩා කැපී පෙනෙන නව්‍යකරණයන්ගෙන් සමන්විතය.

Peugeot හිමිකාරිත්ව අත්දැකීම මෙම නව හා ආකර්ෂණීය නවෝත්පාදනයන් හරහා වඩාත් උසස් තලයකට ගෙන ඒමට හැකි වනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රථමයා වන Carmart විශ්වාසය තබා ඇත. 1953 සිට ශ්‍රී ලංකාවේ එකම Peugeot නිෂ්පාදකයා-බලයලත් ආනයනකරු / බෙදාහරින්නා Carmart වන අතර එය ආසියාවේ දීර්ඝතම සහ   ලොව 4 වන  පැරණිතම සන්නාම හවුල්කාරුවා ද වේ. වැඩි විස්තර සඳහා www.peugeot.lk වෙත පිවිසෙන්න හෝ 0114447888 අමතන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *