Sinhala

Intelligent noise cancellation තාක්ෂණය සමඟින් එන Huawei FreeBuds 3i දැන් වෙළඳ පොළේ

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි.   අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ Intelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳ පොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම උපාංගයක් ලෙස හැඳින්විය හැකිය. 

දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී බෝහෝ දෙනෙකුට ගැටළුවක්ව පවතින බාහිර ශබ්ද අවම කිරීමේ ගැටලුවට කදිම පිළියම් සපයමින්  Huawei FreeBuds 3i වෙත ද්විත්ව සහ ත්‍රිත්ව මයික්‍රෆෝන් ශබ්ධ අවම කිරීමේ විශේෂාංගය ඇතුළත් කර ඇති අතර ඒ හරහා 32dBක්  දක්වා බාහිර ශබ්ධ අවම කිරීමට හැකියාව පවතී.   වෙනත් තරඟකාරී නිෂ්පාදන හා සැසඳීමේ දී මෙය ඉතා ඉහළ බාහිර ශබ්ධ අවම කිරීමේ අගයකි. මේ හරහා පරිශීලකයාට වඩාත් පැහැදිළි ලෙස ඇමතුම් ලබා ගැනීමේ ඉඩකඩ හිමිවේ. 

Huawei FreeBuds 3i පවතින තවත්  සුවිශේෂී අංගයක් ලෙසින් smart touch control ක්‍රමවේදය හැඳින්විය හැකිය. ඒ හරහා  FreeBuds 3i උපාංගය ස්පර්ශ කිරීමේදී, පරිශීලකයින්ට ශබ්දය අඩු වැඩි කිරීම මෙන්ම එය සක්‍රිය හෝ අක්‍රිය කිරීමද සිදු කළ හැකිය, තවද  ඒ මත දෙවරක් ටැප් කිරීම මගින් සංගීතය නාද කිරීමට හෝ නැවැත්වීමටද, ඇමතුම්වලට පිළිතුරු දීමටද පරිශීලකයින්ට හැකියාව පවතී. එමෙන්ම උපාංගය කණෙන් ඉවත් කරන විට සංගීතය ස්වයංක්‍රීයව නතර වන අතර, නැවත එය පැලඳ ගන්නා විට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමද සිදු වන අතර, FreeBuds 3i උපාංගය ඇසුරුමෙහි රැඳවූ විට standby mode වෙත මාරු වේ.

බරින් ග්‍රෑම් 5.4 ක් පමණක් වන Huawei FreeBuds 3i පරිශීලකයාට පැළඳීමට පහසු සැහැල්ලු උපාංගයකි. එමෙන්ම, පරිශීලකයින් හට එය ඕනෑම තැනක ගෙන යාම පහසු වනු පිණිස, එහි charging case 51g ක තරම් සැහැල්ලු බරකින් නිමවා තිබේ. පහසුවෙන් මහපට ඇඟිල්ලෙන් හැසිරවිය හැකි පරිදි එහි power button දකුණු පසින් පිහිටා ඇත. තවද උපාංගයේ ඇතුළත සහ පිටත indicator light පිහිටා ඇති අතර එමගින් බැටරි ධාරිතාවය පිළිබඳ දැනුම් දීම් සිදු කරනු  ලබයි. 

Huawei FreeBuds 3i  උපාංගය Huawei ස්මාර්ට් ජංගම දුරකතනයක් අසල සිට, pairing mode වෙත මාරු වූ විට, උපාංගය හා සම්බන්ධ කිරීමට අවසර ඉල්ලා Huawei ස්මාර්ට් ජංගම  දුරකතනයට ක්ෂණික දැනුම් දීමක් ලැබේ.  පළමු pairing,  කිරීමෙන් පසුව, පරිශීලකයා charging case විවෘත කරන සෑම අවස්ථාවකම උපාංගය ස්වයංක්‍රීයව සම්බන්ධ වේ. ඒ සෑම අවස්ථාවකම පරිශීලකයාගේ පහසුව සඳහා notifications ස්මාර්ට් ජංගම දුරකතනයට ලැබේ.

එමෙන්ම, Huawei FreeBuds 3i මගින් එක් charging වාරයකින් අඛණ්ඩව පැය 3.5 ක කාලයක් සංගීතය රස විඳීමට ඉඩ සලසා තිබේ. පුළුල් පරාසයක විහිදෙන පරිශීලක අවශ්‍යතා සපුරාලීමටද එය ප්‍රමාණවත් වේ.

Huawei FreeBuds 3i,  Huawei smart watches, smartphones, සහ  tablets ඇතුළු උපාංග රැසක් හා සම්බන්ධ කල හැකි වීමද විශේෂ වේ.  FreeBuds 3i උපාංගයෙහි මතුපිට ප්‍රදේශය high-gloss ආලේපනයකින් යුක්තව නිමවා තිබීම හේතුවෙන්, පරිශීලකයින්ගේ සිත් ඇද ගන්නට සමත් උපාංගයකි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *