Uncategorised

කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කර පළමු පස් පිඩැල්ල කැපීමේ උත්සවය උත්කර්ෂවත්ව පවත්වයි

ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම්කරුවා වන කෙල්සි හෝම්ස් සිය නවතම ව්‍යාපෘතිය වන සෙන්ට්‍රල් පාර්ක්

ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කරමින් පළමු පස් පිඩැල්ල කපා ඉදිකිරීම ඇරඹීම පසුගිය පෙබරවාරි 6 වනදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල නිවාස ව්‍යාපෘතිය නිවාස ඒ්කක 350ට අධික විවිධ පහසුකම් 40කටත් වඩා වැඩි නව්‍යකරණය හා සබැඳුනු නිවාස ව්‍යාපෘතියක් වීම එහි විශේෂත්වයයි. MICD Associates හි සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ඉස්මයිල් මහතා විසින් මෙම  නිවාස ඒකක සැලසුම් කර ඇති අතර දීපාල් වික්‍රමසිංහ ඇසෝසියේට්ස් (පුද්) සමාගම මෙම ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක ඉංජිනේරුවන් වශයෙන් කටයුතු කරයි. මෙරට ප්‍රධාන නගරයක් වන ජා ඇල නගරාසන්නයේ අක්කර 15ක සශ්‍රීක භූමියක මෙම සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් අති සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. එහිදී ඉතාමත් කෙටි කාලයක් තුළ නිවාස හා මහල් නිවාස ඒකක වලින් 50% කට වඩා අලෙවි විය. විශේෂයෙන්ම පළමු අදියරේ මහල් නිවාස 70ක ප්‍රමාණය දියත් කරන ලද දින සිට දින 30ක් ඇතුළත අලෙවි වී අවසන් විය. ලෝකයම වසංගතයකින් වෙළාගෙන තිබූ මො‌හොතක අප රට ද අක්‍රිය අන්දමේ පවතිද්දී පවා ඒවැනි සාර්ථකත්වයක් හිමිකර ගැනීම සමාගම ලද සුවිශේෂී ජයග්‍රහණයකි. දෙවන අදියර 2020 සැප්තැම්බර් මාසයේදී දියත් කරන ලද අතර මේ වන විට මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 356 කින් ඒකක 190 කට වඩා අලෙවි වී තිබේ. අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් පවතින මොහොතකදීත් ගනුදෙනුකරුවන්ගෙ ඇති සැලකිය යුතු ඉල්ලුම සමාගම කෙරෙහි ඇති විශ්වාසයත් ශ්‍රී ලංකා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සමාගම තබා ඇති සලකුණ පිළිබඳවත් පිළිබිඹු කෙරෙන සත්‍ය ප්‍රතිමුර්තියකි.

කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි ලලින්ද කළුබොවිල මහතා ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි සාර්ථකත්වය පිළිබඳව මෙසේ අදහස්  දැක්විය. zzසෙන්ට්‍රල් පාර්ක් ජා ඇල පළමු හා දෙවන අදියරවල සාර්ථකත්වය තුළින් කෙල්සි හෝම්ස් හි ගනුදෙනුකරුවන්ට අප පිළිබඳ ඇති විශ්වාසය සහ පැහැදීම තව තවත් තහවුරු වූ බවට අපට දැක ගන්නට ලැබුණා. විචිත්‍රත්වයෙන් පිරිපුන් සුඛෝපභෝගී අන්දමින් සැලසුම් කරන ලද උසස් තත්ත්වයේ  නිවාස සහ මහල් නිවාස නිර්මාණය කිරීමේදී අඛණ්ඩව එම විශ්වාසය තව තවත් වර්ධනය කර ගැනීම අපගේ අධිෂ්ඨානය වී තිබෙනවා. සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතිය සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් ඇති වන බව අපගේ විශ්වාසය වන අතර විශාල පිරිසකට අපූර්ව ජීවන රටාවක් සදහා අවශ්‍ය පරිසරය නිරමාණය කිරීමට හැකිවීම පිළිබදව අප බෙහෙවින්ම සතුටු වනවා.”

සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතිය මගින් එම පරිශ්‍රය තුළ සුවපහසු, නිදහස් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය අසමසම සේවාවන් සහ නවීන පහසුකම් රාශියක් පිරිනමයි. එහිදී පරිශ්‍රයට පැය 24 පුරා සැපයෙන ආරක්ෂාව ඇතුළුව සුපිරි වෙළදසැළක්, කැෆේ,  පොත් සාප්පුවක්, ATM පහසුකම්, බිල් ගෙවීමේ පහසුකම්, රූපලාවණ්‍යාගාරයක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ලොන්ඩරි සේවාවක්, රියදුරු සහ සේවිකාවන්ගේ නිල නිවාස, විදුලි මෝටර් රථ සඳහා ස්වයංක්‍රීය ආරෝපණ මධ්‍යස්ථානයක් සහ වාහන සේදීමේ සේවාවක් ද ඇතුළත්ය. ඒසේම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන පුද්ගලයින්ට එළිමහන් ව්‍යායාම් මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක්, අංගසම්පූර්ණ ගෘහස්ථ ව්‍යායාම මධ්‍යස්ථානයක්, ඇවිදීමේ මංතීරුවක්, පැසිපන්දු පිටියක්, යෝග මධ්‍යස්ථානයක් සහ සුවතා මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් වලින් ද මෙම නිවාස ව්‍යාපෘතිය සමන්විතය.

මීට අමතරව පවුලේ අයට සහ මිතුරන්ට විනෝදාස්වාදය සඳහා නිර්මාණය කර ඇති Roof terrace සාද ප්‍රදේශය, එළිමහන් BBQ ප්‍රදේශය, පිහිණුම් තටාකයට මුහුණලා ඇති විවෘත උත්සව ශාලාව, විවෘත සදළුතල පහසුකම් මෙන්ම  Club house පහසුකම ද මෙමගින් පිරිනමන සුවිශේෂී සේවාවන් අතරට  ඇතුළත්ය. එලෙසම දරුවන්‌ සදහා ගෘහස්ථ ක්‍රීඩා පිටිය, ළමා පිහිනුම් තටාකය සහ එළිමහන් ක්‍රීඩා කලාපය තුළ ළමයින්ට නිමක් නැති විනෝදාස්වාදයක් ලබා ගැනීමේ හැකියාව ඇත. සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල, කොළඹ-මීගමුව  ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500 ක් දුරින් පිහිටා ඇති අතර ස්වාභාවික පරිසරයක නූතනත්වයේ පරිපූර්ණ බවින් එය අංග සම්පුර්ණය.

ඒ අනුව රටේ වඩාත් ප්‍රමුඛතම ස්ථානයක් වන ජා ඇල පිහිටා ඇති ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල්, බැංකු සහ සුපිරි වෙළඳසැල් සහ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට (E03) සමීපව පිහිටා ඇත. ඒ් අනුව සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල සිට කටුනායකට විනාඩි 20 කින් සහ 2022 වසරේ විවෘත කිරීමට නියමිත වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය හරහා වරාය නගරයට විනාඩි 30කින් ප්‍රවේශ විය හැකිය.

කෙල්සි ඩිවෙලොප්මන්ට්ස් පීඑල්සී හි සභාපති එර්ඩ්ලි පෙරේරා මහතා රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීමේ පහසුවට අමතරව පදිංචිකරුවන්ට මෙහිදී ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සමග සමීප වීමට මෙම ප්‍රවේශයන් හරහා ලැබෙන පුළුල් අවස්ථාව පිළිබඳව මෙසේ පැවසීය. “කෙල්සි හෝම්ස් කියන්නේ ශ්‍රී ලංකාව තුළ සුව පහසු ජීවිතක් ගත කරන ජනතාවක් බිහි කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරන සමාගමක්. සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල යනු අපගේ මෙම දර්ශනයේ දිගුවක් බව සඳහන් කල හැකියි. සොබාදහම මධ්‍යයේ නූතනත්වය හා කේන්ද්‍රීයත්වය ලබා දීමෙන් මෙම ව්‍යාපෘතිය මෙතරම් ඉක්මණින් අත්කර ගෙන ඇති අති සාර්ථකත්වය පිළිබඳව අපට බෙහෙවින්ම සතුටු විය හැකියි.ZZ

සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.kelsey.lk/central-park/ වෙත පිවිසෙන්න. නැතහොත් 0770773773 අමතන්න.

Kelsey Homes පිළිබඳව – Kelsey Homes යනු ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේපළ සංවර්ධන ආයතනයකි. වසර 35කට වඩා අත්දැකීම් වලින් සම්පුර්ණ සහ ශ්‍රී ලංකාව තුළ 200කට වැඩි දේපළ සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති සිදුකර ඇති මෙම ආයතනය ජනශක්ති සමාගම් සමූහයේ සාමාජිකත්වය දරන Kelsey Homes Development PLC ආයතනයේ අනුබද්ධිත පරිපුර්ණ අයිතිය හිමි තවත් එක් ආයතනයකි. Kelsey Homes සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම සහ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස 1983 සිට නවීනත්වය පිරි පරිපුර්ණ ජිවන අත්දැකීම් සිය පාරිභෝගිකයන්ට උරුමකර දීම උදෙසා වෙහෙසෙන සහ සංගෘහිත පරිසරයක් තුළ පැය 24 පුරා මනා ආරක්ෂාවක් ඇති නිවාස ඒකක නිර්මාණය කරන අතර උදාහරණයක් ලෙස මෑතකදී ඉදිකිරිම නිම කරන ලද ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි නිවාස ඒකක 100කින් සමන්විත TEMPLER’S SQUARE නිවාස සංකීර්ණය ආදී ආයෝජනය කළ මුදලට වැඩි ප්‍රතිලාභ අත්කර දුන් නිවාස ව්‍යපෘතියක් ලෙස හැඳින්විය හැක. අක්කර හයක භූමි ප්‍රදේශයක ඉදිකර තිබෙන මෙම නිවාස සංකීර්ණයෙහි නිවාස වල මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් ඒවායේ පදිංචිකරුවන්ට විශාල වටිනාකමක් හිමිව තිබේ. අප ආයතනයේ විශ්වාසය සහ කැපවීමේ පිළිබිඹුවක් ලෙස වසරක නිවාස පිරිසැකසුම් කාලයකුත් ලබා දී තිබේ.

ඡායා රූප විස්තර – මෙම පළමු පස් පිඩැල්ල කැපීමේ අවස්ථාවට ජනශක්ති සමූහයේ සභාපති චන්දන ද සිල්වා මහතා, ජනශක්ති සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් මහතා, කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හී සභාපති එර්ඩ්ලි පෙරේරා මහතා, කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හී අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් මහතා, කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හී ප්‍රධාන විධායක නිලධාරී ලලින්ද කළුබෝවිල මහතා, සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින්ස් පීඑල්සී හී ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාන් වීරසේකර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ. (වමේ සිට )

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *