Sinhala

මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ නවතම ශාඛාව හෝමාගමදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය පසුගියදා සිය 13 වන ශාඛාව හෝමාගම නගරයේදී විවෘත කළේය. මෙමගින් ලබන මාර්තු 31 වනදා දක්වා රසායනාගාර පරීක්ෂණ සඳහා 50% ක වට්ටමක්, රෝහල් ගාස්තු රහිත විශේෂඥ වෛද්‍ය උපදේශන සහ නොමිලේ රුධිර සීනි පරීක්ෂණ ඇතුළුව විශේෂ හඳුන්වාදීමේ දීමනා රැසක් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ.

සියලුම බාහිර රෝගීන්ට අවශ්‍ය නවීන සෞඛ්‍ය සේවා පහසුකම් එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ හෝමාගම නවතම ශාඛාව ආරම්භ කෙරුණු අතර එහිදී විශේෂඥ වෛද්‍ය උපදේශන, රසායනාගාර සේවා, සෞඛ්‍ය පරීක්ෂාවන්, බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකක, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනිං, ඩිජිටල් එක්ස්-රේ සහ ෆාමසි සේවාව, ඇතුළු සේවාවන් රැසක් ඇතුළත්ව ඇත. එහිදී සෑම සේවාවක් සඳහාම පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සත්කාරයක් සමඟ ඉහළම පහසුකම් ලබා දීම සහතික කෙරේ.

නවීන ප්‍රමිතීන්ට අනුකූලව සැලසුම් කර සංවර්ධනය කර ඇති සියලු පහසුකම් වලින් සමන්විත මෙම නව ශාඛාව හරහා හෝමාගම නගරයේ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජනතාවට ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා රාශියක් සැපයේ.  සියළුම ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙඩිහෙල්ප් හොස්පිට්ල්ස් හී දිගු කාලීන දැක්ම  වන අතර හෝමාගම නව ශාඛාව විවෘත කිරීම තුළින් එය තව දුරටත් ඉදිරියට ගෙන යන බවට සහතික කොට ඇත.

රෝගියා කේන්ද්‍රකර ගත් මෙඩිහෙල්ප් හි සුවිශේෂී සෞඛ්‍ය සේවා පිරිනැමීම දැරිය හැකි මිලකට ලබා දීම, පහසුවෙන්ම සෞඛ්‍ය  පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම, පුළුල් පහසුකම් සහ උසස් තත්වයේ වෛද්‍ය විශේෂඥතාවය යනාදී මුලිකාංග මත පදනම්ව ඊට අනුකූලව සිදු කෙරේ.

මෙඩිහෙල්ප් විධායක අධ්‍යක්ෂ චන්දික විජෙසිරිවර්ධන මහතා නව ශාඛාව ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින්  මෙසේ පැවසිය. “අපගේ මෙඩිහෙල්ප් ශාඛා ජාලයට හෝමාගම නවතම ශාඛාව එක් වීම පිළිබඳව දැනුම් දීමට හැකි වීම අපට විශාල සතුටක්. ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට ගුණාත්මක, දැරිය හැකි මිලකට උසස් සෞඛ්‍ය සේවාවක් ලබාගැනිමට නොහැකි  ප්‍රදේශවල එම අඩුපාඩුව පූර්ණය කොට ආවරණය කිරීම සඳහා අපගේ ශාඛා ජාලය පුළුල් කිරීමට අප නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටිනවා. නවීන තාක්‍ෂණය, අති නවීන උපකරණ මෙන්ම දක්ෂ හා පුහුණු වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් නව්‍ය පහසුකම් වලින් සමන්විත අපගේ රෝහල් ඊට සාක්ෂි සපයනවා”

මෙඩිහෙල්ප් හි විශේෂඥ උපදේශන සේවාව හරහා රෝගීන්ට රටේ ඉහළම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය දැරිය හැකි මිලකට ලබා ගත හැක. එහිදී  අන්තරාසර්ග පද්ධති  සහ දියවැඩියාව, නාරි හා ප්‍රසව, පිළිකා රෝග, උගුර කණ සහ නාසය, හෘද රෝග, සාමාන්‍ය ශල්‍යකර්ම, ස්නායු වේදය, විකලාංග, ළමා රෝග, ආමාශ සහ ආන්ත්‍රික රෝග, මුත්‍රා රෝග, චර්ම රෝග හා රූපලාවණ්‍ය සත්කාර, වකුගඩු රෝග සහ අක්ෂි වෛද්‍ය සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් දිවයින පුරා ප්‍රමුඛ පෙළේ රෝහල්වල  250 කට අධික  පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් මගින් ලබා දෙයි.

මෙඩිහෙල්ප් රෝහල් ජාලය ආරම්භ කර වසර 36ක් ගතවන මේ මොහොත වන විට දිවයින පුරා ස්ථාන කිහිපයක පුළුල් වෛද්‍ය සේවාවන් හා ඒ හා සම්බන්ධ පහසුකම් ජාලයක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකිකයින් සඳහා ගුණාත්මක දැරිය හැකි මිලකට උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බවට වූ මෙඩිහෙල්ප් හී  දැක්ම නිරතුරුවම ඉටු කිරීමට ඔවුන්ගේ ශාඛා ජලයේ පුළුල් ව්‍යාප්තිය ඉහවල් වී ඇත.

වැඩි විස්තර සඳහා www.medihelp.lk වෙත පිවිසෙන්න නැතහොත් 011 – 2181818 අමතන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *