Sinhala

වාහන එකලස් කිරීමේ ප්රමිති මෙහෙයුම් ක්රියා පටිපාටිය (SOP) ප්රායෝගික කිරීමට රථ වාහන ක්ෂේත්රයේ දැනුම ලබා ගත යුතුයි – CMTA

ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලයට අනුබද්ධිත දශක 10ක ඉතිහාසයක් හිමි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රථ වාහනවල දේශීය එකලස් කිරීමේ හා දේශීය අගය එකතු කිරීමේ කර්මාන්ත අමාත්‍යංශය විසින්  නිකුත්  කරන ලද, නව ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙහි (SOP) ප්‍රායෝගික භාවිතාව  පිළිබඳව අදහස් දක්වයි.

මාර්තු 15 දින නිකුත් වූ මෙම ක්‍රියා පටිපාටියෙ හි  ප්‍රධාන කාරණා පිළිබදව CMTA අවදානය යොමු කරයි. ඉන් පළමුවැන්න නම්, මෙම ප්‍රතිපත්ති කර්මාන්ත අමාත්‍යංශය විසින් ගෝලීය රථ වාහන නිෂ්පාදකයන්ගේ අන්තර්ගතයන්ගෙන් තොරව නිර්මාණය කරනු ලැබීමයි. ඔවුන්ගේ අත්දැකීම් හා තීක්ෂණ බුද්ධිය වඩාත් ක්‍රමවත් ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් (SOP) නිර්මාණය කිරීමට දායක වන අතර ඉන් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ තිරසර සාර්ථකත්වය ගොඩ නැගෙනු ඇත.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා, ” ශ්‍රී ලංකාවේ දේශීය වාහන එකලස් කිරීම ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර අපි ප්‍රශංසා කරනවා. එසේම මේ වෙනුවෙන් අපගේ සියලු සහයෝගයන් තවදුරටත් ලබා දෙනවා. කෙසේ වෙතත්, මෝටර් රථ කර්මාන්තයට මෙන්ම මූල්‍ය හා රක්ෂණ වැනි ආධාරක කර්මාන්තවලට සැළකිය යුතු බලපෑමක් ඇති කරන එවැනි ප්‍රධාන ප්‍රතිපත්තියක් සඳහා, ප්‍රතිපත්ති රාමුව නිර්මාණය කිරීමේ දී කර්මාන්තයේ පොදුවේ සැළකිය හැකි නියැදියකින් අන්තර්ගතය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරනවා. අවාසනාවකට, අන්තර්ගතය ලබා දීම  සඳහා ආරාධනා කර තිබුනේ දැනටමත් ‍රථ වාහන එකලස් කිරීම  සිදු කරන සමාගම්වලට පමණක් වීම පිළිබදව අපි කණගාටු වෙනවා. CMTA සාමාජිකයන් හට කර්මාන්ත අන්තර්ගතය සැපයීමට හා සහභාගී වීමට ආරාධනා කර තිබුණේ නම්, එකලස් කිරීමට උනන්දුවක් දක්වන වෙළඳ නාමයන්ගෙන් සහ දැනටමත් එහි නියැලී සිටින අයගෙන් රජයට වඩා පුළුල් අවබෝධයක් ලබා ගත හැකිව තිබුණා. මෙවැනි ප්‍රතිපත්තිවල ඉහළ ප්‍රායෝගිකතාව සහ සාර්ථකත්වය සහතික කිරීම සඳහා අනාගතයේ දී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ  දී, ගෝලීය වාහන නිෂ්පාදකයන් පත් කර ඇති බලයලත් දේශීය ඒජන්තවරුන් සම්බන්ධ කර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

“නිකුත් කළ SOP අධ්‍යනය කිරීමෙන්, CMTA සාමාජිකයින් අපැහැදිලි හෝ ප්‍රායෝගික නොවන අංශ කිහිපයක් පිළිබඳව අදහස් පළ කර තිබේ. CMTA හි පරමාර්ථය වන්නේ දේශීය එකලස් කිරීම සඳහා වූ දැක්මෙ හි ඉහළම සාර්ථකත්වය වෙනුවෙන් පෙනී සිටීමයි. පිළිගත් ජාත්‍යන්තර මෝටර් රථ සන්නාම  ආකර්ෂණය කර ගැනීම සහ ඔවුනට වෙළඳ පොළට පිවිසීමට පහසුකම් සැලසීම ඉන් අදහස් කරයි. රථ වාහන කර්මාන්තයේ සුභ සිද්ධිය උදෙසා

මෙම කරුණු කර්මාන්ත අමාත්‍යංශය සහ ප්‍රවාහන රාජ්‍ය ඇමති හට යොමු කර ඇති බව අමරසිංහ මහතා තවදුරටත් සදහන් කළේය.

රථ වාහන සඳහා දේශීය අගය එකතු කිරීම 20%ක් ලෙසත්, යතුරු පැදි සඳහා 25% ක් ලෙසත් යෝජනා කර ඇති බව CMTA  පෙන්වා දෙන අතර, ගෝලීය වාහන  නිෂ්පාදකයින්ගේ ප්‍රමිතීන් සපුරාලන දේශීය උපාංග නිපදවන්නන්ගේ  හිඟය හේතුවෙන් නව වෙළඳ සන්නාමවලට වෙළඳ පොළට පිවිසීමට බාධාවක් වී ඇති බවයි.  පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වමින් ගෝලීය වාහන වෙළඳ නාම ඔවුන්ගේ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවන ඕනෑම අංගයක් වාහනවලට සවි කිරීමට ඉඩ නොදේ.

නිකුත් කළ ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙහි තිබෙන ගැටලු නිසා ගුණාත්මක බවින්, ආරක්ෂාවෙන් හා ප්‍රමිතියෙන් අඩු වෙළෙඳ නාම පමණක් රට තුළට ගෙන්වන තත්වයකට තුඩු දෙනු ඇතැයි CMTA ප්‍රකාශ කරයි. කීර්තිමත් වෙළඳ සන්නාම සහිත වාහන සහ උපාංග ශ්‍රී ලංකාවට ඇතුළු වීම සීමා කිරීමෙන් ඒකාධිකාරී තත්වයක් ඇති කිරීමට  හේතු වන අතර එය පාරිභෝගිකයින්ට, කර්මාන්තයට සහ රටට අහිතකර වන බවට සංගමය අනතුරු ඇඟවීය.

ඉහත කරුණු වෙත අවදානය යොමු කරන අතරම, තවමත් මුල්  අවධියේ පවතින වාහන උපාංග නිෂ්පාදන ක්ෂේත්‍රය  සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස CMTA, රජයෙන් ඉල්ලා සිටියි. ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව වැනි දේශීය එකලස් කිරීම සාර්ථකව ක්‍රියාවට නංවා ඇති ඕනෑම රටක දැකිය හැකි පරිදි, වාහන එකලස් කිරීමේ සාර්ථකත්වය සඳහා  උපාංග නිෂ්පාදකයින්ගේ විචිත්‍රවත් හා උසස් තත්ත්වයේ කර්මාන්ත ක්ෂේත්‍රයක් අත්‍යවශ්‍ය වේ.

පුළුල් මෝටර් රථ කර්මාන්තයේ දායකත්වය නොමැතිව මෙහෙයුම් පටිපාටිය නිකුත් කර තිබුණ ද, රථ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ අනාගතය තහවුරු කිරීම වෙනුවෙන් බලයලත් ඒජන්තවරුන් හරහා පිළිගත් ගෝලීය නිෂ්පාදකයන් සමග සහයෝගීව කටයුතු කරන ලෙස CMTA කර්මාන්ත අමාත්‍යාංශයෙන් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ගෙන්  දැඩි ලෙස   ඉල්ලා සිටියි.

1920 දී ස්ථාපිත සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත අතර, ශ්‍රී ලංකාවේ රථ වාහන කර්මාන්තයේ හඬ ලෙස පුළුල්ව පිළි ගනු ලබයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වේ.  CMTA හි සාමාජිකයින් සියලු දෙනාම අන්තර්ජාතික මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් නියෝජිතයින් ද වේ.  CMTA විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ  යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ  වඩාත් හොඳ  අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් පුහුණු  හා රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි.

Photo Caption:

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *