Sinhala

Huawei Nova 7 SE සමග සම්බන්ධ කල හැකි කාර්යක්ෂම දිවියකට මග පාදන Huawei Smart උපාංග

Huawei Nova 7 SE යනු Huawei  විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදුන් Mid-range 5G ස්මාර්ට් ජංගම දුරකථනයයි. Nova 7 SE  සමඟ, සෑම තැනකම 5G තාක්ෂණය සදහා වැඩි උනන්දුවක් සහ නව කතාබහක් ආරම්භ වී ඇත. මධ්‍යම මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල තුල විප්ලවීය වෙනසක් සිදු කරන මෙම Huawei Nova 7SE ස්මාර්ට් දුරකථනය මේ වනවිටත් ඉතා ඉහල ඉල්ලුමක් ලබාගෙන ඇත.

මෙම Huawei Nova 7SE වෙත අවදානය යොමුවන පළමු හේතුව වන්නේ 5G තාක්ෂණයයි. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන තිබෙනවා. මෙම මිල මට්ටමේ අනෙකුත් දුරකථන හා සසදන කල 5G තාක්ෂණය ලබා දෙන එකම දුරකථනය මෙය වේ. තාක්ෂණික නවෝපාංග අගයන පරිශීලකයන් බොහෝ දෙනෙක් මෙම ස්මාර්ට් දුරකථනය භාවිතයට යොමු වී ඇති අතර මෙහි යොදා ඇති නව තාක්ෂණයද ඔවුන් පැසසුමට ලක් කරයි.

පරිශිලකයින් Huawei Nova 7 SE සදහා යොමුවිමේ තවත් එක කරුණක් වන්නේ මෙහි පවතින ඉහල තත්වයෙන් යුත් කැමරා පද්ධතියයි. Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 64MP high-resolution lens එකකින්ද, 8MP ultra-wide-angle lens එකකින්ද, 2MP bokeh lens එකකින් සහ 2MP macro lens එකකින් සමන්විත ultra-high-resolution AI Quad කැමරාවකින් යුක්ත වේ. මෙම කාච හතරේ සුසංයෝගය නිසා ඉතා උසස් ජායාරුපකරණ හැකියාවක් පරිශීලකයන්ට හිමිවේ.Huawei NOVA 7 SE ස්මාර්ට් දුරකතනයේ ඇති 64MP ultra-high-resolution මුලික කැමරාවේ Aperture අගය 1.8 අගයක් ගන්නා අතර ඒ සඳහා 1/1.7 inches image sensor එකක් භාවිතා කර තිබේ. මෙමගින් කැමරාව හරහා ලබා ගන්නා ඡායාරූප විශාලනය කර බැලීමේදී ඒවායේ කුඩාම details පවා වඩාත් පැහැදිලිව එහි විස්තර බලා ගත හැක.

මෙම ස්මාර්ට් දුරකථනයේ ඇති super night mode selfie සහ BM3D DSLR level image noise reduction තාක්ෂණය හේතුවෙන් ඕනැම පරිසර තත්වයක් යටතේදී ලබා ගන්නා ඡායාරූප වල ඇති පැහැදිලි බව ඉතා ඉහල වේ. තවද මෙම ස්මාර්ට් ජංගම දුරකථනය 4K high-definition video, DUAL-VIEW Video, super slow motion සහ time-lapse mode ඇතුළු තවත් නිර්මාණශීලී වීඩියෝ දර්ශන පටිගත කිරීමේ අවස්ථාව හිමිකරදේ.Huawei NOVA 7 SE ජංගම දුරකථනයට තම 64MP ප්රධාන කැමරාව භාවිතා කර 4K resolution වීඩියෝ (30FPS frame rate එකෙන්) රූපගත කිරීමේ හැකියාව ඇති අතර AI editing පහසුකම නිසා පහසුවෙන් සහ ඉක්මනින් videos සංස්කරණය කිරීමේ හැකියාවද හිමිවේ.

Huawei nova 7SE සදහා පරිශීලකයින් යොමුවීමේ තෙවන හේතුව වන්නේ මෙම ස්මාර්ට් දුරකථනය සතු බලවත් බැටරියයි. කාර්යබහුල ජිවන රටාවත් සමග බොහෝ දෙනා දුරකථනයේ බැටරි ධාරිතාව ගැන සැලකිලිමත් වන  යුගයකට අප පිවිස සිටින්නෙමු .Huawei Nova 7 SE , 4000mAh බලවත් බැටරියකින් සමන්විත වන අතර  එහි විශාල බැටරිය නිසා වැඩි වේලාවක් බාධාවකින් තොරව අන්තර්ජාලයේ සැරිසැරීම , දුරකථන ක්‍රීඩාවල නිරතවීම සහ video බැලීමේ හැකියාව හිමිවේ . මිනිත්තු 30 ක් ඇතුළත බැටරිය 70% දක්වා ආරෝපණය කළ හැකි 40W Huawei SuperCharge තාක්ෂණයද මෙම දුරකතනයේ ඇති  බව සුවිශේෂී බව තවත් වැඩි කරයි.

ඕනෑම ස්මාර්ට් දුරකථනයක මතක ධාරිතාවයට  හිමිවන්නේ විශේෂ ස්ථානයකි. Huawei Nova 7 SE හි 8GB RAM සහ  128GB ඉහළ  මතක ධාරිතාවය කිසිඳු තාක්ෂණික අවහිරතාවයකින් තොරව පරිශීලකයාට සුමට ලෙස දුරකතනයේ කාර්යන් සිදු කිරීමට අවස්ථාව ලබා දේ. තවද මෙම Huawei Nova 7SE හි අන්තර්ගත 8GB RAM එක හේතුවෙන් වඩාත් තීව්‍ර බහු කාර්යයන් පවා හැසිරවිය හැකි අතර 128GB ROM මගින් බාගත කළ Apps, ඡායාරූප, වීඩියෝ සහ ක්‍රීඩා ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දේ.

Huawei Nova 7SE දුරකථනය ඔබ මිලදී ගතයුතුම ස්මාර්ට් දුරකථනය විමට තවත් බොහෝ හේතු කාරණා තිබුනද පස්වන මුලික හේතුව ලෙස අප දකින්නේ මෙහි පවතිනා ඉතා ආකර්ශනීය නිමාවයි. Space Silver, Crush Green සහ  Midsummer Purple යන සිත් ඇදගන්නා සුළු දුර්ලබ වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE  හි අලංකාර සහ ශක්තිමත් නිමාවකින් පරිපුර්ණ වී ඇත. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනේදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත. 2400×1080 පික්සල්  resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ. මෙය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන්ට සහ නිතරම වීඩියෝ වැනි දෑ නරඹන්නන්හට වඩාත් යෝග්‍ය සතුටු දායක කරුණක් වේ.

Huawei විසින් හදුන්වාදෙන බොහෝ උපාංග එකිනෙක සම්බන්ධ කර වඩා වැඩි කාර්යක්ෂමතාවක් සහ අසමසම ස්මාර්ට් ජිවන රටාවක් අත්විදිය හැකිබව මේ වනවිටත් නොරහසකි. මේ වනවිටත් බොහෝදෙනා එකිනෙක සම්බන්ධ කළ හැකි Huawei උපාංග මොනවාදැයි උනන්දුවේ . Huawei Nova 7SE සමග සම්බන්ධ කල හැකි ස්මාර්ට් උපාංග කිහිපයක් ලෙස Huawei Freelace Pro , Huawei FreeBuds Studio සහ  Huawei Sound X හැදින්විය හැකිය.

Huawei FreeLace Pro යනු ඉතා දියුණු ක්‍රියාකාරී ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් සමඟ පැමිණෙන wireless earphone එකකි. පිටතින් එන බාහිර ශබ්ද ඇසීමට හැකිවන ලෙස පරිශීලකයන්ට ශබ්දය අවලංගු කිරීමේ ප්‍රකාරයෙන් මාරු විය හැකි awareness mode එකක්ද මෙහි අන්තර්ගත වේ. එහි මිලිමීටර් 14  dynamic driver එක නිසා තත්වයෙන් උසස් ශබ්දයක් ලබාදේ . Huawei FreeLace Pro හි magnetic design එක මඟින් පරිශීලකයින්ට දිගු බැටරි ආයු කාලයක් සඳහා earbuds සම්බන්ධ කිරීමේ තබාගැනීමේ හැකියාව ලබාදේ.

Huawei FreeBuds Studio යනු ක්‍රියාකාරී ශබ්ද අවලංගු කිරීම මගින්  ප්‍රබල බාහිර ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් සහිත හෙඩ්ෆෝනයකි.මෙය omni-directional 8 මයික්‍රොෆෝන පද්ධතියකින් නිර්මාණය කර ඇති අතර ඉහළ සංවේදීතා මයික්‍රොෆෝන 4 ක් දෙපස වැඩ කරන අතර, හෙඩ්ෆෝනය වඩා හොඳ ශබ්ද අවලංගු කිරීමක්  සඳහා සංසරණ ශබ්දය වඩාත් නිවැරදිව හඳුනා ගනී. කන් වල වායු පීඩනය සමතුලිත කරන එහි Tee Audio Tube (TAT) ව්‍යුහය සමඟ මෙය පැළද සිටීම ඉතා පහසුය. Huawei FreeBuds Studio විසින් මයික් 6 ඇමතුම් ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් ( 6 mic call noise cancellation system) සහිත නිසා ඝෝෂාකාරී පරිසරයක පවා ඇමතුම් කිසි බාදාවකින් තොරව ලබාගත හැක .  Huawei Free Buds Studio  සම්පුර්ණයෙන්ම charge වීමට ගත වන්නේ මිනිත්තු 60 ක් පමණක් වන අතර charge කිරීමකින් පැය 24 ක් දක්වා සවන්දීමට හැකිවේ.

Huawei Sound X යනු subwoofer දෙකක් සහිත Portable Speaker එකකි . මෙය යුරෝපයේ ශ්‍රව්‍ය උපකරණ සදහා ප්‍රචලිත Devialet සමාගම සමග එක්ව  Devialet’s Speaker Active Matching (SAM) තාක්ෂණය සමඟ පැමිණෙන අතර HD ශබ්දයන් හි ඉහළ තත්වය සහතික කර ඇත. එහි duel speakers නිර්මාණය කර ඇත්තේ දැවැන්ත කම්පන ඇති කිරීමට බලය සපයන magnetic rare earth materials වලින් ය. Huawei Sound Xහි Bass sound  40hz තරම් අඩු වේගයක් වුවත් ග්‍රහණය කරගනී. Huawei Sound X , Huawei Share තාක්ෂණය මගින්ද බලගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකල හැකිය . Huawei Sound X හි පෙනුම ඉතා ආකර්ෂණිය වන අතර විනෝද උත්සවයන්හිදී භාවිතයට යෝග්‍ය කදිම portable speaker එකක් ලෙස සැලකේ.

මෙම ස්මාර්ට් ශ්‍රව්‍ය උපකරණයන්හි පවතින පොදු ලක්ෂණය වන්නේ යොදාගෙන ඇති ඉහළ තාක්ෂනය සහ අසමසම විශේෂාංගයන්ගෙන් යුක්තවී මයි . තවද තාක්ෂණික නිෂ්පාදනයේ නව මානයන් සොයායන බොහෝ දෙනාගේ පැසසුමක් ලක් වී ඇති මෙම උපාංග පෙළ දිනෙන් දින පරිශීලකයින් අතර ප්‍රචලිත වෙමින් පවතී .

Huawei Nova 7 SE රු . 68,999 /- , Huawei  Freebuds Studio  රු . 59999 /- , Huawei Freelace Pro  රු 21,999/, සහ Huawei Sound X  රු.57999 /- සියලුම Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වේ. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *