Sinhala

පැල්වත්ත සමාගම පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ පවා කිරි කර්මාන්තය නගා සිටුවයි.

ශ්‍රී ලංකාවේ දැවැන්තම  දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත කිරි සමාගම 2020 වසරට සාපේක්‍ෂව 24% ක කිරි එකතු කිරීමේ වර්ධනයක් වාර්තා කර තිබේන අතර, එම සමාගම දිවයින පුරා කිරි එකතු කිරීමේ ජාලයේ 41% ක සමස්ථ වර්ධනයක් පෙන්නුම් කරයි.

මෙම වැඩිවීම මඟින් සමාගමේ වර්ධනය පමණක් නොව කිරි කර්මාන්තය ආශ්‍රිත ප්‍රජාවන්, ආශ්‍රිත කර්මාන්ත සහ ක්ෂුද්‍ර ආර්ථිකයන්හි වර්ධනයක් පෙන්නුම් කරයි. “මේ දක්වා ලබා ඇති දියුණුව ගැන අපි නිහතමානී වනවා. වසංගතය මගින් බොහෝ අවිනිශ්චිතතාවයන් ඇති කරනු ලැබුවා. අප වෙත අඛණ්ඩව සහයෝගය ලබා දුන් පාරිභෝගිකයින්, කාර්ය මණ්ඩලය සහ බලධාරීන් වෙත මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි” යැයි පැල්වත්ත කිරි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.

පසුගිය වසරේදී පැල්වත්ත කිරි ගොවිපලෙහි පහසුකම් කිහිපයක් ස්ථාපිත කරමින් විධිමත් කළමනාකරණය සහ එහි මූලික නිපුණතාවන් ශක්තිමත් කර ඇත. සමාගම නව සිසිලන මධ්‍යස්ථාන ද පිහිටවූ අතර, ලැබුණු  SAPP  පහසුකම ද ඵලදායීව භාවිතා කර ඇති අතර පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ පවා නව රසයන් දෙකක් ද හඳුන්වා දුන්නේය.

මෙම පියවරයන් සහ ප්‍රවේශයන් මඟින් ඵලදායි හා කාර්යක්ෂම සම්පත් භාවිතය සහතික කර ඇති සමාගම එමඟින් ඵලදායිතාව ඉහළ නැංවීම, ජිවන තත්ත්වයන් ඉහළ නැංවීම සහ කර්මාන්තය හා ආර්ථිකය පුනර්ජීවනය සිදු කරනු ලැබේ.

වසරේ මුල් කාර්තුව තුළදී ෆලූඩා සහ ජින්ජර් බිස්කට් ලෙස නව රස දෙකක් පැල්වත්ත රසයන් අතරට එක් කිරීමට සමාගම කටයුතු කල අතර මාස කිහිපයකින් එම රසයන් පාරිභෝගිකයින්ගේ ආදරණීයම රසයන් බවට පත්වීම විශේෂත්වයකි.

නව සිසිලන මධ්‍යස්ථාන සහ කිරි ගබඩා කිරීමේ ඒකක 1500 පිහිටුවීම සඳහා සමාගම රුපියල් මිලියන 35 කට වැඩි මුදලක් ආයෝජනය කර ඇත. කිරි දෙවීමේ, ගබඩා කිරීමේ  සහ කිරි එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ ස්ථාන ලෙස මෙමගින් සේවා සැපයේ. මෙමගින් සවස්වරුවේ කිරි දෙවීමේ කටයුතු සඳහා ගොවීන් සම්බන්ධ කර ගෙන ඇති අතර එමඟින් කිරි වල ගුණාත්මකභාවය ද ඉහළ ගොස් ඇත.

එම මධ්‍යස්ථාන වලට කිරි ගවයින්ට හා ගොවීන්ට සුවපහසු පරිසරයක් සැපයීම සඳහා සිසිලන මධ්‍යස්ථාන, කිරි දෙවීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මෙන්ම අවශ්‍ය අනෙකුත් සියලු යටිතල පහසුකම් ලබා දී ඇත. නිෂ්පාදනය හා බෙදා හැරීමේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් නියමිත වේලාවට කිරි, සැකසුම් කර්මාන්ත්‍ශාලාව වෙත ලබා දීමට මෙය උපකාරී වී ඇත.

පැල්වත්ත සමාගමෙහි නිෂ්පාදනයේ සහ මෙහෙයුම් වල වර්ධනයට සාක්ෂි සපයමින් සමාගම ඌව පළාතේ 89% ක ශක්තිමත් වර්ධනයක් ද කඳුකරයේ 13% ක වර්ධනයක් ද උතුරු මැද 39% වර්ධනයක් ද වයඹ 56% වර්ධනයක් ද නැගෙනහිර පළාතේ 20% ක වර්ධනයක් ද වාර්තා කර ඇත.

කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන(SAPP) මගින් පැල්වත්ත කිරි ගොවිපල සඳහා මීට මාස කිහිපයකට පෙර රු.මිලියන 463 ක් ලබා ගත් අතර එතැන් සිට එහි පළමු අදියරේදී ගොවීන් 1000 ක් ධෛර්යමත් කිරීම සඳහා සහාය ලබා දී තිබේ. එහිදී ගොවීන්ට ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩි දියුණු කර ගැනීමට මෙන්ම වෘත්තීය පුහුණුව හා සංවර්ධන අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමට හැකි වී ඇත. කිරි නිෂ්පාදනයේ සමස්ත ඵලදායිතාව ඉහළ නංවමින් ග්‍රාමීය ගොවි ප්‍රජාවන්ගේ ආර්ථික හා සමාජීය මට්ටම උසස්කරවන මෙම වැඩසටහන රාජ්‍ය අංශය, ග්‍රාමීය ඉඩම් හිමියන් සහ පෞද්ගලික අංශයේ සමාගම් පොදු වේදිකාවක් වෙත ගෙන එන 4P වටිනාකම් දාම ආකෘතියක් වටා ක්‍රියාත්මක වේ.

12,500 කට අධික ලියාපදිංචි කිරි ගොවි පදනමක් සහ ඉහත සඳහන් පළාත් ඇතුළත් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 40 කට වැඩි සංඛ්‍යාවක් සමඟ එක්ව පැල්වත්ත සමාගම දිනකට කිරි ලීටර් 200,000 ගබඩා කරයි. ව්‍යාපෘති පහසුකමේ ප්‍රතිලාභියෙකු වශයෙන්, තුන්වන වසර වන විට දැනට පවතින දෛනික කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට හැකි වනු ඇතැයි පැල්වත්ත කිරි ගොවිපල විශ්වාස කරයි. මෙම ව්‍යාපෘතිය මඟින් කාන්තාවන් සවිබල ගැන්වීම සහ කර්මාන්තයේ තරුණ සහභාගීත්වය වැඩි දියුණු කිරීමත් නව රැකියා සහ අවස්ථා උත්පාදනයත් සිදු කෙරෙණු ඇත. මෙහිදී උපදේශකයින් කිහිප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙනු ඇත. දේශගුණික විපර්යාස සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ද SAPP වැඩසටහනෙහි ප්‍රතිලාභීන් දැනුවත් කිරීම සිදුවේ. ව්‍යාපෘති පහසුකම් යටතේ සත්ව ආහාර සපයන්නන් වර්ධනය කිරීමටද කිරි වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ ගව පට්ටි කළමනාකරණය වැඩි දියුණු කිරීමට ද ඉඩ සලසා දී ඇත.

මෙහිදී පහසු ගෙවීමේ යෝජනා ක්‍රම යටතේ සහනදායී පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබා ගැනීමටත් ප්‍රතිලාභී ගොවීන්ට අවස්ථාව උදා වී තිබේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *