Sinhala

Edward & Christie සමූහය DIMO වෙතින් TATA LPK 1618 ටිපර් රථ මිලදී ගනී

TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා  වන DIMO විසින් පෙරළිකාර TATA LPK 1618 ටිපර් රථ විසි පහක් Edward & Christie සමාගම් සමූහය වෙත නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. මෙම ටිපර් රථ 25, මූලික වශයෙන් Edward & Christie සමූහය විසින් ඉදිකිරීම් සහ කැණීම් කර්මාන්තයේ කාර්යයන් සඳහා භාවිත කරන අතර, ඔවුන් තවත් ටිපර් රථ 15ක් සඳහා ඇණවුම් ද සිදුකර ඇත.  මෙම ටිපර් රථ Cummins ISBe 5.9 180 40 එන්ජිමකින් සමන්විත වේ. TATA LPK 1618 ටිපර් රථය කිලෝග්‍රෑම් 16,200 ක දළ බරකින් යුක්ත වේ. මෙහි එන්ජින් ධාරිතාවය 5883cc වන අතර එය, BS IV emission ප්‍රමිතියට අනුකූල වේ. මෙය දිගුදුර ධාවනය කෙරන රියදුරු මහතුන්ගේ කාර්යක්ෂමතාව විශාල වශයෙන් ඉහළ නංවයි. තවද, මෙම TATA ටිපර් රථ power steering සමඟින් පැමිණේ.

“DIMO වෙතින් හඳුන්වා දෙන TATA LPK 1618 ටිපර් රථ අප මිලදී ගත්තේ අපගේ මෙහෙයුම් ඉතා කාර්යක්ෂමව සිදුකර ගත හැකි උසස්ම තත්වයේ GVW එකකින් සමන්විත නිසා.  විශේෂයෙන්ම රියදුරු මහතුන්ට ඉහළ ඵලදායීතාවයකින් කටයුතු කළ හැකි වඩාත් පහසු ඩ්‍රයිවර් කැබින් එක, ඉහළ නැවත විකුණුම් වටිනාකමට සහ DIMO වගකීම් සහතිකය සමගින් අලෙවියෙන් පසු සේවා ජාලය යන සාධක අපගේ විකුණුම් තීරණය සිදුකිරීමේදී වැදගත් වුනු සාධක වෙනවා.” Edward & Christie සමූහයේ සභාපති ක්‍රිස්ටි ඇරැව්වල මහතා පවසා සිටියි. 

මෙම ටිපර් රථ භාර දිමේ නිල උත්සවයට සහභාගී වෙමින් DIMO සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසයි.  “ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ රථවාහන නිෂ්පාදන සමාගමක් වන TATA Motors විසින් නිපදවන LPK 1618  ටිපර් රථ විශිෂ්ට කාර්යසාධනයක් සහිත රථවාහන මාදිලියක් ලෙස හැඳින්විය හැකියි.  විශේෂයෙන්ම TATA LPK 1618 BLASTER ටිපර් රථ, එහි දියුණු තාක්‍ෂණය, අවම මෙහෙයුම් සහ නඩත්තු පිරිවැය සමඟ වඩාත් කාර්යක්ෂම ඉදිකිරීම් සහ කැණීම් කර්මාන්ත මෙහෙයුම් ක්‍රියාවලියක් සදහා දායක වේ. DIMO හි සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව ඇතිව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි නිර්මාණය කළ සමස්ත TATA වාණිජ වාහන පෙළ ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටට පත් වනවා.’ 

TATA වෙළඳ වාහන මාදිලි පෙළ කුඩා ප්‍රමාණයේ වෙළඳ ට්‍රක් රථ (Small Commercial Trucks) (ටොන් 1 ට අඩු බරක් පැටවීම සඳහා), සින්ගල් කැබ් රථ (single cabs) (පවුලේ හා ව්‍යපාරික කටයුතු සඳහා යොදා ගත හැකි) සැහැල්ලු වෙළෙඳ ට්‍රක් රථ (Light Commercial Trucks (බඳ තට්ටුව අඩි දහයේ සිට 20 දක්වා), අධි බර වෙළඳ වාහන (Heavy Commercial Trucks), ටිපර් රථ‍ (Tippers), ප්‍රයිම් මූවර් රථ හා බස් රථ (ආසන 28 සිට 54 දක්වා) ආදියෙන් සමන්විත වෙයි.

වර්ෂ 1979 දී ආරම්භ වූ Edward & Christie සමාගම, ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සංවර්ධන ක්ෂේත්‍රයේ වර්ධනීය වෙනසක් සිදුකිරීමේ දැක්ම ඇතුව වෙළඳපොළට ඇතුලත් වූ සමාගමකි.  පාරිභෝගිකයා වෙතට වඩාත් විශ්වාසනීය සහ ඉහළ සේවාවක් ලබාදීමේ ප්‍රමුඛ දැක්ම ඇතුව ක්‍රියාත්මක වන Edward & Christie සමාගම ශ්‍රී ලංකාවේ අංක එකේ සමාගමක් වීමේ අරමුණින් වෙළඳ පොළ මෙහෙයුම් සිදු කරයි.  ආරම්භයේදී අධිවේගී මාර්ග ඉදිකිරීම, වාරිමාර්ග සහ ඉඩම් ජලාපවහනය, වැසි ජල අපවහන ඉදිකිරීම්, ජල සම්පාදන හා ජලාපවහන කටයුතු, කැණීම් සහ ගොඩකිරීම් වැනි සේවා රාජ්‍ය අංශයට සැපයීමට කටයුතු කල Edward & Christie සමූහය, පසුව ඔවුන්ගේ ව්‍යාපාර උපායමාර්ගයන් වෙනස් කරමින්, පෞද්ගලික අංශයටත් සිය සේවා සහ විසඳුම් පුළුල් කෙරිණි.  ගනුදෙනුකරුවන් සඳහා ඉහළම ගුණාත්මක විසඳුම් ලබාදීමේ ඔවුන්ගේ කැපවීම තවදුරටත් පෙන්නුම් කරමින්, Edward & Christie සමූහය 1990 වර්ෂයේදී බඩල්ගම ප්‍රදේශයේ අංගසම්පූර්ණ යන්ත්‍ර අංගනයක් පිහිටුවන ලදී. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් පිරිනමනු ලබන අධිවේගී මාර්ග සහ මාර්ග ඉදිකිරීම් කර්මාන්තයේ කීර්තිමත් CS2 ශ්‍රේණිය Edward & Christie සමූහයට හිමිවී ඇත.

 “ගොඩනැගිලි ඉදිකිරීම් සහ පතල් කර්මාන්තයේ සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ දක්ෂ සේවක මණ්ඩලයක් සමාගමේ සේවා සපයන අතර, පුළුල් පරාසයක විහිදුණු සේවා සමඟින් ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට Edward & Christie සමූහය කැපවී ක්‍රියා කරනවා. අපගේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා දැනට පවතින 50කට අධික TATA රථවාහන සඳහා මෙම කාර්යක්ෂම නව ටිපර් රථ එකතු කිරීමට හැකිවීම අපට ආඩම්බරයක්” Edward & Christie සමූහයේ සභාපති ඇරැව්වල මහතා පවසා සිටියි. 

ඉන්දියාවේ TATA Motors සමාගම හා DIMO අතර පවතින ශක්තිමත් සබඳතාවය වසර 60 ක ඉතිහාසයකට උරුකම් කියයි. වර්තමානය වන විට TATA වෙළඳ වාහන, බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ රථ වාහන අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රචලිත සන්නාමය බවට පත් වී ඇත. DIMO – TATA මේ වන විට, 400 කට අධික අලෙවි නියෝජිතයන් පිරිසක් සමග පාරිභෝගිකයින් හට TATA අලෙවිය, සේවය හා නියම අමතර කොටස් මෙන්ම පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවය සපයයි. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *