Sinhala

පළමු Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ

ලෝකයේ ටයර් තාක්‍ෂණයේ ප්‍රමුඛයා වන Michelin, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු නවීනතම Michelin ටයර් සේවා (MTS) මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කුසුම් ටයර්ස්, අංක 822, කොළඹ – නුවර පාර, තොරණ හන්දිය, කැලණිය යන ස්ථානයේ පිහිටා ඇත. එය වර්ග අඩි 8000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා විහිදී යන අතර නව්‍ය ටයර් ප්‍රදර්ශනාගරයකින් ද සමන්විත වේ. තවද තාක්ෂණික පුහුණුව ලත් විධායක නිලධාරීන්ගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් ටයර් සහ රථ වාහන ආශ්‍රිත සියලුම සේවාවන් සැපයීම සදහා සැදී පැහැදී සිටියි.

Michelin ආයතනයේ ඉන්දියා ක්ලස්ටර් හි වාණිජ අධ්‍යක්ෂ මනීෂ් පාණ්ඩේ මහතා මෙසේ පවසන ලදී.  “මේ රට තුළ අපගේ බෙදාහැරීමේ පරාසය ශක්තිමත් කරනවාත් සමගම Michelin ටයර් සේවා මධ්‍යස්ථාන සංකල්පය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒවගේම මෙම Michelin ටයර් සේවා මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට අවශ්‍ය ටයර් නිෂ්පාදන සහ සේවාවන් පිරිනැමීමට සැදී පැහැදී සිටිනවා.”

DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ පැවසුවේය “මෙය ඇත්තෙන්ම DIMO සහ අපගේ දිගුකාලීන හවුල්කරු වන Michelin සඳහා විශිෂ්ට සන්ධිස්ථානයක් වෙනවා.  Michelin ටයර් සේවා මධ්‍යස්ථානය හරහා අපට නව්‍ය ප්‍රවේශයකින් ටයර් ක්ෂේත්‍රය නැවත අර්ථ දක්වන්න පුළුවන්. ඒවගේම මෙමගින් පාරිභෝගික සිහින හා අභිලාෂයන් බල ගැන්වීමට DIMO නිරතුරුවම උත්සහ කරනවා.”

Michelin ටයර් සේවා මධ්‍යස්ථානය,ටයර් අලුත්වැඩියා කිරීම, wheel balancing සහ wheel alignment වැනි වෘත්තීය සේවාවන් සමඟින් Michelin ටයර් මෙන්ම අනෙකුත් සන්නාමගත ටයර් පිරිනමන ස්වාධීන  ටයර් වෙළඳසැල් ජාලයක කොටසකි.තෙල් සහ බැටරි මාරු කිරීම, සවිස්තරාත්මක තිරිංග පරීක්ෂා කිරීම සහ ප්‍රතිස්ථාපනය, සුළු යාන්ත්‍රික අළුත්වැඩියා සේවා වැනි ටයර් නොවන සේවාවන් ද Michelin ටයර් සේවා මධ්‍යස්ථානය  මගින්  පිරිනමයි.

Michelin ටයර් සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන, DIMO දීර්ඝ කාලීන, කීර්තිමත් ව්‍යාපාරික ආයතනවලින් සමන්විත දිවයින පුරා විහිදුනු අලෙවි නියෝජිත ජාලය හරහා යතුරුපැදි, මගී මෝටර් රථ, SUV සහ ට්‍රක් රථ මෙන්ම බස් ටයර් ඇතුළු පුළුල් පරාසයක Michelin ටයර් පිරිනමයි. තවද DIMO විසින් Michelin ටයර් අලෙවියෙන් පසු සේවාවද ලබා දෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *