Sinhala

NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් DIMO වෙතින් TATA LPK 1618 BLASTER ටිපර් රථ මිලදී ගනී

TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන DIMO පෙරළිකාර TATA LPK 1618 4 Cube BLASTER ටිපර් රථ තිහක් NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් වෙත නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි.

NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් යනු අධිවේගී මාර්ග සහ පාලම් සංවර්ධනය සඳහා ඉහළම CIDA ශ්‍රේණිගත කිරීමක් (CS-2) වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත්කාර සමාගමකි.

TATA LPK 1618 BLASTER ටිපර් රථ, BS IV emission ප්‍රමිතීන්ට අනුකූල 5883cc ධාරිතාවයක් ඇති Cummins ISBe 5.9 180 40 එන්ජිමකින් සමන්විත වේ. මෙය දිගුදුර ධාවනය කෙරන රියදුරු මහතුන්ගේ කාර්යක්ෂමතාව විශාල වශයෙන් ඉහළ නංවයි.   විශේෂයෙන්ම රියදුරු මහතුන්ට ඉහළ ඵලදායීතාවයකින් කටයුතු කළ හැකි වායු සමීකරණය කරන ලද ඩ්‍රයිවර් කැබින් එක සහ ඉන්ධන කාර්යක්ෂමතාවය මෙම ටිපර් රථයන්හි අනෙකුත් සුවිශේෂී විශේෂාංග වේ. 

මෙම ටිපර් රථ භාර දිමේ නිල උත්සවයට සහභාගී වෙමින් DIMO සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසයි. “ඉන්දියාවේ වාණිජමය රථවාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන TATA Motors විසින් නිපදනවන LPK 1618 BLASTER ටිපර් රථ ව්‍යාපාරයන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාවයන් වර්ධනය කරගත හැකි ආකාරයේ විශිෂ්ට ටිපර් රථ මාදිලියක් ලෙස මම හඳුන්වන්න කැමතියි.  විශේෂයෙන්ම TATA LPK 1618 BLASTER ටිපර් රථ, එහි දියුණු තාක්‍ෂණය, අවම මෙහෙයුම් සහ නඩත්තු පිරිවැය සමඟ වඩාත් කාර්යක්ෂම ඉදිකිරීම් සහ කැණීම් කර්මාන්ත මෙහෙයුම් ක්‍රියාවලියක් සදහා දායක වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි නිර්මාණය කල LPK 1618 BLASTER ටිපර් රථ රියදුරන් සඳහා අවම වෙහෙසකින්, ඉහළ කාර්යක්ෂමතාවයකින් කටයුතු කිරීමේ හැකියාව ලබා දෙනවා මෙන්ම, මෙම ටිපර් රථ, රියදුරන්ගේ ආරක්ෂාව විශාල ලෙස සහතික කර තියෙනවා.”

DIMO ශ්‍රී ලාංකේය පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන TATA වෙළඳ වාහන මාදිලි පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. මෙම TATA වෙළඳ වාහන මාදිලි පෙළ කුඩා ප්‍රමාණයේ වෙළඳ ට්‍රක් රථ (Small Commercial Trucks) (ටොන් 1 ට අඩු බරක් පැටවීම සඳහා), සින්ගල් කැබ් රථ (single cabs) (පවුලේ හා ව්‍යපාරික කටයුතු සඳහා යොදා ගත හැකි) සැහැල්ලු වෙළෙඳ ට්‍රක් රථ (Light Commercial Trucks (බඳ තට්ටුව අඩි දහයේ සිට 20 දක්වා), අධි බර වෙළඳ වාහන (Heavy Commercial Trucks), ටිපර් රථ‍ (Tippers), ප්‍රයිම් මූවර් රථ හා බස් රථ (ආසන 28 සිට 54 දක්වා) ආදියෙන් සමන්විත වෙයි.

ඉන්දියාවේ TATA Motors සමාගම හා DIMO අතර පවතින ශක්තිමත් සබඳතාවය වසර 61 ක ඉතිහාසයකට උරුකම් කියයි. වර්තමානය වන විට TATA වෙළඳ වාහන, බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ රථ වාහන අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රචලිත සන්නාමය බවට පත් වී ඇත. DIMO – TATA මේ වන විට, 500 කට අධික අලෙවි නියෝජිතයන් පිරිසක් සමග පාරිභෝගිකයින් හට TATA අලෙවිය, සේවය හා නියම අමතර කොටස් මෙන්ම පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවය සපයයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *