Sinhala

සිංගර් විසින් දේශීයව නිෂ්පාදනය කරන ගෘහ භාණ්ඩ සහ වතුර පොම්ප වෙළඳ පොලට නිකුත් කරමින්, රටේ ආර්ථික සංවර්ධනයට දායක වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා, දේශීය පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින්, ඒවා සපුරාලිය හැකි උසස් තත්වයේ ගෘහ භාණ්ඩ සහ වතුර පොම්ප නිෂ්පාදනයේ නිරත වෙමින් සිටින්නේ 1993 වර්ෂයේ සිටය. වසර 27කට වැඩි කාලසීමාවක් පුරාවට, පාරිභෝගිකයා වෙත ලබා දෙන සෑම භාණ්ඩයකම විශිෂ්ට නිමාව සහ ඉහළම ගුණාත්මක භාවය සහතික කරන සිංගර්, සුවහසක් ශ්‍රී ලාංකේය හදවත් ස්පර්ශ කළ විශ්වාසනීය සන්නාමයක් බවට අද වන විට පත්ව තිබේ.

තරඟකාරී වෙළෙඳපොළක් තුළ, සිංගර් අංක එකට ඔසවා තබන ප්‍රබල සාධකයක් වන සිංගර් හි දේශීය නිෂ්පාදන හැකියාවන් අති විශිෂ්ට වනුයේ, පාරිභෝගික අවශ්‍යතා සඳහා ගැළපෙන නිෂ්පාදනයන්, නවතම තාක්ෂණය හා සම්බන්ධ කරමින් නිර්මාණය කිරීමේ හැකියාව හේතුවෙන් ය. සිංගර් හි ගෘහ භාණ්ඩ සහ වතුර පොම්ප ලොව ඉහළම තාක්ෂණය භාවිත කරමින් දේශීයව නිෂ්පාදනය කරන බව පැවසිය යුතු ම කරුණකි.

වර්තමානය වන විට, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සඳහා ම වෙන්වූ, කර්මාන්තශාලා රැසක් සිංගර් විසින් ස්ථාපනය කර ඇති අතර, මේ හරහා ආර්ථිකය පණ ගන්වන, දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සිංගර් විසින් ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. සිංගර් හි පිළියන්දල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාව අක්කර 7ක විශාල භූමී භාගයක පැතිර ඇති අතර, එහි,  කෘෂි භාණ්ඩ  නිෂ්පාදනයන්, සෝෆා, ඇඳන් සහ අල්මාරි  නිෂ්පාදන කිරීම සඳහා කර්මාන්තශාලා ත්‍රිත්වයක් ගොඩ නගා ඇත.

මෙහි නිෂ්පාදන ධාරිතාවයන් පුළුල් කිරීම සඳහා මෙන්ම නවෝත්පාදන දිරිගැන්වීම සඳහා දේශීය සැපයුම්කරුවන් හා පවතින සහයෝගීතාවයන් වර්ධනීය දායකත්වයක් ලබා දෙයි. මෙම කර්මාන්තශාලාව, 168කට අධික ස්ථිර සේවක මණ්ඩලයක්, 80කට අධික කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවක මණ්ඩලයක් සඳහා සහ 140කට අධික උප කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවක මණ්ඩලයක් සඳහා රැකියා සපයා ඇත. තවද, සිය නිපුණතා සංවර්ධනය කර ගනිමින්, දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමට කැමති අභ්‍යාසලාභීන්ට ද මෙම කර්මාන්තශාලාව හරහා පුහුණු අවස්ථා සපයයි.  වක්‍ර රැකියා උත්පාදනය සම්බන්ධයෙන් ගත් කල, දැනට දේශීය සැපයුම්කරුවන් 125 ක පමණ ප්‍රමාණයක්, කර්මාන්ත ශාලාව හා අනුබද්ධව කටයුතු කරන අතර,  ඔවුන් ප්‍රධාන වශයෙන් දැව සහ ජල පොම්ප නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපාංග සපයයි. සිංගර් වෙත අඛණ්ඩව සිය සේවා ලබා දීමේ හැකියාව තුළින්, මෙම සැපයුම්කරුවන් අදවන විට ඔවුන්ගේම ව්‍යාපාරයන් ගොඩ නගා ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා හි කර්මාන්තශාලා අධ්‍යක්ෂ සුජීව පෙරේරා මහතා මෙලෙස පවසා සිටියි. “රටේ වර්තමාන ආර්ථික තත්වය හා සැළකීමේදී, දේශීය නිෂ්පාදන වැඩි වශයෙන් දිරිගැන්විය යුතු කාලයක් දැන් පැමිණ තියෙනවා. දේශීය නිෂ්පාදන සංවර්ධනයේ ප්‍රමුඛයකු ලෙස මම සිංගර් සන්නාමය හඳුන්වන්න කැමතියි. නූතන තාක්ෂනය, ක්‍රමවේදයන් හා උපාංග සංකලනය කරමින් වෙළඳ පොළ වෙත තත්වයෙන් උසස් නිෂ්පාදන තිලිණ කිරීමට සිංගර් හට හැකිවී තියෙනවා. දේශීය නිෂ්පාදන සංවර්ධනය, ඍජු සහ වක්‍ර රැකියා උත්පාදන තුළින් සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් රටේ සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් සිංගර් විසින් ලබා දෙමින් සිටිනවා.”

මෙම කර්මාන්තශාලා තුළ දැනට සේවය කරන සේවක මණ්ඩලය සහ විශ්වසනීය සැපයුම් දාමය ඔස්සේ, වසරකට 150,000කට අධික ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් සහ 84,000කට අධික වතුර පොම්ප ප්‍රමාණයක නිෂ්පාදන හැකියාවක් පවතී. මෙහි නිෂ්පාදන කරන සෝෆා කට්ටල සඳහා ආනයන වෙළඳ පොළ තුලින් ෆැබ්රික් අමුද්‍රවයන් පමණක් මිලදී ගන්න අතර, අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය සහ කොටස් දේශීයව නිෂ්පාදනය කරයි. තවද, වතුර පොම්ප සඳහා දේශීය යකඩ භාවිත කරයි. 

ඉදිරියේදී තවදුරටත් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා නිර්මාණය කරමින්,  ගෘහ භාණ්ඩ සහ කෘෂි නිෂ්පාදන ධාරිතාවයන් පුළුල් කිරීමට කළමනාකාරීත්වය සැලසුම් කර ඇත. තවද, කර්මාන්තශාලා සේවක මණ්ඩලයේ සුභසාධනය උදෙසා සාධාරණ වැටුප් ප්‍රමාණයන් ලබා දෙමින් සේවක ප්‍රතිලාභ සඳහා ආයෝජනය කිරීමට සමාගම ක්‍රියා කරයි.  දේශීය සැපයුම්කරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් ගත් කල,  ඔවුන්ගේ ව්‍යාපාර ආරක්ෂා කර ගනිමින් ඔවුන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගනිමින් රට තුළ දේශීය නිෂ්පාදන සංවර්ධනයට දායක වීමට සිංගර් කැපවෙමින් ක්‍රියා කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *