Sinhala

Varun Beverages Lanka Pvt. Ltd.  විසින් සිය දීර්ඝ කාලීන සේවක මඩුල්ලට  කෘතගුණ දක්වයි.

එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වන Varun Beverages Ltd. හි අනුබද්ධ සමාගමක් වන Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය සමාගම වෙනුවෙන් වසර 25ක් හෝ ඊට වැඩි කාලයක් සිය දායකත්වය සපයන ලද සේවකයින්ට කෘතගුණ දැක්වීම උදෙසා සම්මාන උළෙලක් පසුගියදා ටාජ් සමුද්‍රා හිදී පවත්වන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් Varun Beverages Ltd. හි  මව් සමාගම සහ බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන RJ Corp හි සභාපති රවී කාන්ත් ජයපූරියා මහතා සහභාගී විය. තවද Varun Beverages Lanka Pvt. Ltd. හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දේශබන්දු තිලක් ද සොයිසා මහතාද ආරාධිත අමුත්තෙකු වශයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පැමිණ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර  Varun Beverages India නියෝජනය කරමින් එහි  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මන්මෝහන් පෝල් මහතා, කලාපීය  ප්‍රධාන තාක්ෂණ නිලධාරී භූපින්දර් සිංග් මහතා මෙන්ම කලාපීය  ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රදීප් ගෝයල් මහතා සමගින් Varun Beverages Lanka හි ප්‍රධානී අමිත් ජෝෂි මහතා සහ එහි අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ සභාපති රවී කාන්ත් ජයපූරියා මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රධානී අමිත් ජෝෂි මහතා විසින් සමාගම කෙරෙහි  තම සහෝදර සේවකයන්ගේ කැපවීම සහ පක්ෂපාතිත්වය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදී. එසේම යහපත් ව්‍යාපාර පරිසරයක් පවත්වා ගන්නා අතරම ඉහල කාර්ය සාධනයක් කෙරෙහි අවධානය යොමු කරමින් සිය ගනුදෙනුකරුවන් සඳහා ගෝලීය මට්ටමේ නිෂ්පාදන අඛණ්ඩව සැපයීම උදෙසා සමාගමේ කැපවීම ද ඔවුන් විසින්  මෙහිදී අවධාරණය කරන ලදී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *