Sinhala

ස්වදේශී කොහොඹ අත්තනගල්ල රාජ මහා විහාරය අලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම  ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී සංඝබෝධී නම් බෝධිසත්වයන් වහන්සේ පාරමිතා පුරන ලද ස්ථානයක් ලෙසින් ඓතිහාසිකව පිළිගැනෙන අත්තනගල්ල රජ මහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙරට වංශකතාවල සහ අනෙකුත් පැරණි සාහිත්‍යවලට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රද්ධාවන්තම බෞද්ධ රජු ලෙස  සැළකෙන ඔහු ශ්‍රී සංඝබෝධි රජු (ක්‍රි.ව. 247-249) යන නමින් හැඳින්වේ. ශ්‍රී සංඝබෝධි රජුගෙන් පසුව මෙරට පාලනය භාර ගත් ඔහුගේ සොහොයුරු ගෝඨාභය රජු (ක්‍රි.ව. 249-262) තම සොහොයුරු, බෝධිසත්ව ශ්‍රී සංඝබෝධි මහරහතන් වහන්සේ පාරමී පුරන ලද ස්ථානයේ ස්තූපයක් කරවන ලදී. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම විහාරයට වටදාගෙයක් ඇතුළත් වන අතර අද වන තුරුත් නොවෙනස්ව පවතින ශ්‍රී ලංකාවේ එකම සම්භාව්‍ය වටදාගෙයක් සහිත විහාරය වේ.

මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙසේ සිය  අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. සමාජ වගකීමැති ආයතනයක් ලෙස ස්වදේශී අප ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් සැපයීමට නිරතුරුවම කැප වෙනවා.” ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා උරුමයන් රැක ගැනීමේ වටිනාකම  පිළිබඳව තරුණ පරපුර වෙත දැනුම ද සම්පාදනය කරනවා යනුවෙන් ඇය තවදුරටත් සිය අදහස් දැක්වීය.

ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණිය දිවයින පුරා ආගමික සිද්ධස්ථාන අලෝකමත් කිරීමට සිය අඛණ්ඩ සහයෝගය ලබා දී තිබේ.  අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා, ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ ‘ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම් ඇය විසින් 2013 වසරේ දී අලුත්වැඩියා කරන ලදී.  අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි. 

කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය, දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ මහා දේවාලය,  මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජ මහා විහාරය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, දැරණියගල රජ මහා විහාරය, දඹදෙණිය රජ මහා විහාරය, ගොඩකවෙල සංඛපාලි රජ මහා විහාරය සහ කෑරගල රජ මහා විහාරය යන ඓතිහාසික ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ද ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය – කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව දිදුලන  රාණි සදුන්, නිෂ්පාදනය හා   අලෙවිය සිදු කරයි.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍යය අඩංගුව නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

Photo Caption:

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය සහ ස්වදේශී ජ්‍යේෂ්ඨ කළමණාකාර නිළධාරීන්  ඓතිහාසික අත්තනගල්ල රජ මහා විහාරය ආලෝකමත් කරමින්

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *