Sinhala

DIMO සිය Pre-owned සුඛෝපභෝගී රථ වාහන සඳහා CARPITAL උපදේශන සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන පුරෝගාමියෙකු වන DIMO, සිය DIMO CERTIFIED වෙතින් භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී මෝටර් රථ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් වෙත CARPITAL උපදේශන සේවාව පසුගියදා හඳුන්වාදෙන ලදී. CARPITAL මඟින් ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සිය pre-owned සුඛෝපභෝගී මෝටර් රථ සඳහා නිවැරදි ආයෝජන තීරණයක් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම මේ තුළින්  ලබා දෙයි.

ආනයන සීමා කිරීම් සහ ඉහළ යන වෙළෙඳපොළ  අගය pre-owned සුඛෝපභෝගී මෝටර් රථ   ක්‍ෂේත්‍රයේ විවිධ අභියෝගතා ඇතිකරන අතර CARPITAL මඟින් වාහන මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලිය පුරාවටම, අවදානම් රහිත, 100%ක්  විනිවිදභාවයෙන් යුත් ගනුදෙනු සඳහා අවශ්‍ය විශේෂඥ මගපෙන්වීම් සහ උපදේශන සපයනු ලබයි.

DIMO හි මගී වාහන අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී තරංග ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “Pre-owned සුඛෝපභෝගී වාහන වෙළෙඳපොළ තුළ තීරණ ගැනීමේ අවශ්‍යතාවයට CARPITAL සුවිශේෂී දායකත්වයක් සපයනු ලබනවා. පළපුරුදු සුඛෝපභෝගී වාහන අලෙවි වෘත්තිකයන් වන අපගේ CARPITAL උපදේශකයින්, සුඛෝපභෝගී වාහනවල වෙළඳපළ  වටිනාකම් ඉහළ ගොස් ඇති තීරණාත්මක අවස්ථාවන් හීදී අපගේ පාරිභෝගිකයින්ට pre-owned සුඛෝපභෝගී රථ වාහන සඳහා කරන ආයෝජන වඩාත් වාසිදායක ලෙසත් උපරිම ප්‍රතිලාභ ඇතිවන අයුරින් කිරීමට අවශ්‍ය උපදේශන සේවාවක් ලබා දේ.”

Per-owned  සුඛෝපභෝගී වාහන වෙළෙඳපොළ තුළදී තීරණ ගැනීමේදී සැඟවුණු අලුත්වැඩියා වියදම්, අවිධිමත් නඩත්තු කිරීම් අනාවරණය කර ගැනීම ඉතා වැදගත් වන අතර සඟවන ලද අනතුරු පිලිබඳ තොරතුරු සහ ව්‍යාජ වාහන ලියකියවිලි සම්බන්ධ  නීතිමය ගැටළු වාහන වල ආරක්ෂාවට සහ නැවත විකුණුම් වටිනාකමට බලපෑම් කළ හැකිය.

CARPITAL සතුව ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී සන්නාමයන් වන Mercedes-Benz, Jeep, Audi, BMW, Land Rover සහ Range Rover හි සැබෑ ගැනුම්කරුවන්ගේ පුළුල් දත්ත ගබඩාවකට ප්‍රවේශය පවතින අතර එමඟින් වාහන මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලිය විධිමත් කරයි.

විකුණුම්කරුවන් සඳහා CARPITAL උපදේශකයින් විසින් ඔවුන් සතු සුඛෝපභෝගී වාහනය සඳහා සැබෑ වෙළඳපළ වටිනාකම තක්සේරු කිරීම සහ කාලෝචිත මග පෙන්වීමක් මත ඉහළම මිලක් සපයනු ලබන අත‍ර DIMO හි පුහුණු මෝටර් රථ විශේෂඥයින් විසින් පවත්වනු ලබන තක්සේරු කිරීම් විනිවිදභාවය සහතික කරන අතර අනුමාන කිරීම් ඉවත් කරමින් නිවැරදි තීරණ ගැනීමට විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් බල ගන්වයි. ගනුදෙනුකරුවන්ට පිරිනමනු ලබන සියලුම pre-owned සුඛෝපභෝගී වාහන CARPITAL උපදේශකයින් විසින් තෝරාගන්නා ලද වාහන වන අතර ඒවා සම්පූර්ණයෙන්ම නවීකරණය කර සහතික කළ අලෙවියෙන් පසු සේවා සහ වසරක අසීමිත සැතපුම් වගකීම් සහිතව ලබා දෙනු ලබයි. මෙම සේවාව තුළින් පාරිභෝගිකයින්ට 100% මෝටර් රථ හිමිකාරිත්වය පැවරීම සිදු වේ.

වසර 85 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ Mercedes-Benz, Chrysler සහ Jeep සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO හි විශ්වාසවන්ත සේවාව නිසා පාරිභෝගිකයින්ට උපරිම ප්‍රතිලාභ අත්කර ගත හැක.

දැනට පවතින සුඛෝපභෝගී වාහන හිමියන්ට ප්‍රධාන වශයෙන් සේවා සපයන අතරම, අනාගතයේ දී සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ටද සිය සේවාව සැපයීමට CARPITAL බලාපොරොත්තුවෙන් සිටියි.

ශ්‍රී ලංකාව තුළ පිරිනමනු ලබන විනිවිදභාවයෙන් යුත් සුවිශේෂී සේවාවන් අත්විඳීමට DIMO CERTIFIED හි  CARPITAL   උපදේශකයෙකු හා සම්බන්ධ වන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *