Sinhala

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනෙහි යාපනය වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි.

විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ යාපනය වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 19වන දින සම්මානයට පාත්‍ර විය.  මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ නිපුණතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, ‍‍‍‍‍‍‍Women In Management (WIM) ආයතනය සමග එක්ව පවත්වන ලදී. පූර්ණ ඇගයීම් ක්‍රියාවලියකින් පසු, ඉහළම ප්‍රගතියක් ලබා ඇති ව්‍යවසායිකාවන් සිව් දෙනෙකුට මෙම උත්සවයේදී මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙරට ආර්ථික අර්බුදයේ පීඩනය සෑම දෙනාටම තදින් දැනෙන කාල වකවානුවක, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ නිරත වන්නන්, නිවසේ ආර්ථිකය නගා සිටුවන්නට සවියක් වෙමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට දායක වීමේ කැපී පෙනෙන ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මේ කාලය තුළ ගෘහනියන් සිය පවුලට ශක්තියක් වෙමින් ව්‍යවසායිකාවන් බවට පරිවර්තනය වීම ද කැපී පෙනිණි. සාම්ප්‍රදායික ගෘහනියකගේ භූමිකාවෙන් බැහැරව, මැහුම් ගෙතුම්, ආහාර පාන, අත්කම් නිර්මාණ ආදී තමා සතු දක්ෂතා තුළින්ම පවුලේ ආර්ථිකය සවිමත් කරන්නට කටයුතු කරමින්, ශ්‍රම බලකායේ කොටසක් ලෙස ජාතික ආර්ථිකයට ශක්තිය සැපයීමට ඔවුන් කාන්තා ව්‍යවසායිකාවන් ලෙස ඉදිරි පියවරක් තැබීම ඉතා වටිනා පරිවර්තනයකි.

කාන්තා ව්‍යවසායිකාවන්ගේ මෙම අප්‍රහිත ධෛර්යය පිළිබඳ හොඳින් අවබෝධ කර ගන්නා DIVA, ව්‍යාපාර කිරීම සඳහා ඔවුන් සතු දැනුම, කුසලතා හා හැකියාවන් තවදුරටත් ඔප් නංවා ගැනීමට වෘත්තීමය මාර්ගෝපදේශනය, වෘත්තීය කුසලතා, මූල්‍ය සහයෝගය හා ඩිජිටල් සාක්ෂරතාව සැපයීම අරමුණු කරගනිමින් DIVA දෑතට දිරියක් වැඩසටහන දියත් කරන ලදී. DIVA දෑතට දිරියක්  වැඩසටහන​ ඔස්සේ ව්‍යාපාර ආරම්භය, ඒවා ක්‍රමානුකූලව පවත්වා ගැනීම, අලෙවිය මේ යනාදිය සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීම තුළින් කාන්තා ව්‍යවසායකයන් හට ආත්ම විශ්වාසයෙන් යුතුව තම ව්‍යාපාර සිදු කිරීමට ශක්තියක් වෙයි.

ඇතැම් කාන්තාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක්, දැනුමක් හෝ සහයෝගයක් නොලැබීමේ සංවේදී කාරණය වටහා ගන්නා DIVA, DIVA දෑතට දිරියක් වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ දක්‍ෂ කාන්තා ව්‍යවසායකයින්ට අත්වැලක් සැපයීමට අරමුණු කරයි.

කාන්තාවන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන DIVA දෑතට දිරියක් වැඩසටහනට සහභාගි වන කාන්තාවන් පෙන්නුම් කරන දක්ෂතා හා ප්‍රගතිය නිරීක්ෂණය කර, වැඩසටහන අවසානයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා කාන්තා ව්‍යවසායකයින්ගේ දියුණුව හා ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට මූල්‍ය ත්‍යාග පිරිනමමින් ඔවුන්ව තවදුරටත් දිරිමත් කිරීමට ද  DIVA  අරමුණු කරයි.

මෙසේ යාපනයේ පැවති DIVA දෑතට දිරියක් වැඩසටහන වෙත සහභාගී වූ කාන්තාවන්ගේ හොඳම ව්‍යවසායකත්ව දක්ෂතා හා කුසලතාවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ව්‍යවසායිකාවන් සිව් දෙනෙකුට මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී. ප්‍රථම ස්ථානය ප්‍රභාකරන් කවිසලා (ඕම් මයුර ප්‍රඩක්ට්ස්), දෙවන ස්ථාන දෙකක් ‍ඩීනා ශෂිකුමාර් (එස් ඩී හෑන්ඩ් ක්‍රාෆ්ට්ස්) සහ සජිලා සිවලෝකනාදන් (ලකී මල්ටි ප්‍රඩක්ට්ස්) සහ තෙවන ස්ථානය සිවනේස්වරි සිවනාදන් (රෙහොබාත් ෆුඩ් ප්‍රඩක්ට්ස්) විසින් දිනා ගන්නා ලදී. මෙම ඉතා දක්‍ෂ කාන්තාවන් නිසි ලෙස හඳුනාගෙන සම්මානයට පාත්‍ර කරනු ලැබීය​.

“තොටිල්ල පදවන දෑත ලොව ආණ්ඩු කරවයි ” යන සුප්‍රසිද්ධ කියමනෙන් ඇඟවෙන පරිදි  අනාගත පරපුර පෝෂණය කරන කාන්තාව, රටේ සංවර්ධනය වෙනුවෙන් ද ප්‍රබල දායකත්වයක් සපයයි. නිසි ඇගයීමත්, ආදරය හා රැකවරණයත් ඇය වෙත නිරන්තරයෙන් ලැබිය යුතු බව අප සෑම විටම අවබෝධ කර ගත යුතු ය. DIVA දෑතට දිරියක් වැඩසටහන කාන්තාවන් සතු ශක්තියත්, සැඟ වී ඇති කුසලතා මතු කර ගනිමින් ව්‍යාපාර අවස්ථා සඳහා දොරටු විවර කර දෙමින් අනාගතය ජය ගැනීමට නිරන්තරයෙන් ඔවුන් දිරිමත් හා සවිමත් කරයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *