Sinhala

පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට Varun Beverages Lanka (Pvt) Ltd පෙරමුණ ගනී

Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ ව්‍යාපෘතිය යටතේ පිරිසිදු හරිත අනාගතයක් ගොඩනැඟීමේ අරමුණින් පරිසර හිතකාමී අයුරින් PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී. මෙම වැඩසටනේ මූලික අරමුණ වනුයේ මෙම PET ප්ලාස්ටික් බෝතල් එකතුකිරීම පිළිබඳව මහජනතාව තුළ උනන්දුවක් නිර්මාණය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka (Pvt) Ltd හි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “පිරිසිදු හරිත ලංකාවක් ” ව්‍යාපෘතිය හරහා මෙරට පාරිසරික වගකීම් ආරක්ෂා කරමින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට Varun Beverages Lanka (Pvt) Ltd කැපවීමෙන් කටයුතු කරනවා. මහජනතාව සවිබලගන්වමින් නිවැරදි අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපගේ අරමුණයි.”

PET ප්ලාස්ටික් යනු නිවැරදිව වගකීමක් සහිතව කළමනාකරණය කරන විට වටිනා සම්පතකි. මෙම මුලපිරීමේ මූලික අරමුණ බවට පත්වනුයේ PET ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස එකතුකිරීම සහ බැහැරකිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මහජනතාව තුළ අවබෝධයක් නිර්මාණය කිරීමයි. මෙම PET ප්ලාස්ටික් බෝතල් නිසි පරිදි ප්‍රතිචක්‍රිකරණය කිරීම මඟින් පාරිසරිකමය වශයෙන් ධනාත්මක බලපෑමක් නිර්මාණය කිරීමේ හැකියාව පවතියි. Varun Beverages Lanka (Pvt) Ltd එම වගකීම ඉටුකිරීමේ නැංගුරම බවට පත්වෙමින් සමාජය තුළ යහපත් මතයක් ගොඩනැඟීමට කැපවී සිටියි.

Varun Beverages Lanka (Pvt) Ltd මෙම තිරසාරත්ව වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද විදුලි බලයෙන් ධාවනය වනු ලබන බයිසිකල් හඳුන්වාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. මෙම විදුලි බයිසිකල් පිරිසිදු හා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදෙන අතර අවම විමෝචන අපද්‍රව්‍ය එක්රැස් කිරීම, ප්‍රවර්ධන කිරීම සහ ප්‍රතිචක්‍රිකරණ කර්මාන්තයේ ආර්ථික හැකියාව ශක්තිමත් කිරීම සිදුකරනු ලබයි. තවද, මෙම වැඩසටහන හරහා පුද්ගලයන් සවිබලගන්වමින් PET ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීමේ ස්වයං ව්‍යාපාර පිහිටුවීම උදෙසා දිරිමත් කරනු ලබයි.

Varun Beverages Lanka Pvt Ltd ” පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් ” වැඩසටහන මඟින් PET ප්ලාස්ටික් බෝතල් පිළිබඳව මහජන මතය පරිවර්තනය කිරීමට උත්සහා කරනු ලබයි. එසේම මෙම එක්රැස් කිරීම උදෙසා විදුලි බයිසිකල් භාවිතා කිරීම මඟින් පාරිසරික වගකීම තවදුරටත් ප්‍රවර්ධනය කරනවා පමණක් නොව තිරසාර ප්‍රවාහන ක්‍රමවේදයක් ද සමාජගත කරනු ලබයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *