Sinhala

“ස්වදේශී කොහොඹ” හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ස්වදේශී කර්මාන්තායතනය විසින් කෙයා ට්‍රස්‍ට් ඉන්ටර්නැශනල් පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝග ලබා ගනියි.

දශක අටකට වැඩි කාලයක් පුරා ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් ස්වදේශී කොහොඹ සබන් හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කෙයා ට්‍රස්‍ට් ඉන්ටර්නැශනල් පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝග කිහිපයක් ලබා ගෙන ඇත. මෙම වසරේ මැයි 14 වන දින කොළඹ මහාධිකරණය විසින් මෙම වාරණ නියෝග ලබා දෙන ලදී.

ස්වදේශී කොහොඹ වෙළඳ ලකුණේ සාඩම්බර හිමිකරුවා වන ස්වදේශී කර්මාන්තායතනය,. ශාකසාර සබන්  හා ශාකසාර පුද්ගලික සත්කාර අංශයේ වෙළඳ පොළ ප්‍රමුඛයා ද වේ.

කෙයා ට්‍රස්‍ට් ඉන්ටර්නැශනල් පුද්ගලික සමාගමෙන් ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙසේ වාරණ නියෝග පනවන ලදී.

වසර 80ක් පුරා ශ්‍රී ලාංකේය ජනයාගේ හද දිනූ සන්නාමය වන ස්වදේශී කොහොඹ  ලියාපදිංචි වෙළඳ ලකුණක් මෙන් ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි නිෂ්පාදනයකි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර නිෂ්පාදන වන අතර, ස්වදේශී කොහොඹ   එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට ද පාත්‍ර වී ඇති අතර සමට  සුමුදු බවට ජාත්‍යන්තර විශේෂඥයින් විසින් සහතික කරන ලද එකම වැඩිහිටි ශාකසාර සබන්  හා ශාකසාර පුද්ගලික සත්කාර නිෂ්පාදනය ද වේ. 1941 වසරේ ස්ථාපිත ස්වදේශී කර්මාන්තායතනය ISO 9001: 2015 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලද ආයතනයකි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය හා ආදරය දිනූ, ස්වදේශී කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි ශාකසාර සත්කාර නිෂ්පාදන සඳහා ස්වදේශී කර්මාන්තායතනය ප්‍රසිද්ධ වේ. ස්වදේශී 80 වසරක විශ්වසනීය විශිෂ්ටත්වය සමඟින් ගෝලීය වෙළඳ පොළට පිවිසෙමින් සිටියි.  2023 වසරේ LMD විසින් ඉදිරිපත් කළ Brand Finance විසින් සම්පාදනය කරන ලද පුද්ගලික සනීපාරක්ෂක (සබන්) කාණ්ඩයෙහි වඩාත් ප්‍රිය කරන සන්නාම අතර ස්වදේශී කොහොඹ වේ. 2023, Kantar Worldpanel Sri Lanka volume shares දත්තවලට අනුව, ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සබන් සන්නාමය වේ.

ස්වදේශී කර්මාන්තායතනය තත්වයෙන් උසස් සමට මෘදු සහ සිනිඳු ශාකසාර අමුද්‍රව්‍ය භාවිතා කරමින්, තත්වයෙන් උසස් පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන පෙළක් ඔබට ලබා දෙයි. 

ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්, බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, ස්වදේශී කොහොඹ බොඩි වොෂ් සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  ස්වදේශී විසින් නිෂ්පාදනය කරනු ලබන සියලු නිෂ්පාදන නිර්මාංශ වන අතර සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.

ස්වදේශී කර්මාන්තායතනය වෙනුවෙන් නීතීඥයින් වන ජනාධිපති උපදේශක ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා සමඟින් වසන්තකුමාර් නයිල්ස් මහතා පෙනී සිටි අතර සනත් විජේවර්ධන මහතා විසින් නීතීඥ සහය ලබා දෙන ලදී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *