Sinhala

Anton Griffin Deco Board විවධ වර්ණ රැසකින් යළි වෙළඳපොළට

වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳපොළ ප්‍රමුඛයෙකු වන Anton, St. Anthony’s Industriesහි සාමාජිකයෙකු වන අතර දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්හට නිවාස සහ කාර්යාල අලංකරණය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී නිෂ්පාදන මාලාවක් වන Griffin Deco Boards විවිධ වර්ණ රැසකින් යළි වෙළඳපොළ වෙත හඳුන්වාදීමට ඔවුන් කටයුතු කර ඇත.

St. Anthony’s Industriesහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මේ පිලිබඳ සිය අදහස් ප්‍රකාශ කරමින් “Griffin Deco Board නැවතත් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ගෙන ඒමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. Griffin Deco Boards භාවිත කිරීම ඉතා පහසු අතර අවම පිරිවැයක් සහ ගුණාත්මක නිමාවක් සහිත තිරසාර විසඳුමකි. Griffin, පරිසරයට වන බලපෑම අවම කරමින් නිවාස සහ කාර්යාල අලංකරණය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට සවියක් වන බව අපිට විශ්වාසයි.” පැවසුවේය.

Griffin Deco Boards, සාම්ප්‍රදායික wall tiles වෙනුවට භාවිත කල හැකි ගුණාත්මකම විකල්පය වේ. Celuka ක්‍රියාවලිය භාවිතයෙන් නිෂ්පාදනය කරනමෙම Griffin Deco Boards විශේෂිත ගුණාංග ගණනාවකින් යුක්ත වේ.කෘමීන් සහ ජල ප්‍රතිරෝධී, V-0 Fire Rated සහිත Griffin Deco Boards දිගුකාලයක් භාවිත කළහැක. සවි කිරීමේ සහ පිරිසිදු කිරීමේ පහසුවද පවතී. එය අඩු බරකින් යුක්ත වන අතර භාවිත කිරීම මඟින් කපරාරු කිරීමේ අවශ්‍යතාවයද පැන නොනගී.  Griffin Deco Boards උසස් නිමාවක් ලබාදෙමින් ඉදිකිරීම් පිරිවැය අවම කර විශිෂ්ට වටිනාකමක් ඔබවෙත තිලිණ කරයි. තවද “Customization Beyond Its Limits” යන තේමාවට අනුව, විවිධ මෝස්තර අවශ්‍යතාවලට සරිලන පරිදි Walnut Brown, Oak, Silver Snow, Palm, Veneto Marble සහ Ivory Sand යන ආකර්ෂණීය වර්ණ රැසකින් යළි හඳුන්වාදෙන ලද Griffin Deco Boards දැන් ඔබ වෙත පැමිණේ.

මෙම පුවරු එළිමහන් වෙළඳ ප්‍රචාරණය, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය, ගෘහ අලංකරණය, ඉදිකිරීම් සහ තවත් බොහෝ පරාසයක භාවිතයන් සඳහා පහසුකම් සපයයි. Griffin Deco Boards ඔබේ මීළඟ ව්‍යාපෘතිය සඳහා ගැළපෙනම තේරීම වන අතර ඕනෑම ශිල්ප ක්‍රමයකට අනුව පොදු මෙවලම් යොදාගනිමින් බාධාවකින් තොරව කැපීම, විදීම, පින්තාරු කිරීම සහ සවි කිරීම සඳහා ඉඩ ලබා දේ.

St. Anthony’s Industries Group (Pvt) Ltd, Griffin Deco Board සමඟ නව වෙනස අත්විඳීමට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතර Griffin සමඟින් ඔබේ මීළඟ ව්‍යාපෘතියේ විශිෂ්ටත්වය ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට බලයලත් වෙළඳ මහතෙකු හෝ Anton සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *