Sinhala

රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ  ප්‍රථම  තිරසාර සමුළුව TEEJAY විසින් පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුජාතික රෙදිපිළි නිෂ්පාදකයා වන Teejay සමූහය විසින් මෙරට රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ප්‍රථම තිරසාර සමුළුව පසුගිය දා කොළඹදී පවත්වන ලදී. දේශීය ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි පමණක් නොව පාරිසරික, සමාජීය හා පාලනය (ESG) යන අංශවල තිරසාරභාවය කෙරෙහිද Teejay සිදුකරන මෙහෙවර මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය විය.මෙම සමුළුව තිරසාරභාවය  පිළිබඳ Teejay Groups හි  දැවැන්ත ප්‍රයත්නයේ පළමු පියවර වන අතර රසායනික කළමනාකරණය සහ තිරසාරභාවයේ පුළුල් පැතිකඩ යන කරුණු ද්විත්වය කෙරෙහිම අවධානය යොමුකිරීමේ වැදගත්කම  අවධාරණය කිරීම මුල්  කරගනිමින් මෙය පවත්වන ලදී.

පුරෝගාමී තිරසාර ප්‍රවේශයන් ඔස්සේ දේශීය රෙදිපිළි කර්මාන්තය තුළ නිරන්තරයෙන්  සිය මිණුම් සලකුණු තැබීමට  Teejay සමූහ ව්‍යාපාරයට හැකියාව ලැබී ඇත.කර්මාන්තයේ අනෙකුත් ප්‍රමුඛයන් සමඟ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඔස්සේ Teejay සමූහය විසින් ABHIVARHA 2030 සැලසුමේ දක්වා ඇති තිරසාර ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන් දක්වන කැපවීම තවදුරටත් සවිමත් කරන ලදී.මෙම සුවිශේෂී ප්‍රයත්නයන් මඟින් තරඟකාරී ගෝලීය රෙදිපිළි වෙළෙඳපල තුළ ශ්‍රී ලංකාව සදාචාරාත්මක මූලාශ්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට Teejay දක්වන අඛණ්ඩ උත්සාහය  මැනවින් පිළිබිඹු  වේ.

මෙහිදී,  රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ  තිරසාරභාවයේ වැදගත්කම, තිරසාර රෙදිපිළි කර්මාන්තයේ අනාගතය වෙනුවෙන්  ESG ඒකාබද්ධ කිරීම (දේශගුණික ක්‍රියා), ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ සොයාගැනීම් සහ විනිවිදභාවය, ජාතික ප්‍රතිපත්ති, රෙදිපිළි කර්මාන්තයේ සැලසුම් සහ ක්‍රියාමාර්ග,UN SDG ඉලක්ක වෙත රෙදිපිළි කර්මාන්තයේ ක්‍රමෝපායික ලෙස සූදානම් කිරීම,රෙදිපිළි කර්මාන්තය,  විලාසිතා කර්මාන්ත ක්ෂේත්‍රයේ පාරිභෝගික ඉල්ලීම් සහ අනාගත සන්නාම අවශ්‍යතා, රෙදිපිළි කර්මාන්තයේ රසායනික කළමනාකරණ රාමුව සහ තාක්ෂණය සමඟ විලාසිතා කර්මාන්තයේ  අනාගතය වැනි වැදගත් මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කළේය.  

පාරිසරික බලපෑම අවම කිරීම සඳහා Teejay හි දායකත්වය සහ එහි ප්‍රගතිය වෙනුවෙන් කාබන් සීරෝ සහතිකය පිරිනැමීම මෙම සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් විය. එමෙන්ම මෙහිදී  රෙදිපිළි නිෂ්පාදනයේ කටයුතුවල තිරසාරභාවය  ළඟා කර ගැනීම අරමුණු කරගත් නව්‍ය විසඳුම්, හොඳම යෙදුම් , තාක්‍ෂණය සහ ඩිජිටල්කරණ ක්‍රමවේදයන් පිළිබඳ ද  ප්‍රදර්ශනය කෙරිණි. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආචාර්ය අනිල් ජාසිංහ ඇතුළු සම්භාවනීය විද්වතුන් රැසක් සහභාගී වී සිටියහ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *