Sinhala

Associated Motorways (AMW) සමාගම Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා සිය නවතම AMW Katana ටයර් මාදිලිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ 75 වසරක විශිෂ්ඨතම සන්නාමයක් වන Associated Motorways (AMW) සමාගම ටයර් නිෂ්පාදනයේ නවතම හදුන්වාදීම වන, AMW Katana ටයර් සාඩම්බරයෙන් වෙළෙඳපළට ඉදිරිපත් කරයි. Yamaha යතුරු පැදි සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද AMW Katana ටයර් මාදිලිය, වෙළඳපොලේ පවතින බොහොමයක් අනෙකුත් යතුරුපැදි මාදිලි සඳහාද ඉතා යෝග්‍ය වන අතර 140/60-17, 100/80-17, 90/100-10, and 90 L 100-10 යන මාදිලිවලින් දිවයින පුරා පිහිටි AMW Yamaha අලෙවි නියෝජිතයන්ගෙන් මිල දී ගත හැක.

ශ්‍රී ලංකාවේ මාර්ගවලට වඩාත් උචිත හා ධාවනයට ඉතා සුදුසු වන ලෙස විශේෂ ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කරනු ලබන AMW Katana ටයරය ධාවකයන්ට ඉහළ සුව පහසුවක් ධාවනයේ දී සනාථ කරයි. AMW Katana ටයර්, නිෂ්පාදනයෙන් අනතුරුව ඉහළ තත්ව පරීක්ෂාවකට භාජනය කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමිතියෙන් ඉහළ ආරක්ෂාව සහ කල්පැවැත්ම සහතික කෙරෙන දේශීයව නිෂ්පාදනය කරන ලද අනර්ඝ ටයරයක් වෙළඳපොළට හඳුන්වා දීමට හැකිව තිබේ.

මෙලෙස නවතම AMW Katana ටයර් පෙළ හඳුන්වාදීම නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ දේශීය නිෂ්පාදනවල  විශිෂ්ටත්වය සඳහා AMW සමාගම සතු අසමසම කැපවීම පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වසනීය සන්නාමයක් වශයෙන් වෙළෙඳපොළට තවත් විශිෂ්ට දේශීය නිෂ්පාදනයක් පිරිනැමීමට හැකිවීම පිළිබඳව සමාගම සැබවින්ම ආඩම්බර වෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *