Sinhala

ශ්‍රී ලංකාව ගිගාවොට් 1ක සූර්ය බලශක්ති ධාරිතාවක් කරා ලඟා වීම Huawei විසින් සමරයි

2024 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාවය ලෙස ගිගාවොට් 1ක් (GW) වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට Huawei Sri Lanka ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සමත්ව තිබේ. මෙය සැමරීම වෙනුවෙන් වූ උත්සවයක් 2024 අගෝස්තු 15 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වූ අතර එයට රාජ්‍ය නිලධාරීන් සහ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Huawei Sri Lanka, සිය හවුල්කරුවන් සමඟින් එක්ව මේ සඳහා සියයට 40ක දායකත්වයක් ලබාදී ඇති අතර මෙය විදුලිබල අමාත්‍යාංශයේ “සූර්‍ය බල සංග්‍රාමය” වැඩසටහනට අනුකූලව සිදුකරනු ලබන ව්‍යාපෘතියකි. නේවාසික, වාණිජ සහ ආයතනික ගොඩනැගිලිවල වහලයන් මත කුඩා සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය, ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරන මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA), ලංකා විදුලිබල මණ්ඩලය (CEB), සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO) විසින් අනුග්‍රහය දක්වයි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සභාව ඇමතූ අතර මෙම සන්ධිස්ථානයට හේතු වූ සාමූහික උත්සාහය අගය කළේය. 2025 වන විට මෙගාවොට් 1000ක සූර්ය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ ඉලක්කය රාජ්‍ය, සේවා සපයන්නන්ගේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ දායකත්වය තුළින් ඉතා පහසුවෙන් සිදුකළ හැකි බව ඔහු අවධාරණය කළේය. තවද නව නීති රාමුව අභියෝගවලට විසඳුම් ලබා දී අනාගත බලශක්ති ඉලක්ක සඳහා සහාය වනු ඇතැයි ඔහු කරයි.

ඉදිරියට අභියෝග ඇත, නමුත් එකට එක්ව සිදුකරන නව කාර්යන් සහ සහයෝගීතාවයන් නිසා මෙම ක්‍රියාවලිය ශක්තිමත් වනු ඇතැයි මට විශ්වාසයි. ඉදිරි වසරවලදී සියළුම පාර්ශවකරුවන්ට ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීමට මේ තුළින් අවස්ථාව හිමිවේ.ඔහු පැවසුවේය.

Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze (Zeh) සිය පිළිගැනීමේ කතාවේදී, මෙම විජයග්‍රහණයට ළඟාවීම සඳහා සමාගම සිදුකළ කාර්යභාරය පැහැදිලි කළ අතර, Huawei හි දායකත්වය මුළු ධාරිතාවෙන් සියයට 40 ක් නියෝජනය කරන බවද සඳහන් කළේය. බැටරි ගබඩා කිරීම, PV පාලකයන් සහ අනෙකුත් තාක්ෂණයන් ඇතුළුව සූර්ය බලශක්ති තාක්‍ෂණය දියුණු කිරීම සඳහා සමාගම සිදුකරන අඛණ්ඩ කැපවීම පිළිබඳවද ඔහු විස්තර කළේය.

“Grid-behind battery තාක්ෂණය භාවිතයෙන් අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීමටත් නව සන්ධිස්ථාන කරා ළඟා වීමටත් Huawei අපේක්ෂා කරයි. අපේ මේ  ගමනේදී බලශක්ති ගබඩා පද්ධති, ස්මාර්ට් PV පාලක, EV චාජර් සහ මහා පරිමාණ බලශක්ති ගබඩා විසඳුම් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට අපි පොරොන්දු වී ඇත. ඉතා හොඳින් හිරු එළිය ලැබෙන මෙවැනි රටකට, තිරසාර හා පුනර්ජනනීය බලශක්ති අනාගතයක් උරුම කරදීමට අපි ඉතාමත් කැමැත්තක් දක්වනවා. ඒ වගේම නව්‍යකරණය සහ වර්ධනය දිගටම කරගෙන යෑමට ඔබ සැම ලබාදෙන සහයෝගයට සහ හවුල්කාරිත්වයට ස්තූතියි,” ඔහු පැවසීය. 

මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ Huawei හි බලශක්ති ගබඩා විසඳුම් විකුණුම් දෙපාර්තමේන්තුවේ Smart PV සහ BESS සේවා විසඳුම් අධ්‍යක්ෂ Ussama Rai විසින් ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී. Rai ගේ ඉදිරිපත් කිරීම ජාල නම්‍යශීලී බව, virtual inertia සහ ජාල සැකසීමේ තාක්ෂණයන් මෙන්ම පුනර්ජනනීය බලශක්තියේ ගෝලීය ප්‍රවණතා සහ අභියෝග කෙරෙහි අවධානය යොමු කළේය.

තිරසාර බලශක්ති විසඳුම් ඉදිරියට ගෙන යාමේදී සහයෝගී ප්‍රයත්නවල වැදගත්කම මෙම අවස්ථාවේදී මනාව ඉස්මතු විය. Huawei Sri Lanka ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් සඳහා සහය වීමට සහ රටේ බලශක්ති ඉලක්ක වෙත දායක වීමට කැපවී සිටී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *